ඇවන්ගාඩ් අධිපති නිශ්ශංක සේනාධිපති අත්අඩංගුවට ගැනීමට නීතිපතිවරයාගෙන් උපදෙස්…!

සිරිසේනව 2020 ජනාධිපති කීරිමේ අලුත්ම සැලැම සටහනක් පාස්කු ප්‍රහාරයෙන් පසු දියත් වී තිබේ.පස්කු ප්‍රහාරය නැවැත්වීමට උත්සහ නොකර අහින්සක ජනජීවිත බිලි දුන්නේ ඒ හරහා 2020 ජනාධිපතිවරණයට වාසි ලබා ගැනීමට සැලසුමක් ඇති බව දැන් පැහැදිලි වේ.

ඒ අනුව ජනාධිපති සිරිසේනගේ කොන්ත්‍රාත් සදහා බන්ධනාගාරයේ ඇතුලත සිටින අයට ජනාධිපති සමාව ලබා දී එළියට ගැනීමද සිදු වෙමින් තිබේ. එමෙන්ම සහය ලබා දීමට අකමැති උදවිය බන්ධනාගාර ගත කිරිමද සිදුවේ.ඒ අනුව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා සහ අනිවාර්යය නිවාඩු යවා තිබේන පොලිස්පති පූජිත ජයසුන්දර මෙසේ බන්ධනාගාර ගත කරන අය අතරසිටී.

සිරිසෙනගෙ ඊළඟ දඩයම ගොඨාභය රාජපක්ෂ මෙල්ල කිරිම බව දැන් පැහැදිලි වෙමින් තිබේ.ඒ අනුව කුරුමානම ගොඨාභය රාජපක්ෂ දෙසට එල්ල වෙමින් තිබේ.

ඒ අනුව මෙම ඇවන්ගාඩ් සිද්දිය සම්බන්ධයෙන් නඩු කටයුතු සිදුවෙමින් තිබෙන අතර පසුගිය දා එම නඩු කටුයුතු අතර තුර ගොඨාභය රාජපක්ෂ මහතාව අත්අඩංගුවට ගැනිමට යන බවට තොරතුරු ලැබිම හෙතුවෙන් ගොඨාභය රාජපක්ෂ මහතා විසින් ඔහුව අත්අඩංගුවට නොගන්නා ලෙස අධිකරණයෙන් ඉලොඉමක් ද සිදු කලේය.

ලැබෙන තොරතුරු අනුව ඇවන්ගාඩ් සිද්ධියට අදාළව ඇවන්ගාඩ් සමාගමේ සභාපති, නිශ්ශංක සේනාධිපති ඇතුළු 08 දෙනෙකු වහාම අත්අඩංගුවට ගන්නැයි නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට දන්වා ඇතැයි නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරීනි, රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න ප්‍රකාශ කර ඇත.

ඇවන්ගාඩ් සමාගමට පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට අවසර ලබාදීම හේතුවෙන් රජයට රුපියල් කෝටි 1140 ක පාඩුවක් කළේ යැයි චෝදනා කරමිනුයි මීට අදාළ නඩුව පවරා ඇත්තේ.

මෙම සිදුවීම පිළිබඳව චොදනා එල්ල වන්නේ යහපාලන ආණ්ඩුව බලයට ඒමත් සමග රාජපක්ෂලාගේ තවත් මගඩියක් ලෙස හංවඩු ගසමින් යහපාලන ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍ය දුර දැරු රාජිත සේනාරත්න සහ පාඨලී චම්පික රණවක ගේ බලපෑම මතය.

එසේ බලපෑම් කරන මෙම අමාත්‍ය වරු පසුගිය රාජපක්ෂ රජයේ අමාත්‍ය දූර දරණ සමයේදී ද මෙම ඇවන්ගාඩ් මුහුදු ආරක්ෂක කටයුතු එම සමාගම සිදු කරගෙන ගියේය එහෙත් එවක මෙම අමාත්‍ය වරු කිසිදු වචනයක් වත් කීවේ නැත.

කඩේ පිලේ කතා වන විට ඇසුනු කතාව අනුව නම් ඉතා විශාල ආදායම් ලබන එම ඇවන්ගාඩ් ව්‍යාපාරය රාජිත සේනාරත්න සහ පාඨලී චම්පික යන අමාත්‍ය වරු විසින් ඩැහැ ගැනීම උදේසා යහපාලනය පැමිනිමත් සමග මෙලෙස ඇවන්ගාඩ් ආයතනයට චොදනා එල්ල කිරිමට කටයුතු කල බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *