ගිනි පුපුරු හා සමගිය – සාරල් සුබ්‍රමනියම්

ඇදිරි නීතිය තාවකාලිකව නතර වු වහාම මම දිව්වේ දිගන ටවුමටය ඒ ගෙදර හාල් ඇටයේ සිට අඩුපාඩු කඩයෙන් ගැනීමට තිබු නිසාමය ජීවිතයේ කෙදිනකවත් දිගන ටවුමේ මෙතරම් මුස්කෙන්තු බවක් දැන නොතිබුණෙමි මුලු ටවුමම අමු සොහොනක් සේ මට පෙනෙන්නට විය සෑම තැනම එල්ලා තිබු සුදු කොඩි එම හැගීම තවත් භයංකර කොට තිබුණි මිස් බඩුවක් මුට්ටුවක් ගන්න ආවානම් අරන් ඉක්මනට ගෙදර යන්න ඊළගට මොනව වෙයිද කියන්න බැහැනේ ඒ එතැන සිටි එක් පොලිස් නිළධාරියෙකු මට කළ තරවටුවය

උඩ ටවුමෙන් පහළ ටවුමට ඇදෙන මාවත ගියේ ඇදුණෙමි හරිමට ෂෙඩි එක ඉදිරිපිටය එකදු කඩයක් ඇර නොතිබිණි වෙනදා එහි සිරි මසිත මැවුණත් අද තැනින් තැන ගිනිබත් වු කඩත් වැසුණු කඩත් පමණක් දැක්ක හැකිවිය එම කඩ පේළියේ පහළම කොටසේ ගිනිබත් කොට තිබුණ් කඩය ඉදිරි පිට එක් පුද්ගයෙකු බිම ඇන තියාගෙන සිටිනු දුටුවෙමි තවත් අයෙකු සිටගෙන කුමක් හෝ පවසමින් සිටියේය අනිවාර්යෙන්ම බිම ඇනගෙන සිටි පුද්ගලයා මුස්ලීම් ජාතිකයෙකි ඔහු ඔහුගේ අනන්‍යතාවය පෙන්නුවේ හිස පැළදි තොප්පියෙනි මා යා යුත්තේ ඔවුන් පසුකරය ඔවුන් පසු කරත්ම මම එතැන නැවතුනේ ඉබේටමය ’නානා ඔවා ඔහොම තමා මිනිස්සු වුණත් හැමෝම එක වගේ නැහැනේ බය නැතිව ඉන්න අපි ඉන්නවානේ කඩේට වන්දි හම්බ වෙයි අපි ආයෙමත් බිස්නස් කරමු එහෙම කීවේ මුස්ලීම් පුද්ගලයාගේ පිටට සෙමින් තට්ටු කරමින් සිටිගෙන උන් සිංහල පුද්ගලයාය

බිම ඇන තියා උන් මුස්ලිම් පුද්ගලයා මදෙස බැලුවෝය ඔහුගේ කදුලු අව්වට පිළිස්සෙමින් තිබුණු තාර පාරටත් සිමෙන්ති ගැට්ටටත් සට සට ගා වැටෙනු දුටුවෙමි එය මා සිත තවත් අසරණ කළේය මන්ද මොහු මේ කඩේ මුදලාලි සියාය මාද ඔහුගෙන් අනෙක වර බඩු මිළදි ගෙන ඇත්තෙමි දැනුණේ පවුලක ආරවුලක් ඇතිවු විට දැනෙන අසරණකමකි එබැවින් කිසිත් නොකියා හනිකට පහළ ටවුටම ඇදුණෙමි

දැනුණු කළකිරිමෙන් නිවසට පැමිණි පසුත් කතාව කළබලය ගැනය විනාශය ගැනය එයින් තොර මාතෘකාවක් අප නිවෙස් වල නොවිය දන්නවාද මැරුණ කුමාරසිරි අයියා ගිනි තියපු මොරගහමුල එම් කේ එම් කඩෙත් කාලයක් වැඩ කළා ඒ අප මාමා කුමාරසිරි අයියා ගැන කී ගුණ කථනයයි
දිගන තෙල්දෙණිය සිදුවීම ආරම්භ වුයේ මැදමහනුවර මොරගමුල අම්බාලේ ගමෙනි පහරදීමෙන් මිය ගිය කුමාර නැමැත්තා රියදුරෙකු වන අතර මෙ සිද්ධිය නිසාම පළමුව ගිනි තැබුණු එම්කේඑම් මුස්ලීම් කඩයේ සේවයකු ලෙස සේවයද කොට තිබේ මා පෞද්ගලිකව දන්නා පරිදි මොරගහමුල හා ඒ අවට ගම් වන දුනුවිල බෝමුරේ දොරලියද්ද වේඩරුව අම්බාලේ මේ හැම කුඩා ගම් වල සිංහල ගොවි ජනතාව එදිනෙදා සිල්ලර බඩු මිළදි ගත්තේ මේ කඩයෙනි එමෙන්ම මොරගහමුල හන්දියට ඇති එකම සිල්ලර බඩු කඩයද මෙයයි කඩේ මුදලාලදි එදා මෙදාතුර සිංහල ජනතාව සමග කුළුපහව ජීවත් වු කා අතරත් හොද නම දිනුවෙකි

එම්කේඑම් කඩය ගිනිගන්නා බව දැන ගත්තේ 5 වනදා පාන්දර පහට පමණය කිසිත් කළ නොහැකි වු තැන උදේ හතහමාරයට පමණ වගකිවයුත්තන් වෙත පණිවිඩය ලබා දුන්නෙමි මන්ද ඊට වැඩ ියමක් මාහට කළ නොහැකි නිසාය එමෙන්ම දහවල් කාලයේ පෙළපාලියකින් තරුණයින් දිගන නගරයට යාම පිළිබද සැලසුම් ගමේ සිදුවෙමින් තිබුණු අතර ප‍්‍රදේශයම සැනෙකින් බියෙන් ඇළලීයමින් තිබිණි සිද්ධියේ මුල සිටම නීතිය ආකා්ර්‍යක්ෂමතාවය ඇවිළෙන ගින්නට පිදුරු දමමින් තිබිණි හමුදාවේ අය තමයි කිවේ අපි හතර දෙනෙක් ඉන්න ඔ්න තීරණයක් ගන්න වුණත්. ඒ නිසා අපි බලන් ඉන්නම් උඹල ගහපල්ල කියල. මේ ඇසින් දුටු සාක්ෂි කී කතාය

ඉතින් නීතිය ගැන තව කවර කතාද? විනාශය මහා විනාශයක් වුයේ මේ නිසාමය
දන්නා තරමට යුද්ධය කාලයේ පවා අප ප‍්‍රදේශය සාමකාමීය සියල්ලෝම එකාවන්ව ජීවත් වුණෙමු විශේෂයෙන් ඒ අත්දැකීම මම අත්දකින අයෙක්මි වෙසෙක් උත්සව පොසොන් උත්සව විශේෂයෙන් මොරගහමුල කතරගම දේවාල උත්සවය මේ ආදි ප‍්‍රදේශයේ අවස්ථා සියල්ලක්ම අපේ ගමේ සංහිදියාව මොනවට කියා පෑවේය අප ප‍්‍රදේශයේ මා ඉතා හොදින් ඇසුර කරන පන්සලේ දානය පිළිගන්වනු ලබන දායකයින් අතර දෙමළ පවුල් 25 ක් සිටින බව පැවසුවේ පන්සලේ ලොකු හාමුදුරුවන්මය ඉදින් අප ප‍්‍රදේශය ගිනි තැබුණේ නම් ගිනි තැබුණේ පිටතින් වැටුණු ගිනි පුපුරකින්මය එය අවිවාදිතය

මන්ද කුමාරසිරි අයියාගේ අවමංග්‍ය කටයුතු සදහා ප‍්‍රදේශයේ මුස්ලිම් පල්ලිය පළමුව ලක්ෂ දෙකක මුදලක් ලබාදීමටත් පසුව ඔහුගේ පවුල වෙනුවෙන් ලක්ෂ 15 ක මුදලක් ලබාදීමටත් පොරේාන්දුව තිබුණි එසේම් සංඝයා වහන්සේලා ප‍්‍රමුඛ පුජකතුමන්ලා ප‍්‍රදේශයේ සාමකාමි බව රැුකුම වැදගත් බව අවධාරණය කොට තිබු නිසාය
කෙසේ වෙතත් සිය ආත්මාර්ථකාමි අභිලාශ මුදුන්පත් කර ගැනිමට අවස්ථාවක් සොයමින් සිටි අන්තවාදීන්ගේ සිය එකායන අරමුණ අත් නොහැරියේය ඔවුන් සිතැගි ඉටු කර ගත්හ මතක් කළ යමක් තිබේ මතකයේ හැටියට මාර්තු එනම් මෙමස 03 වනදා මුහුණු පොතේ පොස්ටුවක දමා තිබුණේ තෙල්දෙණිය මරණය ඇදල ගත්තා නම් කියායි ඒවේලෙහි එය මා හට ගානක් නොමැති වුවත් ඔබ පිළි ගත්තත් නැතත් මේ විනාශයට අඩුවැඩියෙන් හෝ මුහුණු පොතත් දායක වු බව කිව යුතුමය ( මුහුණු පොත අවභාවිතය නිසාවෙන්*
තත්ත්වය මේ වනවිට සාමකාමීය විනාශ වු කඩවල් පිළිසකර කරනු පෙනේ කාලයාගේ අවෑමෙන් යළිත් සියල්ල සුපුරුදු පරිදි සිදුවනු ඇත එහෙත් මෙම සිදුවිමත් මේ සිදුවීමට සතියකට පෙර අම්පාරේදි ඇතිවු සිදුවිමත් තනන්නට උත්සහා කරන්නේ මහා විනාශයක් තවමත් අපට උරුම කොටදි ඇති වසර තිහක යුද්ධයයි එසේ නම් අපට අවශ්‍ය නැවතත් එවන් යුගයක්ද
නිදහසින් පසු වැඩිම කාලයක් අප වැය කොට තිබෙන්නේ ඇන කොට ගැනිමටය අනෙකා විනාශ කිිමටය එයින් අවසන් ඵලය වුයේ දෙපාර්ශවයට මහා අහිමිවිම් සිදුවීමය යුද්ධය අවසන්විම මහත් භාග්‍යයකි ඒ යුද්ධයක් හේතුවෙන් අප රට විනාශයට යෑම නතරවිම නිසාය යුද්ධයකින් හෝ කළහකාරීත්වයෙන් සමාන්‍ය ජනතාව පීඩාවට පත් වුවත් එයම ඇතැමුන්ට සුඛවිහරණ හිමි කොට දෙන්නේය ඔවුන්ගේ පැවැත්ම රදා පවතින්නේ ඒ මතය විශේෂයෙන් අශිලාචාර දේශපාලනයේ මහා රදා පැවැත්ම පවතින්නේ ජාතිවාදය අන්තවාදය හා ආගම්වාදය මත බැවිනි ප‍්‍රතිපත්තිමය දේශපාලනය නොතකන අප රට එහි ගොදුරක් වී තිබෙන්නේ ඒ නිසාය

මෙම සිදුවීම් මා දුටු පරිදි ඇතැම් චණ්ඩින්ට තාවකාලික ආතල්ය සැලසුම්කරුට සුපිරි ගේම්ය මොළකරුට ඊළග පුිටුවට යන පාරය ඊට මුලිකම හේතුව දේශපාලන බලලෝභිත්වය පමණක්මය මොවුන්ට ගමක් අවශ්‍ය නැත සමාජයක් අවශ්‍ය නැත දරුවෙක් අවශ්‍ය නැත අවසන රටක් අවශ්‍ය වන්නේද නැත අතීතයේ සිටම සිදුවුයේ මෙයයි එහි ආදීන ලෙස අදත් අප පරාදීන ජාතියක් හා දියුණු වෙමින් පවතින රටක්වම සිටිමු
දැන් සිතන්නට ඇත්තේ තවදුරටත් පරාජිත ජාතියක් ලෙස ජීවත් වෙමුද ලාංකීය ජාතිය ලෙස ගොඩ නැගෙමුද යන්නයි ඒ මත මෙරට අනාගතයද රදා පවතිනු ඇත මෙය අතීතයේ සිටම අප රට සැබෑ දේශපේ‍්‍රමීන් කී කතාවය ඒ සදහා පළමුව රටේ නායකයින්ගේ අවංක කැපවීම හා උනන්දුව අවශ්‍යමය එසේම ජනතා මනස ඒ සදහා වෙනස් කළ යුතු යැයි සිතමි මන්ද චින්තනනේ අප වෙනස් නොවන තාක් කල් අප කි‍්‍රයාවෙන්ද වෙනස් නොවන නිසාය

ඉහත සිදුවීම් දෙස බැලීමේදි පළමුව නීතියේ අකාර්‍යක්ෂමතාවය හා පක්ෂපාතීත්වය පළමුව නිවැරදි විය යුතුය එසේම එම ආරක්ෂ අංශ සමාන්‍ය නිළධාරියාගේ සිට අප දුටු ලක්ෂණක් වුයේ ඔවුන් සේවය කළේ ජාතීන් හා ආගම් වලට මිස ලාංකීය ජාතිකට නොවීමයි ඔවුන් මෙම සිදුවීමේදි නීතිය සැමට සමානය සිතා කටයුතු කළා නම් මෙවන් ව්‍යසනයක් සිදු වන්නේම නැත තවද මෙම සිද්ධිය සැළසුම් කළා යැයි කියන මහසොහොන් බළකයා ඊයේ පෙරේදා දිනක පිහිටු වුවක් නොවේ එතෙක් බුද්ධි අංශ නිදා සිටියේද ගමක අවමංග්‍යධාර සමීතියත් ලියාපදිංචි විය යුතු තැන මේ සංවිධානය ගැන රජය දැන නොසිටියා නම් එය අමුලික බොරුවකි අනෙකි මහා විශාල අකුරින් පොස්ටර් බැනර් ගසා මහසොහොන් බළකාය මහ ලේකම් කාර්යාලය කුණඩසාලයේ ප‍්‍රධාන මාර්ගය ආසන්නයේ විවෘත කොට මේ වනවිට අවුරුදු තුනකට ආසන්න වෙමින් තිබේ මහනුවර නගරට යන එන නිතර මම මෙම කාර්යාලය දකන්නෙමි ඉදින් මෙවන් විශාල කාර්යාලයක් නොදැකිමට බළධාරීන් අන්ධයෝදැයිද නොදනිමි
තෙල්දෙණිය දිගන ප‍්‍රදේශයේ කළහකාරී තත්ත්වය ආරම්භවත්ම කවුරුත් මෙවන් විනාශයක් වේ යැයි නොසිතුහ එහෙත් විනාශය රටට මහත් පාඩුවක් සිදු කළේ ජාත්‍යන්තරයේ ශි‍්‍ර ලංකාව පිළිබද කැළලක්ද තබමිනි එය ලංකාවට අවාසිදායක ලෙස හැසිරෙමින් තිබු එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්ලය සැසිවාරයට තවත් රුකුලක්ද විය තවද ලෝකයේ බලවතුන් රැුසක් ලංකාවට අනතුරු ඇගවීම් කර තිබිණ

පිළිගත්තද නැතද බටහිර අධිරාජ්‍යවාදීන් යැයි චෝදනා කළද නැද්ද අප රටට අනාගතයක් ඇත්තේ ගෝලීය ආර්ථිකය සමගය එසේම මැදපෙරදිග රටවල් මෙරට මුස්ලිම්වරුන් පිළිබදවත් ඉන්දියාව මෙරට දෙමළ ජාතිකයින් පිළිබදවත් යම් උනන්දුවකින් පසු වෙයි මෙම බලපෑම් නියත ලෙස අප රටේ හැසිරිමට බලපෑම් කරයි කවරෙකු හෝ පවසනවා නම් අපට තනිවම ජීවත් විය හැකි යැයි ඔහු වැදි යුගයේ චිනතකයෙකු මිස නුතන චිනතකයෙකු නොවෙයි එයින් අප පිටරට ගැත්තන් විය යුතුය යන්න අර්ථවත් නොවෙයි අවශ්‍ය වන්නේ නිවැරදි භාවිතයයි

මා හිතවත් මුහුණ පොත් මිතුරෙකු මා සමග පැවසුවේ මෙරට සුළු ජාතින් තමන්ට යටත්ව සිටිය යුතු බවත් ඔවුන් මෙරටින් පන්නා දැමි යුතු බවත්ය මෙලෙස තව බොහෝ දෙනෙකු සිතනවා ඇත එය කෙතරම් බරපතලද මෙම කි‍්‍රයාවන් කිසිවිටෙක ප‍්‍රායෝගික නොවේ එවන් චින්තන මගින් සිදු වනුයේ විනාශයක්මය එසේම මෙවන් අදහස් වල ආදීන පැහැදිලි කිරීමට හෝ අවබෝධ කොට දීමට රටේ නායකයින් බුද්ධිමතුන් විශේෂයෙන් පුජ්‍ය පක්ෂය මැදිහත් නොවිම රටට සිදුව ඇති විශාලතම ඛේදවාචකයයි

මෙරට දේශපාලන ඉතිහාසය ගත්තද තවමත් මෙරට ජාතික ගැටලුවට විසදුමක් ලබා ගැනිමට අසමත්ව සිටිමු ඒ වෙනුවෙන් වු ප‍්‍රයත්න බොහෝමයක් වුවත් ඒ සියල්ල බලලෝභි දේශපාලනයේ කූට උපක‍්‍රම විසින් විනාශ කර ඇත වත්මන් ආණ්ඩුව පත්වද්දි වු පළමු පොරොන්දුවක් වුයේ රටේ සංහිදියාව ස්ථාපිත කිරීමයි අවම වශයෙන් ඒ සදහා වන සාර්ථක එකදු වැඩසටහනක් තිබුණා නම් මෙවන් කළහකාරී සිද්ධි ඇති වේද
ජාතික සහජීවනය සංවාද හා රාජ්‍ය භාෂා නමින් වෙනමම අමාත්‍යාංශයක්ද ජාතික සාමය හා සංහිදියාව සදහා වන කාර්යාලය සංහිදියාව සදහා වන යාන්ත‍්‍රණය සම්බන්ධිකරණය කිරීම සදහා වු මහලේකම් කාර්යාලය වැනි ප‍්‍රමුඛ පෙළේ රාජ්‍ය ආයතන ඇතුළු තවත් ආයතන රැුසක් ස්ථාපිත කොට තිබේ එහෙත් මෙවායින් සැබෑ සංහිදියාව ගොඩනැගිම වෙනුවෙන් කි‍්‍රයාකාරී මැදිහත්විමක් තවමත් වන්නේද යන්න මහජනතාව වන අපට ඇත්තේ සැකයක් පමණය මෙම ආයතන දැන්වත් සකි‍්‍රය කිරීම කාර්යය රටේ නායකයින් සතු වගකිමක් නොවෙද

ජාතියකට ජාතියක් යටත් හෝ ආගමකට ආගමක් යැයි යන පටු මානසිකත්වයෙන් බැහැරව ලාංකීය ජාතිය ගොඩ නැගිමේ කාර්යය පහසුවෙන්ම කළ හැක්කේ මේ රටේ ආගමික නායකයින්ට හා අධ්‍යාපනඥයින්ටය ශී‍්‍ර ලාංකාවේ ජීවත් වන බහුතරය බෞද්ධයින් වෙමු එවන් ධර්මයකට උරුමකම් ලද රටක ජනතාවටකට අමුතුවෙන් සංහිදියාව කියා දිය යුතු යැයි නොසිතමි අවශ්‍ය වන්නේ ධර්ම නායකයින්ගේ මගපෙන්වීම පමණය
ජාතික වේවා ආගමක වේවා සංස්කෘතියක වේවා එවායේ අනන්‍යතාවය විනාශ වන්නේ අනෙකුත් ජාතිය හෝ ආගම හෝ සංස්කෘතිය නිසා යැයි සිතනවා නම් කළ යුතුව ඇත්තේ එය රැුක ගැනුමට කි‍්‍රයා කිරීම මත මිස අනෙකා විනාශ කිරිම මත නොවේය මෑතකදි මිය ගිය මහා භෞතික විද්‍යාඥයෙකු වු හොකින් නිර්ගාමිකයෙකු විය එනිසාවෙන් ඔහු විනාශ වුයේද? නැත. විවිධ ජාතින් ආගම් සංස්කෘතීන් මිනිසාගේ පෞද්ගලික අනන්‍යතාවයක් මිස පොදු වුවක් නොවෙයි එය රටකට සම්පතකි එය රටේ අභිවෘද්ධිය වෙනුවෙන් යොදා ගත හැකි දායාදයකි එය රටේ විනාශය වෙනුවෙන් යොදා ගන්නවා නම් එතරම් අනුවණකමක් තවත් නැත්තේය

පසුගියදා දිගන තෙල්දෙණිය සිදුවීම ජාතිවාදි විනාශයක පළමුවැන්න හෝ අවසානය නොවේය මේ අවසානය නොව ආරම්භයයි මන්ද පිටතට වැටුණු ගිනි දැල් නීවී නැත ඒවා අදුරේ ඇවිළිමෙන් තිබේ එසේම ඒ ගිනිදැලේ මව් පුරුක රට වටා තම පුපුරු වපුරා ඇත එවා ජාතිවාදි අන්තවාදි හා ආගම්වාදි මාරුතක පහස ලද වහා ඇවිළෙන්නට බලා සිටිියි දැන් සිතන්නට ඇත්තේ වසර තිහක කුරිරු යුද්ධය ආදරශයක් කොට ගමුද එසෙත් නොමැති නම් උගත් පාඩමක් කර ගනිමුද යන්න පමණය

One thought on “ගිනි පුපුරු හා සමගිය – සාරල් සුබ්‍රමනියම්

  • March 27, 2018 at 11:33 am
    Permalink

    Good one. Person who has the wound knows the pain. Writing or literature are the methods that someone can use them to share their experiences. I really learned about ethnic violence after reading books written by Tamil writers like Jean Arusanayagam, Shyam Selvadurai.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *