තෙල් මිළ තවත් ඉහළට
අද මධ්‍යම රාත්‍රියේ සිට ක්රියාක්මක වන පරිදි මිල සූත්‍රය අනුව ඔක්ටේන් 95 වර්ගයේ ඉන්ධන රුපියල් දෙකකින් හා සූපර් ඩීසල් රුපියලකින් වැඩිවී තිබේ.
ඒ අනුව මෙතෙක් රුපියල් 155 ක්ව පැවති ඔක්ටේන් 95 වර්ගයේ ඉන්ධන අද මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 157 දක්වා ඉහළ යන අතර 129 ක්ව පැවති සූපර් ඩීසල් වර්ගයේ ඉන්ධන අද මධ්‍යම රාත්‍රිෙය් සිට 130 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
අනෙකුත් ඉන්ධන වර්ගවල කිසිඳු වෙනසක් සිදු නොවන බව අද මුදල් අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශ කළේය.