ගොමස්කඩ බුමුතුරුණු – චමරි නිලුෂා
ගොමස්කඩ බුමුතුරුණු
එළා මැටි පොළොවට..
හරස්කල ඉදිකඩුලු
හැර දමා හිමිදිරියට
මුවාකල පිරැවටය
නැකැත් නැති මාසෙක
කිරි අමිම ගෙට ගත්තා..,
කිරිගහක ඇසින් ගැලු
කිරි කදුලු සේරම….
රන් කිරක් කට නොගෑ ඇකයකින් වැටුන
හෙවනකට කිරිවැරැව පුඩුව මිස ලැමැද
උරැම නැති දෙනියෙ ඉම කිරිලකගෙ ගිගිර
සොයනවා කිරි මවක් ඇසේ සුද සඟව..