හදවත් වල ජීවත් වූ මිනිසා – 03

කර්නල් රත්නප්‍රිය බන්දු තවමත් කිලිනොච්චියේ මිනිසුන්ට සමුදිය නොහැකිව සිරවී සිටී. මේ ඔහුට කිලිනොච්චි නගරයේ මිනිසුන් සමුදෙන ආකාරයයි. මාගේ මිතුරෙකු දුරකතනය හරහා කිලිනොච්චි වැසියන් කියන දේ අසා සිටියෙමි. ඇදහිය නොහැකිය. තමන්ගේ දරුවාට ත් වඩා බන්දුට ආදරය කරන අම්මලා කිලිනොච්චියේ සිටී.

‘අවි රහිත‘ රාජකාරි සංකල්පයක් තමා විසින්ම සාදාගෙන, වසර 6 කට ආසන්න කාලයක් රත්නප්‍රිය බන්දු කිලිනොච්චියේ සේවය කළේය. යාපනය, කිලිනොච්චිය, විශ්වමඩු සිවිල් ආරක්ෂක බලකායේ ‘සීඕ‘ බන්දුය. විශ්වමඩු හා කිලිනොච්චි මිනිසුන් කියන කථා ඇදහිය නොහැකිය. අම්මලාට-පියවරුන්ට ඔහු තමාගේ දරුවෙකි. ආබාධිත එල්ටීටීඊ සෙබළ සෙබළියන්ට ඔහු සහෝදරයෙකි.

මිනිසුන්ගේ ආදරය ලැබීම තරම් සුන්දර වූ දෙයක් මිහිමත තවත් නැත. විශේෂ බලකායේ සෙනෙවියෙකුට, සිවිල් ආරක්ෂක බලකායේ ‘නන්දිමිත්‍රි බලඇණියේ නිර්මාතෘවරයාට එල්ටීටීඊ හදවත වන් විශ්වමඩු හී මිනිසුන්ගෙන් මෙවැනි ආදරයක් ලැබීම බොහෝ මිනිසුන්ට තේරෙන්නේ නැත. මිනිසුන් සංහිදියාව නමින් ඉල්ලන්නේ යුක්තිය, සාධාරණත්වයි. එය ලබා දෙන්නේ කවුද? මින්සුන්ගේ හදවත් හි ඒ මිනිසා සදාකාලිකවම ජීවත් වන්නේය.

මේ දැන් කිලිනොච්චියේ හඩා වැලපෙමින් සිහිසුන්ව වැටෙන මිනිසුන් අතර සිටි තවමත් අතරමංව සිටින කර්නල් රත්නප්‍රිය ය.

 

මෙම සටහන කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රංජීත් කීරති තේනකොන් මහතා විසින් සිය මුහුණ පොතේ තැබුවකි මෙම සටහන සමග ඡුායා රූප දුටු පළමු මොහොතේ මාගේ නෙතටත් නැතැතින්ම කදුළක් නැගුණි එය මාහට වඩාත් දැනෙන්නට ඇත්තේ බන්දු මහතා මාගේ සහෝදර සහෝදරියන්ව ආදරයෙන් රැුක බලා ගත්ත නිසා වීමට පුලුවන
සැබැවින්ම සිවිල් ආරක්ෂක දෙපාර්තුමේන්තුවේ අණදෙන නිළධාරි කර්නල් රත්නපි‍්‍රය බන්දු මහතා වෙත මාගේ ප‍්‍රණාමය පුද කරමි ඒ 30 වසරක යුද්ධයෙන් සියල්ල අහිමි කරගත් ප‍්‍රජාවක් නගා සිටුවීම වෙනුවෙන් කළ සේවය වෙනුවෙනි එසේම ් එම ජනතාවගේ සිත් දිනා ගැනීමට බන්දු මහතාට හැකිවීම හේතුවෙනි සත්‍ය නම් ලොව ඔ්නෑම යහපත් ජ්‍යෙෂ්ඨ උගත් විදවත් දක්ෂ මෙකී නොකී කවරකු පිළිබද අපට ගුණ ගයන්නට හැකිය එහෙත් ඔහු හෝ ඇය වෙනුවෙන් අපගේ දෑසින් කදුළක් ගලයි නම් ඒ ඔහු හෝ ඇය අප සිත් දිනා සිටිය යුතුමය අපේ හිතේ ඔහු හෝ ඇය වෙනුවෙන් ආදරයක් සෙනෙහසක් පැලවී තිබෙන්නටම ඔ්නෑමය බන්දු මහතා වෙනුවෙන්ද සෙනෙහසක් ඔවුන්ගේ සිත්හි පදියම්ව තිබේ ඔහුගේ සමු ගැනීමේ දිනයේදි එතරම් කදුළු දෙනෙත් වලට නැගුණේ ඒ නිසාම විය යුතුය

සැබැවින්ම බන්දු මහතා කළේ කුමක්ද විමසා බැලිමි ඒ මහතා යුද්ධයෙන් පසුව හමුදා බාරයට පත් එල්ටීටීඊ සාමාජීක සමාජීකාවන් පුනරුත්ථාපනය කිරීමේ වගකීම බාරගෙන ඇත එය ඉතා බාරදුර කාර්යයක් බව පැවසිය යුතුමය මේ ඔවුන් සමාජ ගත කරන විට එහි වගකීම ගත යුතුමය මන්දයත් නැවත වරක් ඔවුන්ගේ සිත් ප‍්‍රචණ්ඩත්වය වැළද ගතහොත් එය තවත් මහා විනාශයක ආරම්භය විය හැකි නිසාය එලෙස සමාජ ගත කරන්නන්ට සමාජයේ සමාන්‍ය පරිදි ජීවත්වීමේ පසුබිමක් තිබිය යුතුය ජීවනෝපාය මගක් තිබිය යුතුය ඉතින් කර්නල් බන්දු මහතා ප‍්‍රමුඛ සිවිල් ආරක්ෂක දෙපාර්තුමේන්තුව තමන්ට හැකි පමණින් පුනරුත්ථාපනය වු එල්ටීටීඊ සාමාජීකයන් වෙනුවෙන් ජීවනෝපාය මාර්ග හදුන්වා දුන්නේය ඒ වෙනුවෙන් මේ වනවිටත් උතුරේ ආරක්ෂක අංශ විසින් උතුරේ කි‍්‍රයාත්මක කරනු ලබන කි‍්‍රයාත්මක කරනු ලබන ව්‍යාපාර බොහෝමයකි ඒවා අතර ගොවිපොළවල් සංචාර හෝටල් ධීවර කටයුතු ආපන ශාලා ආරක්ෂක සේවා කඩසාප්පු මේ ආදි වාණිජමය ව්‍යාපාර රැුසක් වෙයි තවද ස්වයං රැුකියා අවස්ථාද හදුන්වාදීමට බන්දු මහතා ප‍්‍රමුඛ සිවිල් ආරක්ෂක දෙපාර්තුමේන්තුව කටයුතු කොට ඇත මෙම කාර්යයට ති‍්‍රවිධ හමුදාවම මහත් දායක්ත්වයක් දක්වා තිබෙන බව සිහිපත් කළ යුතුමය
ඒ අනුව සමාජ ගත කරනු ලැබු එල්එල්ටීඊ සාමාජීක සමාජීකාවන් එම ව්‍යාපාර වලට අනුගත කිරීම හේතුවෙන් එය ඔවුන්ට නැවත ජීවත්වීම පිළිබද බලාපොරොත්තුවක් ලබාදී තිබේ එය ඔවුන්ට අනුව ඔවුන්ගේ පුනරුප්පත්තියි එවන් පුරුප්පත්තියකට සවියක් වු බන්දු මහතා ඔවුන්ට දෙවියෙකු ලෙස පෙනීම අරුමයක් නොවන්නේමය
තත්ත්වය මෙසේ තිබියදි උතුරේ රැුදී සිටින හමුදාවට උතුරේ වැසියන් මෙපමණ ආදරය කරන්නේ නම් මහා ජාතිවාදි උතුරේ දකුණේ දෙමළ නායකයින් සිවිල් සංවිධාන උතුරෙන් හමුදාව ඉවත්විය යුතු යැයි කෑමොර දෙන්නේ මන්දැයි ඔබ පෙරළා මගෙන් ප‍්‍රශ්න කරනු ඇත ඇත්තය විග්නේෂ්වරන්ලා සම්බන්දන්ලා සිවාජීලිංගම්ලා හැමදාමත් කෑමෝර දෙන්නේ උතුරට මෙවන් සේවාවක් ඉටු කරමින් සිටින හමුදාව උතුරෙන් සම්පුර්ණයෙන්ම ඉවත් කරන ලෙසය

ඔවුන් එලෙස කෑමෝර දෙන්නේ උන්ට පිස්සු නිසාද නැත්නම් ඊර්ෂි්‍යාව නිසාදැයි මටත් සොයා බලන්නට සිදුවෙයි ඔවුන් හමුදා විරෝධතාවය දක්වන හේතු මේසේය යුද්ධය අවසන් වන මොහොතේ ආරක්ෂක අංශ විසින් උතුරු නැගෙනහිර පළාත් වල අත්කර ගෙන තිබු පෞද්ගලික ඉඩම් ප‍්‍රමාණය අක්කර 30000 කට ආසන්නය තමන්ගේ දැඩි අරගලය හමුවේ මේ වනවිට ටිකෙන් ටික හමුදාව තමන්ගේ ඉඩම් නිදහස් කරමින් තිබේ තවමත් ඉතා ඵලදායි වටිනා ඉඩම් රැුසක් හමුදාව සතුය එම ඉඩම් තම ජනතාව වෙත වහා නිදහස් කළ යුතුය උතුරේ රදවා ඇති හමුදා නිළධාරීන් සංඛ්‍යාව 150000කට වැඩිය යුද්ධය අවසන්ව වසර නවයක් ගතව තිබියදි එපමණ හමුදාවක් උතුරට අවශ්‍යද එමගින් සිදුව තිබෙන්නේ උතුර තවමත් හමුදාකරණය වී තිබීමයි යුධ සමයේ පැවති උණ්ඩ බිය හැරුණු හැටි ජනතාව තුළ පවතින හමුදාබය පක්ෂපාතිත්වය එලෙසමය එය වැටහෙන්නේ උතුරේ ජීවත් වන්නන්ට පමණය හමුදාවේ අවසරයකින් තොරව අදත් උතුරේ සිදු කළ කටයුතු තිබේ නම් එවා ඉතා අල්පය උතුරු නැගෙනහිර පළාත් වල හැර විශේෂයෙන් උතුර හැර අනෙකුත් ප‍්‍රදේශ වල යම් සිදුවීමකදි කි‍්‍රයාත්මක වන්නේ පොලිසිය නමුත් උතුරේ එය හාත්පසින් වෙනස්ය පොලීසිය තරමට හමුදාව කි‍්‍රයාත්මකය උදාහරණයක් ලෙස දකුණේ ඇති වන කළහලකාරි සිද්ධියකදි පොලිසිීය යොදවා තිබීමටත් ඒ වෙනුවට හමුදාව කැදවා ඇති අවස්ථාවකත් ඔබ මානසිකත්වය පවතින්නේ කෙසේද එවැනි මානසිකත්වයක මේ වනවිට වසර 40 ක පමණ කාලයක් ජීවත් වන ජනතාවගේ මානසිකත්වය කෙසේ වනු ඇද්ද ඔවුන්ට අවශ්‍ය නිදහස් ජීවිතයකි සමාන්‍ය මානසිකත්වයකි අප ඉල්ලා සිටින්නේ ඒ නිදහසයි ත‍්‍රස්තවාදය මුලුමනින්ම උපුටා දැම්මේ යැයි කියන්නේ නම් තවදුරටත් මෙපමණ හමුදාවක් උතුරේ රදවා තබන්නේ මන්ද ඉතා දියුණු තාක්ෂණයක් දක්ෂ බුද්ධි හමුදා බුද්ධි අංශයක් පවතින වර්තමානයේ උතුරේ හමුදාව සීමා කරමින් සිය සේවාවන් ඉටු කළ නොහැකිද

තවද හමුදාව විසින් උතුරේ හමුදාකරණය සාධාරණියකරණය කිරීම වෙනුවෙන් උතුරේ තරුණ තරුණියන් තමන් වෙත ඈදා ගැනිමට ඉතා සුක්ෂම උපාය මාර්ග කි‍්‍රයාත්මක කර තිබේ ඒ එම උපාය මාර්ග තමන්ගේ විනාශය බව නොදැනය එවා නම් උතුරේ සියලු ඵලදායි වාණිජ අවස්ථා හමුදාව මගින් මෙහෙයවිමය ඒ අතර මෙම ලිපියේ ඉහත සදහන් කළ සියලු වාණිජ ව්‍යාපාර වේ එවාට උතුරේ තරුණ තරුණියන් සේවයට බදවා ගෙන තිබේ එමගින් ඔවුන් හමුදා අණසකට නතු කර ගෙන ඇත යුද්ධයෙන් පසුව උතුරේ ආර්ථිකය පැවතියේ බින්දුවේය සියලු ජනතාව තම ජිවනෝපාය මාර්ග අහිමි කර ගෙන සිටියෝය ඔවුන්ට වුවමනා වුයේ කෙසේ හෝ නැවතත් ජිවිත නගා සිටුවා ගැනීමය නමුත් ඒ වෙනුවට සිදු වුයේ තම භූමියේ අනාථයන් බවට පත්වීමය තම භුමියේම තවකෙකු යටතේ සේවය කිරීමටය අද අපගේ ධීවරයින්ට ධීවර කටයුතු කිරීමට නිදහසක් නැත ධීවර කටයුතු වලද හමුදාව නියැළෙයි හමුදාවේ නීතිරීති වලට අනුකූලව අප ධීවර කටයුතු වල නිරත විය යුතුය අපගේ වෙරළ තීර වල සංචාරක හෝටල් නිකේතන හමුදාව විසින් පවත්වාගෙන යයි එය ධීවර කටයුතු වලට මහත් බාධාවකි තවද පිටස්තර ධීවරයින් අප වෙරළ තීරයන්හි ධීවර වාඩි සිය ගණනක් ගසා ධීවර කටයුතු ව නිරත වෙයි එසේම ඉතා සරුසාර අපගේ ඉඩම් වල වගා කටයුතු කරන්නේ හමුදාවය මෙසේ අපගේ සියලු ව්‍යාපාර අවස්ථා වල හමුදාව නිරතව සිටියි එසේ තිබියදි අප ජීවත් වන්නේ කෙසේද හමුදා තීරණයන් අභිබවා අප කටයුතු කරන්නේ කොහොමද

මේ උතුරේ ජාතිවාදීන් යැයි හදුන්වන දෙමළ දේශපාලන නායකයින් නගන චෝදනාය එම චෝදනා සාධාරණද අසාධාරණදැයි තීරණය කිරීම ඔබ සතුය
නමුත් ඊට පෙර අවධාරණ කළ යුතු කරුණු කිහිපයක් තිබේ කාලයක් පුරාවට පැවති යුද්ධයකින් පසුව එයින් පීඩාවට පත් ජනතාව පුනරත්ථාපනය කිරීම නගා සිටුවීම ආරක්ෂා කිරීම එරට රජය ආණ්ඩුව සතු වගකීම්ය ඒ වෙනුවෙන් වෙනත් රාජ්‍යයක් පෙනී සිටින්නේ නැත එබැවින් ශී‍්‍ර ලංකා රජය එය ඉටු කරමින් සිටියි එය අගය කළ යුත්තකි එහෙත් උතුරේ ජනතාවගේ දැඩි විරෝධය මත හමුදාව උතුරේ රදවා සිටියි එය කවර සාධාරණ හේතු මතදැයි ආණ්ඩුව හෝ රජය තවමත් එම ජනතාව වෙත හෝ නායකයින් වෙත මෙතෙක් පැහැදිලි කිරීමක් කර නැත

අවසානයේ තවමත් උතුරේ ජනතාවට අදත් ජීවත්වීමට සිදුව ඇත්තේ හමුදා භිතියෙනි මා වැරදි නම් එය වඩාත් හොදින් අවබෝධ කර ගැනීමට මාසයක් යාපනයේ ගොස් ජීවත් වන්නැයි කවරෙකුට හෝ යෝජනා කරමි ලංකාවේ ත‍්‍රස්තවාදය මුලිනුපුටා තිබෙන්නේ නම් ලංකාවේ අනෙකුත් ප‍්‍රදේශ වල ජනතාව මෙන් උතුරු නැගෙනහිර ජනතාවට ජීවත්වීමට ඇති අවහිරය කුමක්දැයි එම ජනතාව මෙරට නායකයින්ගේ අසන ප‍්‍රශ්නය වී තිබේ
යළිත් ඇතැමෙකු ලියුම්කරුට පෙර ප‍්‍රශ්නයෙන්ම දමා ගසනු ඇත ඒ උතුරේ ජනතාව හමුදාවට මෙතරම් ඇලුම් කරන්නේ නොවෙද යන්නෙනි සැබෑවය එහෙත් එයින් ඔවුන් හමුදා ආරක්ෂාව යටතේ ජීවත්වීමට කැමැති බව එයින් ඉල්ලා නොසිටියි තම භූමියේම වහලුන් සේ ජීවත්වීම ඔවුන් ඉල්ලා නොසිටියි
මෙම ලිපිය මගින් කර්නල් රත්නපි‍්‍රය බන්දු මහතාගේ සේවය කිසිසෙත් ලියුම්කරු අවතක්සේරු නොකරයි එහෙත් අවශ්‍ය වන්නේ සෙනෙහස මුහුණෙන් පෙන්වීමට වඩා හදවතින් පෙන්වීමයි ඒ සදහා අවශ්‍ය වන්නේ උතුරේ ජනතාවටත් රටේ අනෙකුත් ජනතාව හා සමානව ජීවත්විය හැකි පරිසරයක් නිර්මාණය කරදීමයි යුද්ධයට හේතු වුයේ අසමානත්මතාවයයි ඔවුන්ට කිසිදු ආත්ම ගෞරවයක් නොලැබීමයි ආණ්ඩුවක් රජයක් කළ යුත්තේ මෙම හේතු වලට පිළිතුරු ලබාදීමයි එය කළ හැක්කේ නීතිමය ප‍්‍රතිපාදන මතය මන්ද නීතිය හමුවේ සියල්ලෝ සමානව සලකන බැවිනි

එසේ වුවහොත් යළිත් අප අප අතරෙම යළිත් කුළල් කා ගැනීම් යුද්ධ ඇති නොවනු ඇත තවත් පිරිසක් යළිත් වරක් පුනරුත්ථාපනය කිරීමට ඉඩප‍්‍රස්ථාවක් උදා නොවනු ඇත එදිනට අපගේ රටේ නායකයාට කවරෙකු වේවා ඔහු හෝ ඇයට උතුරේ වැසින්ගේද සිත් දිනාගැනිමට හැකියාව ලැබෙනවා නොඅනුමානය

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *