අවලාද නැගූවට අපේ කට වහන්නේ බෑ – දූෂණ විරෝධී හඬ

සීමාසහිත ලංකා ට්‍රාන්ස්ෆෝමර් සමාගම සතුව තිබූ LTL ප්‍රොජෙක්ට් සමාගම පෞද්ගලික අංශයට පවරා ඇත්තේ කාගේ අවශ්‍යතාවය මත ද යන්න පිළිබඳව දූෂණ විරෝධී හඬ සංවිධානය ප්‍රශ්න කරයි. මේ සම්බන්ධයෙන් කරුණු විමසීමේදී ඒ සඳහා මහා භාණ්ඩාගාරය හෝ විදුලිබල අමාත්‍යංශය අවසර ලබා දී නොමැති බව හෙළි වූ බව ද එම සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා ප්‍රකාශ කරයි.

දූෂණ විරෝධී හඬ සංවිධානය මාධ්‍ය හමුවක් පවත්වමින් මේ බව අනාවරණය කරයි.

1998 දී පිහිටුවන ලද මෙම සමාගම 100% ක් ලංකා ට්‍රාන්ස්ෆෝමර් සමාගමේ කොටස් යොදවා පිහිටුවා ඇති අතර 2005 වසරේදී හෝ ඒ ආසන්න කාලයකදී එම සමාගම වෙනත් සමාගමකට පවරා ඇති බවයි වසන්ත සමරසිංහ මහතා පෙන්වා දෙන්නේ.

මේ සම්බන්ධයෙන් වගකිව යුතු ආයතන කරුණු පැහිදිලි කළයුතු බවත් මහජනතාව සතු දේපළ වංචනික ලෙස වෙනත් පාර්ශ්වවලට පැවරීමට එරෙහිව විරෝධය පළකරන බවත් දූෂණ විරෝධී හඬ සංවිධානය පවසයි.

දූෂණ මර්ධණ කමිටු ලේකම් කාර්යාලය වැහුව නිසා දූෂණ විරෝධී හඬ සංවිධානයත් වැහිලා යැයි පැවති ආණ්ඩුවේ අනුහසින් දූෂණ හා වංචා සිදු කරමින් මහජන ධනය විනාශ කළ පුද්ගලයින් සහ වත්මන් ආණ්ඩුවේ අනුහසින් මහජන ධනය විනාශ කරන පුද්ගලයින් සිතා සිටිනවානම් එය මිත්‍යාවක් බවත් තමන් වැඩ ආරම්භ කළේ 2011දී බවත් දූෂණ මර්ධණ කමිටු ලේකම් කාර්යාලය වැඩ ආරම්භ කළේ 2015දී බවත් දූෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා සඳහන් කරයි.

ලංකා ට්‍රාන්ස්පෝමර් ආයතනයේ සිදුව ඇති වංචා දූෂණ සම්බන්ධයෙන්, කෘෂිකර්ම අමාත්‍යාංශයේ උත්සවයකදී කෑම සඳහා බිල් දමා සිදු කර ඇති වංචාව සහ යකඩ ආශ්‍රිත කර්මාන්ත කරුවන් 23දෙනෙකු බදු පැහැර හැරීම ඇතුළු කරුණු ගණනාවක් හෙළිදරව් කළේය.

මෙම මාධ්‍ය හමුවේදී විශේෂයෙන් යූටියුබ්, ෆේස්බුක්, වෙබ්අඩවි සහ බ්ලොග් යොදාගනිමින් තමන්ටත් දූෂණ විරෝධී හඬ සංවිධානයටත් ජනතා විමුක්ති පෙරමුණටත් එල්ලකරන අවලාද සම්බන්ධයෙන්ද වසන්ත සමරසිංහ මහතා කරුණු අනාවරණය කර සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *