මහත්තයෝ මට කියන්න තියෙන්නේ මෙච්චරයි… ! ඝාතනය වූ දිවියාගේ මව සාක්ෂි දෙයි – තුසිත පතිරණ

මට කියන්න තියෙන්නේ මෙච්චරයි… මහත්තයෝ අපි කාටවත් කරදරයක් නැති උන්. අපි දන්නේ නෑ අපිට දැනෙන දේවල් වෙන කාටවත් දැනෙනවද නැද්ද කියන එක.. අපි දන්නේ අපේ කුස ගින්න පුරව ගන්න මොනම හරි මාංෂයක් අනුභව කරන එක ගැන විතරයි.. ඒකට දිවා රෑ තිස්සේ වෙහෙසෙනවා.. අපිට කැලේ මැද්දේ ඉද්දී හාවෙක් මුවෙක් වගේ උන් ගොදුරුවෙනවා.. උන් අහිංසක ඇති ඒ මිනිස්සුන්ගේ ඔලුවට දැනෙන දේවල් අපිට ඒවා එහෙම දැනෙන්නේ නෑ.. අහිංසකත්වය අපි වගේ මාංෂ භක්ෂකයන්ට වෙනමම තත්වයක්..

ඇයි මහත්තයෝ මහත්තයලා.. අපිට මෙහෙම කරන්නේ … මහත්තලගේ තියෙන සංස්කෘතියක් හරි හිතන විදිය හරි ඒවා අපිටත් පටවන්නේ … අපි සත්තු.. අපිට ඕනේ කෑම විතරයි… අපිට කෑම නැති වෙනකොට අපි කෑම සොයාගෙන යනවා.. ඒ යන අතරේ අපි ගම්මානවලට කියන තැන්වලට යනවා… ඉතිං ඒක වරදක්ද ? ගම්මාන අයිති මහත්වරුන්ට විතරද අපිට මායිම් නෑ… අපි ගම්මාන සීමාවන් ග්‍රාම සේවක සීමාවන් දන්නේ නෑ… අපිට ඕනෙ කෑම අපි කෑම සොයාගෙන යනවා.. ඉතිං මහත්තයෝ … එහෙව් අපිට මෙහෙම දඩුවම් ඇයි…. ?

මහත්වරුන්ගේ ජාතික් වඳ වෙනව කියල මහත්වරු මාර ගේම් ගහන්නේ පිකට් කරනවා සංවිධාන හදනවා… ඒවාට කැරලි ගහනවා… මොනවද නොකරන්නේ… ඒත් අපිත් වඳ වෙනවා අපේ උන් ඉන්නේ කී දෙනාද ලංකාවටම අපේ උන් ලෝකෙටම ඉන්නේ ලංකාවේ. .. දැනට සීයකට වඩා අඩුයි… ඉතිං අපිව වඳ කරන්න ඕනේ නම් මහත්තයෝ වෙඩි තියල දාන්න .. මහත්වරු සතුටු වෙනවා නම් කමක් නෑ…. මේ තරම් වෛරයක් … අර එළදෙනෙකුට පැන්නේ නිකම්ම නෙවෙයි අපිට ඌ සතෙක් විතරයි.. ඌ මහත්වරුන්ට කිරි දෙනවද නැද්ද දන්නේ නෑ ඌ බැදල තිබුනද කියල දන්නේ නෑ අපිට ඒවා අදාළ නෑ… මම කිව්වේ කලින් අපි සොයන්නේ බඩගින්නට කෑම විතරයි….

” මට හිතාගන්න බෑ මහත්තයා…ඇයි මහත්වරුන්ට නොතේරෙන්නේ

අර උදලු පාර මහත්තයාගේ පුතාට වදිනකොට
මහත්තයාට දැනෙන වේදනාව කොහොමද කියල”?

2018.06.22 දින
පැමිණිලි සටහන් අංශය
කිලිනොච්චි පොලීසිය

ඝාතනය කොට දැමූ දිවියාගේ පසු පර්යේෂණයේදී හෙළි වූ තොරතුරු රැසක් පහත දැක්වේ

බිලාලයන් කියන්නේ බළල් පවුලට අයත් සිව්පා සතුන් හඳුන්වන්න පාවිච්චි කරන නමක්. ලංකාවේ දැනට බිලාල පවුලට අයත් සතුන් වර්ග කිහිපයක්ම දකින්න ලැබුණත් මේ වර්ගයේ වඩාත් ජනප්‍රිය විශාල සතුන් වන සිංහයන් සහ ව්‍යාග්‍රයින් දකින්න ලැබෙන්නේ නැහැ.

ලංකාවේ බිලාල වර්ගයට අයත් සාමාජිකයින් 4ක් වාසය කරනවා. මින් විශාලතමයා කොටියා හෙවත් Sri Lankan Leopard (Panthera pardus kotiya).

කොටියාට අමතරව ලංකාවේ දකින්නට ලැබෙන වනාන්තරයේ ජීවත්වන බළල් පවුලේ සාමාජිකයින් (wild cats of Sri Lanka) අතර;

* හඳුන් දිවියා – Fishing Cat (Prionailurus viverrinus)
* දිවියා – Jungle Cat (Felis chaus)
* වල් බළලා – Rusty Spotted Cat (Prionailursus rubiginous)

ප්‍රාග් ඓතිහාසික ලංකාවේ විසූ සිංහයින් හා ව්‍යාග්‍රයින්

පුරාවිද්‍යාඥයන් මෑතකදී ලංකාවේ සිදු කරපු කැණීම්වලින් වැදගත් කරුණු රාශියක් හෙළිදරව් කරගෙන තියෙනවා. මේ අතරින් මෑතකදී සොයා ගත්තු බලංගොඩ මානවයාට අයත් ඇටසැකිලි කොටස් සහ සංස්කෘතික සාක්ෂි ප්‍රධාන තැනක් ගන්නවා. මීට අමතරව සොයා ගත්තු අනිත් වැදගත්ම දේ තමයි ලංකා භූමියේ අතීතයේ ජීවත් වුණු සතුන්ගේ පොසිල. මේ පොසිල අතර අපි කලින් කියපු බිලාල කුලයේ විශාල සතුන්ගේ පොසිල සොයා ගන්නත් මොවුන් සමත් වෙලා තියෙනවා.

ශ්‍රී ලංකාවේ ඉන්න සත්ව පුරාවිද්‍යාව සහ පාෂාණිභූත විද්‍යාව (සරලව කිව්වොත් පොසිල විද්‍යාව) ගැන ඉහළම දැනුමක් ඇති කෙනෙක් විදිහට සැලකෙන කැලුම් මනමේන්ද්‍ර ආරච්චි මහත්මයාට අනුව ලංකාවේ සොයා ගත් ක්ෂීරපායී සතුන්ගේ පොසිල වැඩිම ගණනක් හමු වෙලා තියෙන්නේ රත්නපුර දිස්ත්‍රික්කය ආශ්‍රිතවයි. විශේෂයෙන්ම මේ ප්‍රදේශයේ ඉතා බහුල මැණික් ඉල්ලම් පසේ මේ පොසිල වැඩියෙන් දකින්න ලැබෙනවා. රත්නපුර සත්ව ප්‍රජාව (Ratnapura Fauna) කියලා හඳුන්වන මේ පොසිල පොලව මට්ටමේ සිට මීටර් 4 – 12 අතර ගැඹුරක තමයි බහුල වශයෙන් පැතිරිලා තියෙන්නේ. සමහර පොසිල මීටර් 35ක් තරම් ගැඹුරකින් පවා සොයා ගෙන තියෙනවා.
ශ්‍රී ලංකාව තුල සිංහයන් විසූ බවට මුලින්ම මත පල වෙන්න පටන් අරගෙන තියෙන්නේ 1930දී සොයා ගත්තු පොසිල දෙකක් නිසයි. ඊට පස්සේ මීට අදාලව කැණීම් කටයුතු පවා පුළුල් කෙරුණා. නමුත් කණගාටුවකට වගේ මේ මුලින්ම සොයා ගත් පොසිල දෙක හැරෙන්න ප්ලෛයිස්ටොසීන යුගයට අයත් සිංහ ප්‍රජාවක් ගැන වෙනත් සාක්ෂි මේ වන තුරුත් සොයා ගෙන නැහැ.

මීට වසර හයකට පස්සේ, ඒ කිව්වේ 1936 අවුරුද්දේ කුරුවිට ප්‍රදේශයෙන් සිංහ දත් දෙකක් සොයා ගත් බව එවකට සිටි දක්ෂතම පුරා විද්‍යාඥයෙක් වන P. E. P. දැරණියගල මහත්මයා තම වාර්තා සටහන්වල දක්වලා තියෙනවා. ඔහුට අනුව මේවා ලංකාවට ආවේණික වුණු සිංහ අනු කාණ්ඩයක සතුන්ට අයත් දත් දෙකක්. මෙම කාණ්ඩයේ විද්‍යාත්මක නාමය Panthera leo sinhaleyus හෙවත් ශ්‍රී ලංකා සිංහයා (එවකට Ceylon lion) ලෙස ඔහු හඳුන්වා දුන්නා.

මනමේන්ද්‍ර ආරච්චි මහත්මයා සම කර්තෘවරයෙක් වශයෙන් ප්‍රකාශයට පත් කරපු විද්‍යාත්මක ලිපියකට අනුව මේ දත් දෙක ශ්‍රී ලංකා සිංහයෙකුගේ යටි හනුවේ වම් පස චාර්වක දත් තුනෙන් එකක් සහ යටි හනුවේ දකුණු පස රදනක දත විදිහට හඳුනාගෙන තියෙනවා. මේ අතරින් අපි ඉහළ රූපයෙන් දක්වලා තියෙන චාර්වක දත තමයි ශ්‍රී ලංකා සිංහයා කියන අනු කාණ්ඩය වර්ගීකරණයට ඇතුලත් කරගන්න උපයෝගී කර ගැනුණේ. රදනක දත “පැහැදිලි නිගමනයකට එන්න තරම් හොඳ තත්වයකින් ආරක්ෂා වෙලා තිබුණේ නැහැ” කියලා එම විද්‍යාත්මක ලිපියේ දක්වලා තියෙනවා.

දැරණියගල මහත්මයා මේ සිංහ කොට්ඨාශය විශේෂ කාණ්ඩයකට ඇතුලත් කළත් මේ සතා අනෙක් සිංහ වර්ග වලින් වෙනස් වුණේ මොන විදිහටද කියලා පැහැදිලි කර ගන්න අතිරේක සාක්ෂි කිසිවක් තාමත් හමු වෙලා නොතිබීම කණගාටුවට කරුණක්. බොහෝ පුරා විද්‍යාඥයන්ගේ මතය අනුව මේ පොසිල වසර 100,000ක් තරම් පැරණි වෙන්න ඉඩ තියෙනවා. ඉතින් ශ්‍රී ලංකා සිංහයා කියන අනු කාණ්ඩය වානරයන් සංස්කෘතික වශයෙන් නව්‍ය මිනිසුන් බවට පරිණාමය වෙන්නත් කලින් මිහිතලයෙන් වඳ වෙලා ගියා වෙන්නත් පුළුවන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *