අපිව බය කරන්න අම්මලා පාවිච්චි කරපු හොදම කෙනා තමා බිල්ලා….03 – හිරූ දිසානායක

ගෝනි බිල්ලෝ ,ඉඳි බිල්ලෝ, කොක්කනි බිල්ලො, එකී මෙකී නොකී බිල්ලෝ ගොඩාක් ගැන මං අහලා තියෙනවා….හැබැයි ඔය බිල්ලෝ ඔක්කොගෙන්ම මං හුගාක්ම බය උනේ කොට බිල්ලෝ අත්තට…එයා නම් බිල්ලෙක් නෙවෙයි.ඇත්තම මනුස්සයෙක්…වයස අවුරුදු හැටක් විතර හොඳ උස මහත තිබ්බ දේහදාරී මනුස්ස්‍යෙක් උනාට අවාසනාවට එයාගෙ අවසාන කාලේ ගෙවන්න නියම වෙලා තිබ්බේ එක කකුලකින්….එයා ඇවිද්දේ ලී කිහිලි කරු දෙකකින්…ටොකොස් ටොකොස් ටොකොස් එයාගෙ සද්දෙ බොරලු පාරේ ඈතට යනකල් මට තාමත් දෝංකාර දෙනවා…ගනට වැඑඋන උඩු රැවුලයි දිගට වැව්ව යටි රැවුලයි මට මතක් කරන්නේ පන්සලේ අර මකර තොරනේ යට ඉන්න ගල් පිලිමේ..එ නිසාමද කොහෙද මං එයාට බය උනා…හැදි කූරක් වගේම ඉපදිලා කන එකේ ඉදන් අම්මටයි තත්තිටයි වද දුන්න මට කෑම කවන එකේ ඉදන් මං පොඩ්ඩක්වත් නිදහසක් දුන්නේ නෑ….එ නිසාමද කොහෙද කැස්ස හෙම්බිරිස්සාව උන දද වගේ දේවල් වලට මං ඉක්මනින්ම ගොදුරු උනාලු.කොච්චර අමාරු උනත් බෙහෙත් පෙත්තක් පොවාගන්න පුදුම අමාරුවක්ලු තිබුනේ…හැබැයි කොට බිල්ලෝ අත්තා එනවයි කිව්වොත් ඉබ්බෙක්ගෙන් උනත් පිහාටු ගලෝගන්න මං පසුබට නොවෙන තරම් එයට හරි බයයි…
අවුලේගම වල්පාලුවේ අපි හිටපු ගමේ වතුර තිබුනේ හරි අඩුවෙන්.ඉතින් ලිදක් කපාගන්න්න එක හරි රාජකාරියක් උනා…අපේ තාත්තිට ඕනේ උනේ සාගරයක් වගේ ලිදක් කපාගන්න…ඉතින් අවුරුදු ගානක් යනකල් කොට බිල්ලෝ අත්තා අපේ ගෙදර නොවරදින සාමාජිකයෙක් උනේ ඒ විදියට….එයා ඉස්සර හමුදාවෙ වැඩ කරපු කෙනෙක්..කකුල නැති උනායින් එතනින් අයින් වෙන්න වෙලා…පස්සෙ කාලෙකදි එයාගෙ රස්සාව උනේ ඉඩමක වතුර තියෙන තැන හොයාගන්න එක..බරට සද්ද ඇහෙන කිහිලි කරු දෙක සද්ද කර කර ඉඩමේ රවුමක් ඇවිදලා එයා කියනවා මෙන්න මෙතන අඩි මේ තරමක් හෑරුවාම වතුර මතු වෙනවා කියලා..එයා එයාගේ රාජකාරිය බාරගත්තා….බොරලු පොලව කොට කොට ලිද හාරන එක…එයා කොයිතරම් ශක්තිමත්ද කිවෙඔත් එයා වැඩ කරන වෙලාවට එයාගෙ අත් වාරුව එයා පවිච්චි කලේ නෑ..හැබැයි ලිද හදලා ඉවර වෙනකල් ලිද බලන්න නම් මට ලැබුනේ නෑ….අම්මට මට කෑම ටික බෙහෙත් ටික මට දෙන්න කිසි කරදරයක් උනේ නෑ…හැබැයි ඔය එකී මෙකී නොකී බිල්ලන් අතරේ කවදාවත් මට සැරෙන් වත් වචනයක් නොකීව බැල්මකින් වත් මං දිහා නොබැලුව ඒ අහිංසක මිනිසා අද මේ ලෝකේ නෑ…අදටත් ඒ නම ඇසූ විට ඇත්තේ අප්‍රමාන බයක්…එහෙත් මගේ ළමා විය අමතක නොවෙන මතකයක් කල ඔබට මේ කතාව හර්දයාන්ගමව පිලිගන්වනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *