නරා සම්මුඛ පරීක්ෂණ බස් කුලී ගෙවීම්වලට පමණක් සීමා වෙයි

නාරා ආයතනය යනු ධීවර ක්ෂේත්රයේ පර්යේෂණ සඳහා තිබෙන ලංකාවේ එකම ආයතනයයි. වර්තමාන දේශපාලනයේ සුදු චරිතයක් ලෙස කටයුතු කරන මහින්ද අමරවීර මහතා යටතේ පවතින මෙම ආයතනයෙ සිදු වන අසාධාරනයක් ගැන තවත් සටහනක් මෙසේ තබන්නට සිදු වීමම කනගාටුදායකය.
විද්යා ක්ෂේත්රයේ විෂේශයෙන්ම ධීවර ක්ෂේත්‍රයට සම්බන්ධ උපාධිදාරින්ගේ එක් සිහිනයක් වනුයේ නාරා ආයතනයට විද්යාඥයෙකු ලෙස බැඳී පර්යේෂණ ක්ෂේත්රය ඔස්සේ සිය අනාගත රැකියා මාවත සකසා ගැනීමය.
ඒ අනුව පෙර වතාවන් වල මෙන්ම මෙවර විද්යාඥ තනතුරු 7ක් සඳහා ඉල්ළුම් පත් කැඳවූ අතර ලැබුන 1500 කට ආසන්න ඉල්ළුම් පත් අතරින් 500 කට අධික ප්රමානයක් පළමු වටයටද, එයින් තෝරා ගත් 200 ක් පමන දෙවන වටයටද සම්මුඛ පරීක්ෂන සඳහා කැන්දවනු ලැබීය. මෙම ක්රියාවලියම බඳවා ගැනීම් පරිපාටියට පටහැනිය. හේතුව ඇර්-1 සඳහා බඳවා ගත යුත්තේ “ලිඛිත තරඟ විභාගයක් හා/හෝ මණ්ඩලයක් මගින් පවත්වන ව්යුහගත පරීක්ෂනයක්” මගින් විය යුතුය. ලිඛිත පරීක්ෂණයක් තිබුනහොත් තමන්ගේ අය දා ගන්නට බැරිය. එනිසා නාරා ආයතනය ලිඛිත විභාග කලක පටන්ම පැවැත්වුවෙ නැත. සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයක් මගින් ව්යුහගත පරීක්ෂණ පැවැත්වුයේද නැත. පැවතියේ වාචික සම්මුඛ පරීක්ෂණ පමණි. සම්මුඛ පරීක්ෂණ සඳහා අමාත්යාංශ මෙන්ම ආයතනයේද අංශ ප්රධානින් ඇතුළු පිරිසක් සිටියද සැමදා මෙන්ම මෙවරද ඉලක්කම් ලිවීමෙ අපහසුතාවය නිසාදෝ, ඔවුන් සිය ලකුනු සටහන් කරන්නෙ පැන්සලෙනි. එහිදී අනියම් අන්දමින් අවශ්ය අයගේ ළකුනු පසුව වෙනස් කිරීමට ඉඩ කඩ පහසුවෙන් සිදු වේ. එසෙම අවසන් වටයේදී ඉදිරිපත් වූ අයට වෙන වෙනම එක් ලිඛිත ප්රශ්නයක් ලැබුනි. ලංකාවේ කිසිම විභාගයක එක ප්රශ්නයක් දී එයට උත්තර නොදන්නවා උනොත් ලකුනු නොලැබෙන තත්වයක් නැති අතර මේ අරුම පුදුම විභාගයෙදී එය සිදු විය. එසේම අදාල ප්රශ්න සැකසීමට කිසිදු මණ්ඩලයක් අප දන්න තරමින් පත් කර නැති අතර තනි පුද්ගලයෙක් සිය අභිමතාර්ථ හා අවශ්යතා මත එය සකසා ඇති බවට රාවයක් ඇත.
මෙහි අරුම පුදුම තත්වය වනුයේ සිය දේශපාලන හිතවතුන් ඉහත සියල්ලම කරලවත් දාගන්න නොහැකි තත්වයක්දි අදාල බඳවා ගැනීම් අවලංගු කර නැවත ඉල්ළුම් පත් කැඳවීමට යාමත්ය. ඈත හම්බන්තොට, මොණරාගල, බදුල්ල, මඩකලපුව, අනුරාධපුර වැනි ප්රදේශ වල සිට සම්මුඛ පරීක්ෂණ සඳහා දෙවරක් කොළඹට පැමිනි සිය ගනනක් දෙනා සිය මව හෝ පියා සමග කොළඹ අවට සිය නැදැ හිතවතකුගෙ නිවසට පැමින මේවාට සහභාගී වූ බවට ඒ සඳහා ඉතා අපහසුවෙන් වියදම් සොයා ගත් බවත් මේ පාලකයන්ට වගේ වගක් නැත. සති ගනනක් ආයතනයේ හා අමාත්යාංශයේ නිළදාරීන්ගේ කාලය අපතේ යෑමත්, ඔවුන්ට ගෙවීම් කිරීමට සංග්රහ කිරීමට රජයේ දේපොල වැය කිරීම යහපාලනයදැයි බොහෝ දෙනෙකු ප්රශ්න කරන අතර, යහපාලනයේ බෝඩ් එක ගහන් යන පෙරහැරෙ ඉදිරියෙන්ම යන අමරවීර ඇමතිතුමාගේ අමාත්යාංශයෙත් මෙහෙම තත්වයක් පවතී නම් අනෙක්වා ගැන කවර කතාද යන්න විමසීමට අපට සිදු වේ.

One thought on “නරා සම්මුඛ පරීක්ෂණ බස් කුලී ගෙවීම්වලට පමණක් සීමා වෙයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *