ගැහැණියට ඇවැසි ඔබේ කාලය ආදරය පමණි – 05

ගැහැණිය අහස වැනියැයි කලකට පෙර කවියන්, පවසා ඇත.එය නිවරදියි මටද සිතේ.එ ගැහැණිය සැමවිටම අන් කිසිවක් බලාපොරොත්තු නොව් තමන් ළග සිටින දරැවා සැමියා, හිතවත් අය වෙනුවෙන් තමා සතු හැමදෙම ලබා දි.බෙදා දි.තමාට කිසිවක් ඉතිරැ කර නොගෙන මහත් කැපවිමක් කරයි.අහසත් අපිට වැස්ස .ඉර අවිව, සදහි සිසිලස ආදි බොහො දෙ ලබා දෙයි.එහෙත් වැස්ස වැඩි වුවත් අඩු වුවත් හැමදේකටම මිනිස්සුන් දොස් කියයි…

“ගැහැණිය සැබැවින්ම අදහස් කරන්නේ කුමක්දැයි දැන ගැනිමට, ඇය තෙරැමි ගැනිමට ඇය කියන දේයට
සවන් දි තෙරැමි ගත නොහකි බවත් ඇය තෙරැමි ගැනිමට ඇය දෙස බලන්න යැයි ” වරක් ඔෂෝ කියා ඇත.

කාන්තාවට අතිතයක් තියෙනවා .එය සමහර අයට සොදුරුද තවත් කෙනකුට. අදුරැද විය හැකියි.එය එකිනෙකා අනුව වෙනස් වෙයි.කෙසේවුවත් එය අමතක නොවේන මතකයන්..ගැහැණියගේ හද පුරා සක්මන් කරනවා.

අද ඔබ ළග ඉන්න මිතුරිය , අමිමා, නැන්දා , අසල්වැසි කාන්තාව, ඔබේ සහයිකාව,වෙළදසැලක බඩු විකුණන කන්තාව.පෙමිවතිය.දුව, මිත්තනිය මොන තරම් මානසික පිඩාවකින් ඉන්නවද පිඩා විදිනවද කියල ඔබට තෙරෙන්නෙ නැති වෙන්න පුළුවන් .මොකද ඇය බොහොම පිළිවෙලට ඇදල ලස්සනට හිනාවෙලා ඉන්න කෙනෙක් වෙන්න පුළුවන් .

එත් ඇය අතිතයේ නපුරු දෙමාපියන් ළග පිඩාවට පත්වුන කෙනෙක් වෙන්න පුළුවන් .නිතිරිති දහසක් මැද හැදුන වැඩුණු තැනැත්තියක්, අපයොජනයට ලක්වුනු,අකාරැණික ආදර සමිබන්ධයකින් හිත රිදුන.දෙමාපියන් නැතිව හැදුනු වැඩුන.නැදැයින් , අසල්වැසියන් ගෙන් නින්දා අපහාස ලැබුන.මත්දව්‍ය වලට ඇබ්බැහි වුන.නොයකුත් තර්ජන මැද බැක්මේල් වෙන, ආර්ථික ගැටළු.දික්කාසදය වැනි නොයකුත් ප්‍රශ්න මැද පිඩාවට පත් වී.අයාසයෙන් ඉදිරියට ආපු දිරියෙන් නැගි සිටින්නියක් වෙන්න පුළුවන් .

මොනතරමි පිඩාවට පත් වුවත් ඇය එක අතකින් කදුලු පිසින ගමන් හිනාවෙන්න පුළුවන් හැකියාව නිසා.ලස්සනට හිනාවෙලා ඉන්න පුළුවන් .කාන්තාවගේ සැබැ ශක්තිය මතු වෙන්නෙ ඇත්තටම ඇය වැටුන පසුවයි.නැගිසිටින්න ඉදිරි බලාපොරොත්තු ඉටු කරගත යුතු බවට සිතට වැඩිපුර දැනෙන්නෙ.අතිතයේ කරදර වේදනා විදවමින් එවා යටපත් කරගනිමින් ඇය ඉදිරියට පියවර තබනවා.ඇයත් සමගම අතිත මතක ඇය පසුපසම ගමන් කරනවා.එවා අමතක කරමින් බර ශක්තිමත් පියවර තබමින් ඇයගේ ගමන ඇය යනවා.ගැහැණිය මොනතරම් ශක්තිමත්ද..එ ශක්තිය ඇයට ලැ⁣බේන්නෙ ඇය ගේ බලාපොරොත්තු සියල්ලම නැතිවුන මොහොතකදි වෙන්න පුළුවන් .

ගැහැණියට අවශ්‍ය තමා තමා විමට මිස අන් කෙනකු විමට නොවෙයි.ඇයට එ ගමන යාමට ඉඩ දෙන්න , නිදහස දෙන්න .සමහර විට ඇය ඔබේ කවරේකු හො විමට පුළුවන් .මිතුරිය.පෙමිවතිය, බිරිද , ඔබේ ගණුදෙනු කාරියක්, කාර්යාලයේ. සේවිකාවක්, කවුරැ හො විය හැකියි.

එ නිසා ඇයගේ අතිතයෙන් ඇය මනින්නට එපා.නිතර ඇයට එවා මතක් කර දෙන්න එපා.ඇයට ලස්සන ජිවිතයක් තෑගි කරන්න ඔබට පුළුවන් .ඔබේ කාරැණික වචනයකට. බැල්මකින් ඇයට දිරියක් දෙන්න කාරැණික වන්න.ඔබේන් තෑගි මිල මුදල් ඇය බලාපොරොත්තු නොවෙන්න පුළුවන් .ඇයට ඇවැසි ඔ⁣බේ ආදරය කරැණාව පමනයි.

ලෝකයම ඇයට එරේහිවන මොහොතක ඇයගේ අත අල්වා ගන්න .ඇයට නැගිසිටිමට ශක්තිමත් අත් වාරැවක් වන්න.ආදරයෙන් වචනයක් කියන්න .හිස අතගාන්න කාරැණිකව.ඇය ළග ඉන්න කාරැණික මිතුරියක් මිතුරේක්, සැමියෙක් ලෙස.ගුරැවරයෙක් ලෙස .සහොදරයෙක් සොහොයුරියක් ඇයට අත දෙන්න .ඉදිරියට යන්නට ඉඩ දි ඔබ බලා ඉන්න.ඇයට ඔබෙි රැකවරණය ඇවැසි මොහොත මේ මොහොත වෙන්න පුළුවන් ..

..ස්වර්ණමාලි …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *