මංගල අද මාතරදී කෙලියක් කරයිද ?

එළඹෙන ජනාධිපතිවරණයට සජිත් ප්‍රේමදාස නම් කිරීම අද ( 07) මාතර දී සිදුකිරීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කොට සිටී. මංගල සමරවීරගේ දෙශපාලන දිවියට 30 වසරක් සම්පූර්ණ වන අද දින දේශපාලනයේ දශක තුනක මංගල සමරවීර නම් කෘතිය එළිදැක්වීමේ උත්සවයක් මාතරදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.
පසුගිය සති කිහිපයක සිට විවිධ ස්ථානයන්හි රහසේ මෙන්ම එළිපිටද නොයෙක් සාකච්ඡා පවත්වමින් මීලග ජනාධිපතිවරයා සජිත් ප්‍රේමදාස බව වන තහවුරුවන් සකසා ගැනීමට මේ පිරිස කටයුතු කළ අතර ඒ අනුව මංගල සමරවීර විසින් ඊට අදාළ කටයුතු පිළියෙල කළ බව ආරංචි මාර්ග සදහන් කොට සිටියේය. කොළඹ ප්‍රසිද්ධ හෝටලයක පැවැති සාකච්ඡාවකදී මේ සම්බන්ධයෙන් වන අවසන් තීන්දුව ගත් බවට වන තොරතුර විවිධ මාධ්‍ය වාර්තා කර තිබූ අතර එය සත්‍යයක් බව පසුගියදා මංගල සමරවීර විසින් දිනිය හැකි නායකයා සජිත් බවට වන ප්‍රකාශයෙන් හෙළි දරව් කර සිටියේය.
සජිත් ජනාධිපති කිරීමේ සැලසුම පිට පස වන අනෙක් කරුණ වන්නේ 19 වන ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයෙකුට පැවරෙන බලතල ඉතා සීමිත බවත් ඒ අනුව අගමැතිවරයා කවරෙක්ද යන්න සම්බන්ධයෙන් වන ප්‍රශ්නය මෙහිදී මතුව එයි . ඔහු එජාපයේ මෙන්ම ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ කවරෙකුද යන්න හෝ මේ වන විට දේශපාලනයේ නම් තැබීම් අනුව පරිනත දේශපාලනය හා අත්දැකීම් අනුව ඔහු නාමකරණය අනුව තීරණය වනු ඇත. එසේ නම් මංගල සමරවීර අද මාතරදී සිදුකරන හෙළිදරව්ව ජනාධිපති වරයා කවරෙක්ද වන සේම අගමැතිවරයා කවරෙක්ද යන්න සම්බන්ධයෙන් ඉඟි කිරීමක්ද ඇතුලත් වනු ඇත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *