ගම්පෙරලිය ප්‍රචාරන ටෙන්ඩර් මගඩිය එළියට

ජනාධිපති කාර්යාලය අරක්ගෙන සිටින රාජපක්ෂලාගේ හෙංචයියන්ට දිගටම රජයේ ටෙන්ඩර් ලබාදීම සිදුවනවා.රජයේ ආයතනවලට බලපෑම් එල්ලවන බවට චොදනා එල්ල වනවා.චතුරිකා සිරිසේන විසින් ජනාධිපති ලේකම් කාර්යාලයට තමන්ගේ නියෝජිතයන් හතර(4) දෙනෙක් අලුතින් පත් කර ඇත.චතුරිකාගේ එම අතකොලු හතර ජනාධිපති කාර්යාලය තුල සිදු කරන සියලුම රජයේ ටෙන්ඩර් චතුරිකා සිරිසේන සම්බන්දවී සිටින ප්‍රචාරන ආයතන වලට ලබාදීම සිදු කරයි.

ඒ අනුව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක වන ගම්පෙරලිය ව්‍යාපෘතිය මේ වනවිට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් එම ව්‍යාපෘතිය ජනාධිපති වරයා යටතට ගැනීමට ක්‍රියාකරමින් සිටි.

ජනාධිපති වරයා තැන තැන දොඩවන්නෙ කිසිම අරමුනක් නොමැතිව රාජපක්ෂලාගේ අඩිපාරේ යමිනී.දැයට කිරුල ව්‍යාපෘතිය මගින් බැසිල් රාජපක්ෂ විශාල ජනතා මුදලක් ගසා කෑවේය.ගම්පෙරලිය වැඩ සටහනත් එයට නොදෙවෙනි වැඩ සටහනකී.

වංචාව දුශනය තුරන් කොට සත්‍යය වශයෙන්ම සියලු ප්‍රතිලාභ ජනතාව වෙත පමනක් ලබාදීම මංගල සමරවීර මහතාගේ අරමුන විය.කෙසේ හෝ මේ වන විට ගම්පෙරලිය වැඩ සටහනත් ජනතා මුදල් ගසා කෑමක් බවට පත්වන පෙරනිමිති මතුව ඇත.එම හෙතුව නිසා අවංක දෙශපාලනයක් කරමින් සිටින මංගල සමරවීර මතාටද ඉදිරියේදි ජනතා අප්‍රසාදයක් සිදුවීමට ඇති ඉඩ කඩ ප්‍රමානය වැඩිවන්නේය. සිරිසේනලා මංගලගේ මුහුණේද දැලිගානු ඇත.

ගම්පෙරලිය ටෙන්ඩර් ජුලි 12

ජුලි මස 12 වන දින ගම්පෙරලිය වැඩ සටහනේ ප්‍රචාරන කටයුතු සදහා ටෙන්ඩර් කැදවා ඇත.එහිදී දිවයිනේ ප්‍රධානපෙලේ ප්‍රචාරන ආයතන විසින් ටෙන්ඩර් ඉදිරිපත් කර ඇත.එම අවස්තාවට බැසිල් රාජපක්ෂ සමග එක්ව ජනතා මුදල් හොරා කෑ නාමල් රාජපක්ෂගේ ලගම හිතවතා වන ශ්‍රීමල් ඇඩ්වටයිසින් ආයතනය පැමින ඇත්තේ විනාඩි 10ක් ප්‍රමදවී බවද වාර්තාවේ.එම ප්‍රමාදවීම හෙතුවෙන් ශ්‍රිමාල් ඇඩ්වටයිසින් ආයතනයට එම ටෙන්ඩරය සදහා ඉදිරිපත්වීම ප්‍රතික්ෂේප කර ඇත.එම මොහොතේම ජනාධිපති ලේකම් කාර්යාලය අමතා ශ්‍රීමාල් විසින් ටෙන්ඩර් බාර ගන්න නිලධාරීන් හට බලපෑම් එල්ල කර ඇත.කෙසේ හෝ එතනට පැමින සිටි අනෙකුත් ප්‍රචාරන ආයතනවල දැඩි විරොදය මත ශ්‍රිමාල් ඇඩ්වටයිසින් ආයතනය හැරිගොස් ඇතතේද තර්ජනය කරමිය.

කෙසේ හෝ තත්ත්වය එසේ තිබියදී ටෙන්ඩර් කැදවූ දිනයේ සිට සතියකට පසු එම සියලුම ප්‍රචාරන ආයතන කරුවන් විසින් ඉදිරිපත් කරන ලද ටෙන්ඩර් දෝශසහිත බව කියමි එම ටෙන්ඩර් සියල්ලම අවලංගු කර නැවතත් අගොස්තු මස 19 වන දින නැවත ටෙන්ඩර් කැදවන ලෙස නව ජනාධිපති ලේකම් “උදය ආර්.සෙනවිරත්න” විසින් නියොග කර ඇතැයි අපවෙත වාරතා වේ.

ප්‍රචාරන ආයතන හිමිකරුවන් ප්‍රකාශ කරන්නේ තම ආයත විසින් ඉදිරිපත් කල ටෙන්ඩර් වල කිසිදු අඩුපාඩුවක් නොමැති බවත් එසේ අඩුපාඩු ඇත්නම් එවා නිවැරදි කිරිම සම්බන්ධයෙන් එම ආයතන හිමිකරුවන් කැදවා සාකච්ඡා කර එකගතාවයකට පැමින ඉදිරියට යෑම බවත්.මේ අවස්තාවේ ජනාධිපති ලේකම් වරයාගේ බලපෑම මත එය කිසිදු සාකච්ඡාවකින් තොරව නැවත ටෙන්ඩර් කැදවිම කර ඇති බවයි.

ගොනා හැරෙන්නේ පොල් පැලේ කන්න

හිටපු ජනාධිපති ලේකම් අල්ලස් ලබාගෙන මාට්ටු වී ඒ උණුසුම යන්නට මත්තෙන් නව ලේකම් උදය ආර්.සෙනවිරත්න විසින් වැඩ අල්ලා ඇති බව වාර්තාවේ.

රාජපක්ෂ පාලන සමයේ අල්ලසට දුෂණයට සියල්ල යටවී ගොසින් තුබුණු බව ප්‍රසිද්ද රහසකී.එම අඩි පාරේ යන සිරිසේනලා ද යහපාලනය පත්වී මාස කිහිපයක් යන්නට මත්තෙන් මහරගම විද්‍යාකර මාවතේ ඓතිහාසික බොරලැස්ගමුව වැවට යාබද සුපිරි බංගලාවක් මිලියන 40කට මිලිදි ගත්තේය.ඉන් නොනැවති රජයේ සියලු ටෙන්ඩර් මේ වන විට මෛත්‍රීපාල සිරිසේන ගේ දියණිය වන චතුරිකා සිරිසේනට සම්බන්ධකම් ඇති ආයතන වලට ලබාදී වක්‍රාකාරයෙන් ජනතා මුදල් ගසාකෑම යහමින් කරගෙන යයි.

පසුගිය දා නිර්මාණය කළ සංහිදියා ගිතය සදහා ප්‍රචාරන ආයතයක් විසින් එය නිර්මාණය කිරිමට මිලියන 12ක් අය කරගෙන ඇත.මෙවා ජනතාවගේ මුදල්ය.

මහා එකා යන අඩිපාරේ ගිය ජනාධිපති ලේකම් කෝටි දෙකක අල්ලසක් ගැනීමට ගොස් අතටම අසුවී හිරේ ලගින්නට සිදුවිය.ඉන් නොනැවති මේ වන විට අලුතින් පත්වු ලේකම් වරයාද දඩයම පටන් ගෙන ඇත.උදය ආර් සෙනවිරත්න මහතාගේ විදේශ රටවල අධ්‍යාපනය ලබන දරුවන්ට එම විශව විද්‍යාල වලට ගෙවිමට තිබෙන මුදල් ගෙවා ගැනිමටද නොහැකි බවත් බාවිතා කරන රථයයේ වාරික ගෙවා ගැනිමටද නොහැකී වී ඇතැයි අපවෙත වාර්තා වන්නේ.

ශ්‍රීමාල්ගෙන් නව ලේකම්ට සැනසිල්ලක්

නව ලේකම් උදය ආර් සෙනෙවිරත්න විසින් බවිතා කරන ප්‍රියස් වර්ගයේ රථය පසුගියදා ෆිනෑන්ස් ආයතනය මඟින් වාරික නොගෙවීම හෙතුවෙන් නැවත රැගෙනගොස් ඇත.එම වාහනය නැවත ලබා ගැනිම සදහා මුදල් ගෙවිම කර ඇත්තේ බැසිල් රාජපක්ෂ සමග දැයට කිරුළ ව්‍යාපෘතියෙන් ජනතා මුදල් ගසා කෑ නාමල් රාජපක්ෂගේ මිතුරා වන ශ්‍රීමාල් ඇඩ්වටයිසින් ආයතන්‍යේ ප්‍රධානියා වන ශ්‍රීමල් විසින් බව වැඩි දුරටත් සදහන්.

උදය ආර් සෙනවිරත්න ජනාධිපති ලේකම්  මහතාගෙන් කලගුන සැලකිල්ලක්

කළගුන අමතක නොකරන නව ලේකම් වරයා විසින් ශ්‍රීමාල් හට කලගුන සැලකීමක් වශයෙන් ගම්පෙරලිය ව්‍යාපෘතියේ 12 වෙනිදා බාර දීමට නොහැකි වූ ටෙන්ඩරය අගොස්තු 19 වනදා බාර දීමට අවස්තාව උදා කර දීම සදහා ජුලි මස 12 වනදා කැදවණු ලැබු කිසිඩු අඩුපාඩුවක් නොමැති ටෙන්ඩර් සියල්ලම දෝශ සහිත බව බොරු බෙගල් ඇද අවලංගු කර ඇත.

සිරිසෙනලත් එකයි රාජපක්ෂලත් එකයි

ගෙවි ගිය වසර තුනහාමාරක කාලය තුල රාජපක්ෂලාට දඩුවම් නොකිරිමට හෙතුව පැහැදිලිය.රාජපක්ෂලා ද වැඩිවශයෙන් ගසාකෑවේ ප්‍රචාරන වැඩ වලින්‍ ය.බැසිල් රාජපක්ෂ බිලියන ගනන් ජනතා මුදල් ගසා කා ඇත්තේ දැයට කිරුලෙන්‍ සහ විශාල ව්‍යාපෘති මගින් බව මේ වන හෙළිවෙමින් ඇත.

ඊයේ රන් දියවර මංගල්‍යයේදී මෛත්‍රීපාල සිරිසේන නම් කිවේ මෙම ව්‍යාපෘති වලින් ගසාකනවා නම් පැමිණිලි කරන්න වෙනම එකකයක් හදන බවත් වෙනම දුරථන අංක ස්ථාපිත කරන බවයි.

මේවා සියල්ල බොරු බෙගල්‍ ය.රාජපක්ෂලා මෙන් තම පවුල් සමාගම සංවර්ධන කරගන්නා දෙශපාලුවන් බව මේ සිදුවන දෙවල් මගින් මනාව වැටහෙනු ඇත.

ජනතාවට සිදුවී ඇත්තේ “කැහි ගෑනී දිලා හොටු ගෑනි ගත්තා වගේ” වැඩක්‍ බව නම් අපට අනුව පෙනි යන්නෙය.අවසාන ප්‍රථිපළය වන්නේ ගම්පෙරලිය ව්‍යාපෘතියත් දැයට කිරුළ මෙන් ජනතා මුදල් ගිලගන්නා පාලකයන්ගේ භූදලය පුරව ගන්න වැඩක් වන බවයි.

“වහාම මංගල සමරවීර මුදල් අමාත්‍යවරයාගේ අවදානය මේ ටෙන්ඩර් වෙනුවෙන් යොමු නොකලහොත් ඔබ තුමාගේ සංකල්පය ජනතාවට කිරිමට යන සේවය “ගඟට ඉනි කැපුවාක්” මෙන් වනු ඇත”.

 

උපුටා ගැනීම – බඩුෂුවර්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *