ඥානසාර හිමිට ජනපති සමාව
බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට අද (23) ජනාධිපති විශේෂ සමාව ලැබිණි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් මත ඉකුත්දා ඥානසාර හිමි පිළිබඳව විස්තර බන්ධනාගාර අමාත්‍යංශයෙන් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත ගෙන්වාගෙන තිබිණි.
ඊයේ (22) ඥාකසාර හිමියන් නිදහස් කිරීමට අදාළ ලියකියවිලි සඳහා ජනාධිපතිවරයා අත්සන් කර ඇතැයි බොදුබල සේනා සංවිධානයේ ජාතික සංවිධායක විතාරන්දෙණියේ නන්ද හිමියෝ පැවසූහ.
අධිකරණයට අපහාස කිරීම ඇතුළු චෝදනා 4 කට වරදකරු කරමින් ඉකුත් වසරේ අගෝස්තු 18 වැනිදා ඥානසාර හිමියන්ට වසර 19 ක සිර දඬුවමක් ලැබුණු අතර එය වසර 6 කට ගෙවී යන පරිදි බරපතල වැඩ සහිත සිර දඬුවමක් ලබා දීමට නියෝග කෙරිණි.
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ බිරිඳ සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට බැණ වැදීම , අධිකරණයට අපහාස කිරීම ඇතුළු චෝදනා 4 කට මෙම සිර දඬුවම ලැබිණි.