කොටට ඇන්දම හැඟිම් ඇවිස්සෙන එකම රට – 05

පහු ගිය දවසක අන්තර්ජාලයේ සැරි සරනකොට හරි අපූරු විඩියෝවක් දැක්කා ඒකේ තිබ්බේ තරුණ පිරිමි ළමයි කිහිප දෙනෙක් එක්කාසු කරගෙන පොඩි සමීක්ෂණයක් සඳහා ප්‍රශ්ණයක් යොමු කිරිම.

එනම්.,

ඇයි ලංකාවේ ගැහැණු ළමයි දූෂණය වෙන්නේ?

ගොඩක් අය කිව්වේ ගැහැණු ළමයි,කාන්තාවෝ කොටට ඇන්දම තමාලූ පිරිමි අයගේ හැගීම් ඇවිස්සිලා දුෂණය වෙන්නේ…

මට ඒකට නම් බකස් ගාලා හිනා ගියා.තරුණ අය පමණක් නොව මැදිවියේ පිරිමියෙකු උනත් ලංකාව වගේ රටක ඔහොම උත්තරයක් නොදී ඉදී කියලා හිතන්න බෑ.ඇත්තටම බොහෝ පිරිමි කුණු ගොඩවල් යැයි මට සිතුනේ ඒ නිසාය. දෙමාපිය දරු සබඳතා,සහෝදර බැඳීම,යාළුකම,ගුරුගෝල සබඳතා, ප්‍රේම සබඳතා අඹු සැමි සබඳතා එකින් නෙකට වෙන් කර හඳුන ගත් බැඳීම් ලිංගික අවශ්‍යතා සමඟ පටලවා ගත් කල සමහර පිරිමින් කුණු ගොඩක් ලෙස ඇවිස්සිම නොව කුණු කාණුවක් බවට පත් වී මුළු මහත් සමාජයම ගඳ ගස්සවනු ලැබේ.එවැනි සිතුවිලි තම වාසියට හේතු කර ගත් පිරිමින්ගේ ආකල්ප හෙළුවෙන් බවත් කිව යුතුමය.

ළමයෙක් දුෂණය කරන එකා විකෘත්තී ලිංගික ආශාවන් නිසා එහෙම කරනවාලු ගැහැණියෙක් දුෂණය කරන එකා ඒ ගැණී කොටට ඇඳන් ගියාම දුෂණය කරනවාලු මේවා පිරිමි හඳා ගත්ත ගොං ලොජික් ආයුබෝවන්ඩ….මම නම් කියන්නේ ඔය ජාතියේ දුෂකයන් දෙන්නෙක්ටම තියෙන්නේ නිසි ලිංගික අධ්‍යාපනයක් නොලැබීම මත පිට පැන්න ලිංගික ආශාවන් සපුරා ගැනීමක් පමණී.

ලංකාව වගේ 365 දවසෙම රස්නේ රටක ගැණු ලෝගු දාගෙන පාරේ යන්න ඕනේ කියලා හිතන පිරිමි තමා අනික් පැත්තෙන් බුර්කාව ඇඳන් යන ගැණූ උදවියට බුර්කාව තහනම් කරන්න කියන්නේ එහෙම බලද්දී ලංකාවේ හුදෙක් පිරිමින් අසහනෙන් පෙලෙන අය යැයි සිතීමට පුළුවන පිට රට වල සෘතු මාරු වන විට ඇඳුම් පැලදුම් පවා වෙනස් වන අතර සමර් කාලයට බිකිනි ඇඳන් මුහුදු වෙරලවල් වල හිරු එළිය ලබන කාන්තාවන්,දූල කොට ඇදුම් බාවිතා කරන කාන්තාවන් දැකලා ඒ රටවල පිරිමිත් ඇවිස්සෙනවා නම් මෙලහකට ඒ ඒ රට වල ගැණූ නැත්තටම නැති වෙලා යන්න ඕනා පිරිමි සේරම හිරේ ඉන්න ඕනා..

කොට සායක් අත් කපපු හැට්ටයක්, බඩ පෙනෙන සාරියක් ඇන්ද ගෑණියෙක් දැක්කම ඇවිස්සෙනවා නම් උබට උබව පාලනේ කර ගන්න බෑ.ඒ කියන්නේ උබට ලිංගික අධ්‍යාපනික දැනුමක් අවශ්‍යයි ඒ නිසා යුහුසුළුව වෛද්‍ය උපදෙස් ලබා ගත යුතු යැයි මම යෝජනා කරනවා මොකද? ඕක තමන්ට තමාව පාලනය කර ගැනීමට නොහැකි වීමත් එක්තරා ලෙඩක් වැටෙන ලෙඩක්.

පුරුෂ මූලික සමාජයක ගැහැණු කොහොමත් තැලිලා පොඩි වෙන බව නම් සැබෑවක් පිරිමියා සතු සමාජ මුලිකත්වය උපයෝගී කරගෙන ලංකාව වගේ රටක ගැහැණුන්ගේ කන්‍යා පටලය බිදීම තුලිං කාන්තාවන් අඩපන කර ගැනීමට හැකිය යන්න සිතීම පිරිමින්ගේ තවත් මජර සිතුවිල්ලකී.තමන් ඕනෑ කඩප්පුලි වැඩක් කර නාලා ගෙට ඒමට හැකි බවට පුරසාරම් දෙඩීමද 21 වෙනි සිය වසේ කරන මෝඩ ප්‍රකාශයක් බවද කිව යුතුය. අධ්‍යාපන ක්‍රමය වෙනස් වෙයිද කියලා නම් දන්නේ නෑ හැබැයි අම්මා,තාත්තා තමන්ගේ දුවට කන්‍යා පටලයක ලේ බිදුවකට වඩා ජීවිතේ වටින බව කියලා දුන්නොත් මන් හිතන්නේ දුෂණය වූ දරුවෙක් තමන්ගේ ජීවිතේ නැති කර ගන්නේ නෑ

දස මාසයක් බඩේ තියන් වේදනා විඳලා මේ ලොකේ එළිය දුටුව පුතෙක්ව තන පුඩුවේ එල්ලන් අවුරුදු කිහිපයක් ලේ කිරට හරවලා දීලා උස් මහත් කරද්දී ඒඅම්මටම පුළුවන් ඒ පුතාගේ ආකල්ප හදන්න ඒත් අද නොවෙන්නෙත් ඒකමයි. දුවෙක් වගේ නෙවේ පුතෙක් හදන කොට හැම දේම පිළිවෙලට හදන්න ඕනා හැඟීම් දැනීම් පාලනය කර ගන්න ගෙදරින්ම පුරුදු කලොත් සමාජයට පා තබන දාට ඒ පුතාට පුළුවන් හැමදේම බැලන්ස් කරන් කාන්තාවකට නිසි ගෞරවය ලබා දෙමින් ජීවත් වෙන්න.ලිංගික තෘප්තීන් සමාජීය බැඳීම් වෙන් කර හදුන ගන්න පිරිමි දරුවෙක්ට උදව් කරන්න පුළුවන් පවුල් සංස්ථාවෙන්මයි.මොකද අපේ රටේ අධ්‍යාපන ක්‍රමය ගිරව් එළියට දාන්න උත්සහ කරනවා මිසක් ජීවිතේ හදන්න ,හදා ගන්න කියලා දෙන්නේ. අල්ප මාත්‍රයක් නිසා

_ශානූ_

S H A N U W I J E T H U N G A ®️

ශානූ විජේතුංග®️

Leave a Reply

Your email address will not be published. Required fields are marked *