මම මරණ දණ්ඩනයට විරුද්ධයි.!! – සජිත් පුෂ්පකුමාර

ඒක කලින් විවිධ අවස්ථාවල අපරාධ සිදුවුන තැන් වලදි එල්ලුම් ගහ ගේන්න ඕන කියල අඬාගෙන කෑගහල මේ දැන් විතරක් එල්ලුම් ගහට විරුද්ධයි කියන සමහරුන්ගෙ වගේ අනේ හුකේ නන්නානේ ටයිප් එකේ විරුද්ධත්වයක් නෙවෙයි.

සේයාගේ ඝාතනය ඇතුලු පහුගිය කාලෙ සිද්ධවුන ස්ත්‍රී දූෂන, මිනීමැරුම්, හෙරොයින්, ආදී අපරාධ ගනනාවකදි අනික් හැමෝම මරණ දඬුවම ගේමු කියල කෑගහන වෙලාවෙත් තිබුනු නොවෙනස් විරුද්ධත්වයක්.

මොකද රටක අපරාධ අඩු කරන්න එල්ලුම්ගහට පුලුවන්නම් ඇමරිකාව වගේ වර්තමානයේදි නීතියේ සාධාරනත්වය උපරිමයෙන්ම තියෙන රටවලත් අපරාධ අඩු වෙන්න ඕන. මෙක්සිකෝවේ මත්ද්‍රව්‍ය ජාවාරම් මේ වෙද්දි සුන්නද්ධූලි වෙලා තියෙන්න ඕන.

මම එදත් කියන්නේ, අදත් කියන්නේ අපරාධකරුවන් යනු ඇස, කණ, නාසය, දිව, සම මනස කියන අවයව වලින් හැදුනු මිනිස්සු. මේ මිනිස්සු කවුරුත් පොඩි කාලෙදි “මම අපරාධකාරයෙක් වෙමි” කියල බලාපොරොත්තුවකින් ඒකට ප්‍රැක්ටිස් වෙලා අපරාධකාරයෝ වෙන්නේ නෑ.

මේ ලෝකයට බිහිවන සාමාන්‍ය මනුස්සයෙක්ට අත්දකින්න ලැබෙන අත්දැකීම් එක්ක ඒ මිනිහා මේ සමාජයට ආදරය කරන්න හෝ වෛර කරන්න පෙලඹෙනවා. ඔහු සමාජයට නිකම්ම වෛර කරන්නේ නෑ. ඔහු සමාජයට නිකම්ම ආදරය කරන්නෙත් නෑ. ඒ දෙකටම හේතුවක් තියෙනවා. ඒ තමා සමාජය ඒ මනුස්සයාට සලකන විදිය.

සමාජය විසින් අලුත උපදින දරුවෙක්ට සලකන්නේ ඔහුව අපරාධකරුවෙක් බවට පත්වෙන විදියටනම් ඔහු අපරාධකරුවෙක් බවට පත්වෙන එකේ වගකීම ගන්නත් ඕන සමාජය විසින්.

ඉතිං ඔබ, මම ජිවත්වෙන මේ සමාජය දිනපතා අපරාධකරුවන්ව බිහිකරනවා. ඒ නිසා ඒ බිහිවන අපරාධකරුවන්ට මරණ දඬුවම දුන්නම ඔබ හිතනවානම් අපරාධ අඩුවෙනවා කියලා ඔබට වැරදිලා..ඒ වෙනුවට ඒ මැරෙන අයගේ තැන ගන්න අලුත් අපරාධකරුවන් දාහක් දෙනා ඔබ සහ මම මේ ජීවත්වෙන සමාජය විසින්ම බිහිකරනවා. මේක මේ පාදඩ සමාජ ක්‍රමය වෙනස් වෙනකම්ම නොනවතින ක්‍රියාවලියක්.

අද ඔබ කියයි “කුඩු කාරයොන්ව මරන්න ඕන කියල” “ස්ත්‍රී දූෂකයන්ව මරන්න ඕන කියල” හැබැයි හෙට කෙනෙක්ට පුලුවන් ඔබේ ගමන් මල්ලට හෙරොයින් පැකට් එකක් දාල ඔබ ගැන ඔත්තුවක් පොලීසියට දීලා ඔබව නොකල වරදකට අහු කරන්න. ඒ වගේම කාටහරි පුලුවන් ස්ත්‍රී දූෂනයක් වෙච්ච වෙලාවක ඔබේ ලැප්ටොප් එකේ නිරුවත් ඡායාරූපයක් තිබුන නිසා ඔබව ඒ ස්ත්‍රී දූෂනයට සැකකාරයෙක් විදියට අත්අඩංගුවට ගන්න.

ඒ වගේම මේ රටේ තියෙන මාධ්‍ය වලට පුලුවන් ඔබේ ඡායාරූප ප්‍රසිද්ධ කරල ඔබ ස්ත්‍රී දූෂකයෙක්, කුඩු කාරයෙක් කියලා මුලු රටටම පෙන්වන්න.

ඊට පස්සෙ ලයික් වලට ලැට් පෝච්චිය උනත් ලෙවකන මේ රටේ ඉන්න අවලං පේජ් කාරයන්ට පුලුවන්

“මෙන්න මූ තමා අර සහගහන අපරාධෙ කරපු දූෂකයා,මූට හෙන ගහන්න කියල ෂෙයා කරන්න..!!”

කියල පෝස්ට් එකක් දාල එයාලගෙ හිඟන පේජ් වල රීච් එක වැඩිකරගන්න.

එතකොට වැලේ වැල් නැතුව ඉන්න සමාජෙ කිසිම අවධානයක් නොලැබුන “සමහරක් ෆේස්බුක් කවිකාරයොන්ට” පුලුවන් ඔබේ පිංතූර වලට අර ලොන්ත කවි නිසඳැස් ලියල ලයික් බලල ස්වයංවින්දනයක් ගන්න.

ඉතිං යම් හෙයකින් ඔබ අධිකරනයෙන් නිදහස් උනොත් අර ඔබට කලින් කවි ලියපු, ප්‍රවෘත්ති කියපු මාධ්‍ය, පේජ් හිඟන්නො, ලොන්ත කවිකාරයො ඔබේ නිදොස්භාවය වෙනුවෙන් ඉදිරිපත් වෙයිද.??

මේ වෙනකම් එහෙම වෙලා නෑ..!!

මේ නිසා එහෙම මනුස්සයෙක් නීතියෙන් සාධාරනත්වයක් ලැබුවත්, එතනින් බිහිවෙන්නෙ මේ මුලු සමාජයටම වෛර කරන මිනිහෙක්. අන්න එහෙමයි මේ සමාජයෙන් අපරාධකරුවන්ව බිහිකරන්නෙ.

ඒ නිසා මේ සමාජ ක්‍රමය ඇතුලේ ඔබ සුරක්ෂිත නෑ.. මේ සමාජ ක්‍රමය කොයිතරම් දරුණුයිද කියනවානම් අපිට බයක් නැතුව බස් එකක යන්න බෑ.. මොකද ඔබගාව ඉඳගෙන ඉන්න ස්ත්‍රියකට පුලුවන් ඔබ අතින් වැරදීමකින් ඇගේ ඇඟේ හැප්පුන වෙලාවක ඡායාරූපයක් අරන් ෆේස්බුක් එකට දාල ඔබව අසහනකාරයෙක් කරන්න. ඉන් පස්සෙ අර හොටු පෙරන සිඹයියන්ට පුලුවන් ඔබේ චරිතය ඔබට පාරෙ බැහැල යන්න බැරිවෙන තැනටම විනාශ කරන්න.

මේ ටිකයි…තව ගොඩක් තියෙනවා.!!

මේ නිසා මේ සමාජය ඇතුලේ මේ වගේ රටක් ඇතුලේ කිසිම කුණු කතාවක් අහගන්නේ නැතුව, කෙනෙක්ට ජීවත් වෙන්න බෑ. ඒ වගේම මේ සමාජය ඇතුලෙ තමන්ගේ ජීවිත කාලය තුල අපරාධකාරයෙක් නොවී ජීවත් වෙන එකත් පුදුමයක්. මේ සමාජය ඒ තරමටම අපරාධකරුවන්ව, ජාතිවාදීන්ව, අන්තගාමීන්ව බිහිකරනවා.

මේ නිසා එල්ලුම් ගහට නියම වෙච්ච අපරාධකාරයෙක් දිහා හොඳට බලන්න. ඒ මනුස්සයාගේ මූණෙ ඔබේ සලකුණු තියෙනවා. ඒ මිනිහගෙ මූණෙ ඔබ, අපි බිහිකරපු මේ සමාජ ක්‍රමයේ සලකුණු තියෙනව.

මේ නිසා මේ බව අවබෝධකරගත්තෙක් විදියට මට බෑ එල්ලුම්ගහට පක්ෂ වෙන්න. එල්ලුම්ගහක් ගේන්න අවශ්‍යනම් එල්ලුම් ගහ ගේන්න තරම් අපේ රට තාම දියුණු වෙලා නෑ.. ආකල්ප වශයෙන් දියුණු වෙන්න හැමෝම ආරක්ෂිත සමාජයක් බිහිවෙන්න තව ගොඩක් දේවල් අපිට කරන්න තියෙනවා.

මේ නිසා හැමෝටම බයක් සැකයක් නැතුව ජීවත්වෙන්න පුළුවන් සාධාරන, සුරක්ෂිත සමාජයක් මුලින් හදමු. ඊට පස්සෙ එල්ලුම්ගහ ගැන කතා කරමු..!!

|සජිත් පුෂ්පකුමාර|

Leave a Reply

Your email address will not be published. Required fields are marked *