ශ්‍රිලනිපය පොහොට්ටුවෙන් බේරා ගන්නැයි දුමින්දගේ නිවසට පාක්ෂිකයන් එයි

ඉදිරි සියලු මැතිවරණ වලදි ශ්‍රීලනිපය පොහො‍ටු ලකුණ යටතෙ තරග කළ යුතු බවට මහින්ද රාජපක්ෂ ඇතුළු නඩය තීන්දු කිරීම නිසා මේ වනව විට ශ්‍රී ලනීප පාක්ෂිකයන් කළඹල වී සිටී.

අප වෙත වාර්ථාවන ලෙස මේ වන විට කොළඹ තිබිරිගස්යායේ දුමින්ද දිසානයක මහතාගේ නිවසට ශ්‍රිලනිප පාක්ෂකයන් , ප්‍රාදෙශිය සංවිධායකයන් රැසක් පැමිණ මෙ සම්බන්ධයෙන් ප්‍රශ්න කරමින් සිටී. මහින්ද රාජපක්ෂ ශ්‍රීලනීපය දෙකට කඩා වෙන්ව යන මොහෝතේදී සිරිසේන ජනාධිපතිවරයාව සහ දුමින්ද දිසානායක කෙරෙහි විශ්වාසය තබමින් තව දුරටත් ශ්‍රීලනීපය වෙනුවෙන් පෙනී සිටියේ පක්ෂයෙ මළගම බලන්නට නොවේ යැයි ඔවුන් පවසයි.

පොහොට්‍ටු කාරයන්ගෙන් ගුටි කකා පක්ෂය රැක ගත්තාට අපිට දෙන තෑග්ග මේකදැයි ඔවුන් ප්‍රශ්න කරයි. මහින්ද රාජපක්ෂ අටවපු උගුලේ සිරිසෙන ජනාධිපතිවරයා වැටී ඇති බවත් ඒ උගුලේ ස්ව කැමැත්තෙන් වැටෙන්න යන දුමින්ද දැන්වත් ඇත්ත තෙරුම් අරගෙන පක්ෂය ආරක්ෂා කරගැනිම වෙනුවෙන් නායකත්වය ගත යුතු බව ෙමම පාක්ෂිකයන් දැඩිව කියා සිටී.

lankadaily.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *