GMOA සයිටම් විරෝධය අවසන් කොට නෙවිල් ප්‍රනාන්දු වෙත සමීප වේ.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සයිටම් ගැළුව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනා පිළිගැනීමත් සමග සයිටම් ආයතනයේ ප්‍රධානී නෙවිල් ප්‍රනාන්දු විසින් යුහුසුළුව ලිපියක් යොමු කොට ඇති අතර එහි දැක්වෙන්නේ  මේ වනඇ විටත් රජයේ විශ්වවිද්‍යාලයන්හි වෛද්‍ය පීඨයන්හි දේශන වර්ජනයේ යෙදෙන සිසුන්ට එම වර්ජනය නවතා දේශන සදහා සහභාගී වීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් කටයුතු කරනු ඇති බවයි.

කෙසේ නමුත් අදාළ යෝජනා විසින් තත්වයට පැලැස්තර ඇලවීමක් පමණක් සිදුකොට ඇති බවත් මෙයින් කිසි සේත්ම සයිටම් වසා දැමිය යුතු බවට වන ස්ථාවරයේ වෙනසක් නොමැති බවත් පෞද්ගලික ආයතනයකට සයිටම් පැවරීම මගින් එය ලාබ නොලබන ආයතනයක් ලෙස සදහන් කොට තිබුනත් ලාභයක් අරමුණු කොට නොගත් පෞද්ගලික ආයතනයක් කුමන පදනමකින් මෙයට හවුල් වන්නේද යන්න ගැටළු සහගත බව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ලඩය සදහන් කොට සිටී. ඔවුන් වැඩිදුරටත් සදහන් කරන්නේ මෙය සයිටම් වසා දැමීම සදහා වන බලකිරීම දක්වා හැර වෙනත් විකල්පයන්ට තමන් යටත් නොවන බවත් අරගලය දිගින් දිගටම පවත්වාගෙන යාමට කටයුතු කරන බවත්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *