සිම්බාබ්වේ හමුදා පාලනයක් – මුගාබේ හමුදා භාරයේ

සිම්බාබ්වේ හමුදාව ජනාධිපති රොබට් මුගාබේ ඇතුළු පවුලේ සාමාජිකයන් රඳවාගෙන සිටින බව පාලක සානු-පීඑෆ් පක්ෂය පවසයි.එය රටේ ව්‍යවස්ථාව සහ යහපැවැත්ම වෙනුවෙන් ගනු ලැබූ ක්‍රියාමාර්ගයක් බව ද පක්ෂය නිකුත් කළ ට්විටර් පණිවුඩයක දැක්වේ.
මේ අතර අගනුවර රූපවාහිනී මධ්‍යස්ථානය අල්ලාගත් හමුදාව පවසන්නේ එය කුමන්ත්‍රණයක් නොවන බවය. සිදුවෙමින් පවතින්නේ කුමන්ත්‍රණයක් නොවන බව අවධාරණය කරන පාලක සානු-පීඑෆ් පක්ෂය ද පවසන්නේ එය “සාමකාමී ලෙස බලය පවරාදීමක්” පමණක් බවය.
එහෙත් රටේ පවතින තත්වය තුළ “කුමන්ත්‍රණයක සියලු ලක්ෂණ” දක්නට ලැබෙන බව සිම්බාබ්වේ හි සිටින බීබීසී වාර්තාකාරිය ශිම්ගයි නියෝකා (Shimgai Nyoka) පවසයි.
රූපවාහිනිය ඔස්සේ ප්‍රකාශයක් කළ හමුදා ජනරාල්වරයෙක් ජනාධිපතිවරයා ආරක්ෂා සහිතව සිටින බව කියා සිටි නමුත් ඔහු සිටින්නේ කොතැනක දැයි සඳහන් නොකළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *