බොරු විසදුම් එපා – සයිටම් අහෝසි කරනු ! –  සයිටම් විරෝධී ජන පවුර

සයිටම් වෛද්‍ය විද්‍යාලය අහෝසි කිරීම සදහා ගෙන යනු ලබන අරගලය තවත් ඉදිරියට පවත්වාගෙන යාමට වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සන්දය හා එයට විරුද්ධ සංවිධාන අද තීරණය කරනු ලැබීය. ඒ අද (29) නුගේගොඩ පැවැති දැවැන්ත රැළියකට සහභාගී වෙමින් ජනපතිවරයාගේ විසදුම ප්‍රකාශ කිරීම හා එහි තත්වයන් අධ්‍යයන කිරීමෙන් අනතුරුවය.තවත් අතර මැති විසදුම් සදහා නොව සම්පූර්ණයෙන් සයිටම් අහෝසිය තෙක් මෙකී අරගලය පවත්වාගෙන යාමට කටයුතු කරන බවත් සයිටම් විරෝධී රැළීයට එක් වූ ජවිපෙ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී ලාල් කාන්ත විසින් එකී යෝජනාවලිය ඉරා දමා එය පිළිගත නොහැකි බව පවසා සිටියේය.

මෙහිදී සභාව ඇමතූ කාලෝ ෆෝන්සේකා සදහන් කොට සිටියේ මෙය වෛද්‍ය උපාධිය ලබාදෙන ආයතනයක් නොවන බවත් එය කිසිසේත්ම වෛද්‍යවරයෙකු බිහි කිරීමට සුදුසු ස්ථානයක් නොවන බවත්ය.

කෙසේ නමුත් අදාළ ජනපති යෝජනාවලියෙහි අඩංගුව සම්බන්ධයෙන් කරුණු දැක්වූ ශ්‍රී ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සදහන් කොට සිටියේ මෙහි සිංහල හා ඉංග්‍රීසි පිටපත්වල සාතිශය වෙනස්කම් දැකිය හැකි බවත් එමගින් සයිටම් සම්බන්ධයෙන් රජය විසින් ජනතාව මුලා කිරීමක් සිදුකොට ඇති බවත්ය

Image may contain: 1 person, crowd and outdoorImage may contain: 19 people, people smiling, crowdImage may contain: one or more people, crowd and outdoorImage may contain: one or more people, crowd and outdoorImage may contain: one or more people, crowd and outdoorImage may contain: 26 people, people smiling, crowd and outdoorImage may contain: one or more people, crowd and outdoor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *