කුරුණෑගල නගරාධිපති නඩු මගහරිමින් රටන් පනී..!

වසර ගනනාවක් තිස්සේ යට ගැසීමට උත්සහ කරමින් විවිද පාර්ශව සමග ඩීල් ගසමින් නඩු යට ගසා ගැනීමට අන්තවාදී ක්‍රියා වෙනුවෙන් පවා පෙනිසිටිමින් සිටින කුරුණෑගල කුප්ප නගරාධිපති තුෂාර විතාරණ නඩු මගහරිමින් මීට පැය කිහිපයකට පෙර රටින් පැන ගොස් තිබෙන බව වාර්තාවේ.

කුරුණෑගල නගරාධිපතිට එරෙහි නඩුවක් ජූලි 25 වනදා කුරුණෑගල මහා අධිකරණයේ කැදවීමට නියමිතව තිබියදි විත්ති කරු අත්අඩංගුවට පත්වීම මග හරවා ගැනිමට මෙසේ රටින් පැන ගොස් ඇත.ඔහු මෙලෙස් පිටත් වීමට සැලසුම් කර ඇත්තේ නඩුවට කලින් දිනයේ උවත් DIG ගේ කටින් සැලසුම හෙළිදරව් වීම හේතුවෙන් නගරාධිපති තුෂාර විතාරණගේ රටින් පිටවිම ඉක්මන් කර මෙසේ පැනගොස් තිබෙන බව පැවසේ.

අද දින අප විසින් අනාවරණය කර සිටියේ ජූලි 25 වනදා කාන්තාවන් 4000ක් වඳ කළ බවට පදනම් විරහිත චොදනා එල්ල කර සිටින වෛද්‍ය සහබ්දීන් සාෆිට එරෙහි නඩුව ද කැදවන බවත් එදින විශාල උද්ඝොෂණයක් සැලසුම් කර ඇත්තේ කුරුණෑගල නගරාධිපති තුෂාර විතාරණ විසින් බවයි.

ඒ අනුව එම පුවත දුටු රජයේ වගකිව යුතු අමාත්‍ය වරයකු කුරුණෑගල බාරව සිටින ගෑනු වඳ කිරීමේ සිද්ධිය දිවයින පුවත්පතට ලබා දුන්නා යැයි කියන DIG වරයා අමතා විමසා ඇත්තේ ජූලී 25 වනදා කුරුණෑගල මහෙස්ත්‍රාත් අධිකරණය අසල උද්ඝොෂණයක් සැල සුම් කර ඇති බව දන්නවද කියාය.

එවිට එම DIG විසින් ප්‍රකාශ කර ඇත්තේ “ඔව් සර් බුද්ධි තොරතුරු ලැබුනා ඒ පිළිබඳව කටයුතු කරන බවත් එය සැලසුම් කර තිබෙන්නේ කුරුණෑගල නගරාධිපති තුෂාර විතාරණ විසින් බවත් තුෂාර විතාරණ හෙට රට යන බවත් DIG විසින් එම අමාත්‍යවරයා හට ප්‍රකාශ කර ඇත.එවිට එම අමාත්‍යවරයා විමසා ඇත්තේ අනිද්දා නගරාධිපති තුෂාර විතාරණගේ නඩුව තියෙනවා එයා කොහොමද රට යන්නේ කියාය.

මෙම දෙබස් තුලින් ඔබට පැහැදිලි වනු ඇත. කුරුණෑගල නීතිය ක්‍රියාත්මක කරන්නන් සහ අධිකරණය නැවෙන්නේ කෙසේද කාගේ අනුහසින්ද කියා. පසුගියදා මාධ්‍ය වාර්තා කලේ කුරුණෑගල මහෙස්ත්‍රාත් ලබදීයාවට වැඩ කරන බවත් එම මහෙස්ත්‍රාත් වරයාගේ ක්‍රියා කලාපය ගැන පරික්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා ඇති බවත් ය.

නඩු භාණ්ඩ මීයන් කන කුරුණෑගල.! විත්ති කරුවකු නඩුව මග හරිමින් රට පනින බව දැන දැනත් කුරුණෑගල බාරව සිටින DIG වරයා නිහඩ වීම ඉතාම නින්ඩිත ක්‍රියාවකී.ලංකාවේ නීතිය සාධාරණය තිබෙන්නේ කොතැනද..? ජනාධිපති, අගමැති ඇතුලු ඇම්බැට්ටයන් සියලු දෙනාම කියන්නේ නීතිය කාටත් එකයි අධිකරණය ස්වාධීනයි කියාය.එහෙත් දේශපාලන බල පුලුවම් කාර කම් වලට ඩීල් වලට නීතිය නැවෙන හැටි කුරුණෑගලින් ඔනෑ තරම් වාර්තා වීය. මැතකදී ජොන්ස්ටන් ප්‍රනාන්දු සියලු චොදනා වලින් නිදොස්කොට නිදහස් ඌයේ කාගේ අනු හසින්ද..? එසේම නගරාධිපති තුෂාර විතාරණ ගැන අප මාධ්‍ය අංශය විටින් විට පෙන්වා දන්නද ජනාධිපති සිරිසේනගේ අනුහසින් වංචා කාර තක්කඩීයන් තවමත් යහමින් වැජබේ.

පොලිසියේ වගකිව යුතු නිලධාරින් විත්ති කරුවකු නඩුවට කලින් රටින් පනින කම් බලා සිටින්නට තරම් නීතිය පිරිහී ඇත, එසේ නොමැති නම් මෙම තක්කඩී නීතියේ ඇති හිල් වලින් රිංගා යනවා විය හැකිය. යහපත් සමාජයක් උදේසා මෙවැනී නින්ඩිත ක්‍රියා අවසන් කර මොකා උවද මැතිවරණයට ඉදිරිපත් වීම සුදුසු වනු ඇත නැති නම් ජනතාව නිසි පිළිතුරු ලබා දෙණු ඇත.

කෙසේ හො කුරුණෑගල නගරාධිපති තුෂාර විතාරණ නඩුවත් මග හරිමින් රටින් පිට වන්නේ ජුලි 25 වනදා කුරුණෑගල නගරයේ යලිත් වතාවක් අන්තවාදී ක්‍රියා ඇති කිරිමට සියල්ල සුදානම් කල පසුවයි.එසෙ නම් මෙවැනි තක්කඩි අන්තවාදී නගරාධිපතිලාට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවී කෙටි කතාවක් ලියු ශක්තික සත්කුමාර වැනි අදහස් ප්‍රකාශ කරන්නන් හට පමනක් නීතිය ක්‍රියාත්මක වීම විහිලු සහගතය. බැලු බැල්මටම ශක්තික සත්කුමාර නිදහස් නොකරන්නේ දෙශපාලන වාසියක් ලබා ගැනිමට බව පැහැදිලිවම පෙනේන අතරම තවත් පැත්තකකින් දේශපාලන බලපුලුවන් කාරකම් මගින් හොරු තක්කඩි වෙනුවෙන් නීතිය නැවෙන අකාරයද පැහදිලිවම පෙනේන්නට තිබේ.

badusure.lk

Leave a Reply

Your email address will not be published. Required fields are marked *