අගමැතිකමෙන් ඉවත්වන්නැයි රනිල්ට ජාත්‍යන්තර බලපෑම්

රට ස්ථාවරව පවත්වාගෙන යාම සඳහා විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීමට පෙර අගමැති ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස එජාප නායක අගමැති රනිල් වික්‍රමසිංහට තානාපති අංශ ඇතුළු ජාත්‍යන්තරයෙන් බලපෑම් එල්ල වෙමින් තිබෙන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.එසේ ඉල්ලා අස්වී එජාපයේ වෙනත් අයෙකු අගමැති ධුරයට පත්කරගෙන ජනපතිවරණයාගේ නිල කාලය අවසන් වනතුරු රට ස්ථාවරව පවත්වාගෙන යාමට කටයුතු කරන ලෙසද අගමැතිවරයාට තානාපති අංශ දැනුම් දී ඇති බවද සඳහන්ය.
යම් හෙයකින් විශ්වාසභංග යෝජනාවෙන් අගමැතිවරයා පරාජයට පත් වුවහොත් ඔහුට විපක්ෂයට යාමට සිද්ධ වනු ඇති බවත් එසේ වුවහොත් දැනට විපක්ෂ නායක ධුරය දරමින් දෙමළ ජාතික සන්ධානය වාර්ගික සමගිය වෙනුවෙන් කරනු ලබන වැඩපිළිවෙල අවුල් වී යළිදු වරක් රටේ බෙදීමක් ඇති වනු ඇති බවද තානාපති අංශ අනතුරු හඟවා තිබේ.
මේ නිසා තනි පුද්ගලයෙකු වශයෙන් තමාගේ තනතුර ගැන පමණක් නොසිතා රටේ ඉදිරි අනාගතය ගැන සිතා මේ මොහොතේ අගමැතිවරයා ඉවත්විය යුතු බව තානාපති අංශවල මතය වී ඇත.
ඉන්දියාව, ඇමෙරිකා එක්සත් ජනපදය ඇතුළු එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් රටවල් රැසක තානාපතිවරුන්ද අගමැතිවරයා විශ්වාසභංගයේදී කටයුතු කරමින් සිටින ආකාරය අධ්‍යයයන කිරීමෙන් පසු ඉහත සඳහන් කරුණ ඔහුට දැනුම් දී ඇති බවද සඳහන්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *