සාෆ්ගේ පිහිටෙන් පිම්ඹෙන කුරුණෑගල නගරාධිපති

කුරුණෑගල කාන්තාවන් 4000 වඳ කල බවට පදනම් විරහිත චොදනා කරමින් තවමත් තවමත් නිකරුනේ බන්ධනාගාර කර සිටින වෛද්‍ය සහබ්දීන් සාෆිගේ නඩුව ජූලි 25 වනදා නැවත් විභගයට ගැනිමට නියමිත බව වාර්තාවේ.

කුරුණෑගල නගරාධිපති තවත් විජ්ජුම්බරයක් සුදානම් කරමින් සිටින බව අප වෙත වාර්තාවේ. එයට සැලසුම් සකස්කර ඇත්තේ පසුගිය සෙනසුරාදා බව වැඩි දුරටත් සදහන්.එදිම කුරුණෑගල නගරාධිපති තුෂාර විතාරණගේ නඩුවක්ද කුරුණෑගල මහෙස්ත්‍රාත් අධිකරණයේ විභාග වීමට ද නියමිතව ඇත.

වෛද්‍ය සාෆිගේ නඩුව විභාගයට ගන්නා දිනයේ (ජූලි 25) මහෙස්ත්‍රාත් අධිකරණය භූමියට මිටර් 25ක් දුරින් පිහිටි කුරුණෑගල ඉම්පිරියල් සිනමා ශාලාව අසල විශාල උද්ඝොෂණයක් පැවැත්වීමට සුදානම් කරන බව වාර්තා වේ.

එම උද්ඝොෂණය සැලසුම් කරන්නේ කුරුණෑගල නගරාධිපති තුෂාර විතාරණ බව වැඩි දුරටත් සදහන්.මේ වන විට පොදුජන පෙරමුණට හිතවත් පිරිස්,අන්තවාදී ඝනගෙඩියන් , ක්‍රිඩා සමාජ , අගතියට පත් වූ බව කියන්නට විශාල කාන්තාවන් පිරිසක්ද මෙම උද්ඝොෂණය සදහා සහභාගී වන ලෙස කුරුණෑගල නගරාධිපති තුෂාර විතාරණ දැනුම් දී තිබේ.

කෙසේ හෝ මෙදින වෛද්‍ය සෆිව මහෙස්ත්‍රාත් අධිකරණයට වෙනත් දොරටුවකින් ගෙන ඒමට කටයුතු යොදා ඇති බව අපවෙත වාර්තාවේ.

සාෆිගේ පිහිටෙන් තුෂාර ඩබල් ගේම්

පොහොට්ටු පක්ෂයේ උදවිය කියු සැනින් මනසට එන්නේ ඔක්කොම හොරු සහ තක්කඩි ඉන්න පක්ෂය කියාය.එය තවත් සනාථ කරමින් ජුලි 25 වනදා විභාග වීමට නියමිත් පුද්ගලයකු පැහැර ගෙන ගොස් පිස්තෝල පෙන්නා බිය වද්දපු සිද්දිය සම්බන්ධ (පිස්තොල)නගරාධිපති තුෂාර විතාරණ හට එල්ලවී ඇති නඩුව මගින් සනාත වේ.

මෙදින නඩු විභාගයේදී කුරුණෑගල නගරාධිපති තුෂාර විතාරණ බන්ධනාගාර ගත කර නඩුව විභාග කිරිමට නියමිතව ඇති බව විශ්වාස කටයුතු ආරංචී මාර්ග සදහන් කරයි.

එම හේතුව නිසාවෙන් සාෆිගේ මුවාවෙන් ජනතාව ගෙන්වා උද්ඝොෂණයක් සැල්සුම් කර ඇත්තේ වෙනත් යටි අරමුණක් ඇතිව බවත් එක ගලකින් කුරුල්ලො දෙන්නෙක් බාගැනීම සදහා බවත් විස්වාස කටයුතු ආරංචී මාර්ග සදන කරයි.

එදිනට සාෆිට විරුද්දව කෙරෙන උද්ඝොෂණය අවසානයේ තුෂාර විතාරණ අත්අඩංගුවට ගැනිම නිසා වෙනත් කලහාකාරි මවතකට හැරවික්මට මේ වන විට නගරාධිපති තුෂාර විතාරණ සියල්ල සුදානම් කර ඇති බව කුරුණෑගලින් වාර්තාවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *