කරූ අගමැති කිරීමට රනිල් යෝජනා කරයි

ජනාධිපතිවරයා විසින් කරන ලද කැදවීමක් අනුව අගමැතිවරයා හා කතානායකවරයා සාකච්ඡාවක්  සදහා ජනාධිපති නිල නිවසට පැමිණ සිටී.

කෙසේ වෙතත් මීට පෙර ඊට අගමැතිවරයා දන්වා තිබුනේ තමන් පෙර යොදා ගත් රැස්වීමක් නිසා තමන් එම හමුවට සහභාගී නොවන බවකි.

පවතින දේශපාලන තත්වය ගැන සාකච්ඡා කිරීම සදහා ජනාධිපතිවරයා විසින් මෙම සාකච්ඡාව කැදවා ඇත.

මෙම සාකච්ඡාවේ පදනම වී ඇත්තේ ආණ්ඩුව පවත්වාගෙන යාමට පවතින තත්වයට නොහැකි නම් එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ සිටිමින් අගමැති ධුරය සදහා කරූ ජයසූරිය පත් කිරීමට තමන්ගේ අනුමැතිය සලකා බලන ලෙස රනිල් වික්‍රමසිංහ විසින් දැනුම් දීමයි

අද පස්වරුවේ සිරිකොතේදී පැවති එජාප කෘත්‍යධිකාරී මණ්ඩලය විසින් රනිල් වික‍්‍රමසිංහ මහතා දිගටම පක්‍ෂ නායක හා අගමැති තනතුරේ තබා ගැනීමට තීරණය කර ඇත.

මේ අතර සන්ධාන ආණ්ඩුවක් පිහිටුවීම සදහා තීරණාත්මක සාකච්ඡාවකට සන්ධාන මන්ත‍්‍රීවරුන් අද රාත‍්‍රියේ ජනාධිපතිවරයා හමුවීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *