පරිභෝජන රටාවේ කාල කළමණාකරණය – වෛද්‍ය සුජානි ප්‍රේමරත්න

හැම දේම කරන්න වෙලාවක් නෑ නෑ කියනකොට හිතෙන්නෙ අපිම දා ගත්තු වැඩි වැඩ නිසානෙ මේ හැරෙන්නවත් වෙලාවක් නැත්තේ කියලා. මහ කලබලයක් හිතේ ඇති කරගත්තට වැඩ දෙකක් එක පාර කරන්න බැහැනෙ. හිතට ඉස්පාසුවක් නැත්තේ ඊලග වැඩේ ගැන. , දැන් කරන වැඩේට විතරක් අවදානය දුන්නනම් මේ ඉස්පාසුව ඒ තරම්ම නෑ. බලන්නකො ටිකක් පාරේ යනකොට මිනිස්සුන්ට කොයි තරම් කලබලයක්ද තියෙන්නෙ කියලා. අපිම දා ගත්තු වැඩ වලටනෙ මේ දුවන්නෙ .
මගේ බුදුහාමුදුරුවොත් දේශනා කලේ මේ මොහොතේ ජීවත් වෙන්න , වර්තමානයට සිහිය පිහිටුවන්න කියල.මොන තරම් බණ ඇහුවත් අමාරුම වැඩේ තමා ඒක. පහුගිය කරපු දේවලුත් , ඉස්සරහට කරන්න ඉන්න වැඩ වලිනුත් ඔලුව පිරෙන එක. ඒත් අපි මේ ගැන කලබල වෙන්න හොද නෑ, මේ මිනිස් ස්වභාවය . අපි මේක තෙරූම් ගන්න ඕනී.

කොහොම උනත් පිලිගන්න තියෙන්නෙ අපිට වඩා සැහැලුවෙන් මේ තාක්ෂණික යුගයට පෙර මිනිස්සු ජීවත් උනා කියන එකයි. දැන් දැන් ලොකේ ගනු දෙනු වෙන දේවල් එක්ක රූප ශබ්ද ගන්ධ රස හා මනෝමය සිතුවිලි එක්ක උපාදානය වැඩි වෙන එකයි සිදු වෙන්නෙ. උදේ ඉදන් රෑ වෙනකල් බණ ඇහුවත් මඩේ දා දා ආපහු ආපහු හෝදන්ව වගේ තමයි.

ඒ කාලේ මිනිස්සු ගමන් බිමන් ගියේ පයින්, ගොන් කරත්ත වලින් . දැන් අය මිනිත්තු කිහිපයකින් කරන වැඩේ කර ගන්න ඉස්සර මිනිස්සු දින සති ගනන් ගත කලා. කරත්ත වල ඒ අය බඩු අරන් ගියේ . රාත්‍රියට ඒ කරත්ත ගම්මාන වල නැවත්තුවා. ගොනුන්ට කන්න තණ කොල , ජලය ආදිය සපයල තමනුත් විවේක අරං ගමන් කලේ.රාත්‍රි කාලයේ සුන්දරත්වය ඒ අය වින්දා. රාත්‍රියටත් ලන්තෑරුම් අරන් ඒ කරත්ත වලින් ගමන් ගිය හැටි අපි අහල තියනවා

රාත්‍රියට ඒ අයට තරු රටා බලන්න කලාමැදිරින්ගේ එලි බලන්න කාලය තිබුණා. පාලුවට කාංසියට සීපද , කරත්ත කවි කිව්වා.වායු සමනය කල සීත කාමර වෙනුවට සොබා දහමේ සීතල සුලග වින්දා .. දැන් හැම වැඩේම ඉස්සරට වඩා පහසු වෙලා තියනවා.එත් හැමෝම ඇතුලතින් කාර්‍ය බහුලයි. ශාරිරිකව මානසිකව රෝගී වූ පිරිස වැඩියි.ඇත්තටම බැලුවොත් අපි අනවශ්‍යය දේවල් වෙනුවෙන් නේද ගොඩක් වෙහෙස වෙන්නෙ. ජීවිත කාලයම වෙහෙස උනත් ඉවර කරන්න බැරි වැඩ ටිකක් නේද කරන්න තියෙන්නෙ. මේ නිසා කය වගේම මනසත් විඩා පත් වෙලා.

නෙතින් නෙතග ගැටෙනා රාග සිත
ලෙවන් නෙතින් පිසදා හරින්නට
බියෙන් සැකෙන් නැගෙනා තාප ගිනි
දයා දියෙන් සනහා නිවන්නට

කාලයයි නිදුකාණනේ
දීපයයි නිදුකාණනේ
දේශයයි නිදුකාණ්නේ
වඩිනු මැන නිදුකාණනේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *