පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මළවුන් නැගිට්ටවීම සහ ජවිපෙ – කැළුම් නවරත්න

වාමාංශික දේශපාලනයේ නිරවද්‍යතාවය පිළිබ`දව වඩ වඩාත් සාකච්ඡුා සිදුවන මෙවැනි කාලයක එම සංවාදවල දේශපාලනික විභවයන් පක්ෂ ක‍්‍රියාමාර්ගයන්හි අන්තර් ගත කර ගැනීම යනු මේ යුගයේ තිබෙන දේශපාලන ප‍්‍රශ්නවලට හොදින් පිළිතුරු දීම සමග අනුලෝමව සමානුපාතික වෙයි. වඩා සාමූහික දේශපාලන අභිලාශයන් පිළිබ`දව අපි සැවොම සිතන්නේ නම් ආරම්භ වීමට නියමිත ධනවාදයේ නරුම ම්ලේච්ඡුත්වයේ යුගයට අපට හොදින්් මුහුණ දිය හැකිවනු ඇත. එසේ නොවන සෑම මොහොතකම අපව ම්ලේච්ඡුත්වයේ කොටස්කරුවන් වීම නැවැත්වීමට කිසිවෙකුටත් නොහැකි වනු ඇත. මේ සටහන ඒ වෙනුවෙනි.
පසුගිය දිනෙක වඩාත් ප‍්‍රගතිශීලී වාමාංශික මුල පිරීම් දෙකක් සිදුවිය. එකක් නම් පෙසප විසින් ආරම්භ කළ ‘ජාතිකවාදය විස`දුමක්ද විෂ දුමක්ද’ යන සංවාදයයි. අනෙක නම් ජනතා විමුක්ති පෙරමුණ විසින් අලුත්වන ව්‍යවස්ථාව සම්බන්ධ පක්ෂපාතීත්වය සම්බන්ධ මාධ්‍ය සාකච්ඡුාවයි ( මට මෙතැනදී අදාළ වන්නේ දේමළ ජාතියේ දේශපාලන අභිලාශයන් සමග එක්වීම පිළිබද කාරණයයි. එය ජවිපෙ වැනි පක්ෂයකට දරන්න අපහසු සාකච්ඡුාවක් බව අපි හොදින්ම දනිමු. ටිල්වින් සහෝදරයාගේ එම මාධ්‍ය සාකච්ඡුාවේදී හැසිරෙන් ආකාරය සියුම්ව නිරීක්ෂණය කරන්නෙකුට එය හොදින්ම දැනේ. එම දරා ගැනීමට අපහසු ප‍්‍රතිවිරෝධය ප‍්‍රායෝගිකවාදී ලෙස හෝ දරාගැනීමට යොමුවීම වඩා හොද තත්වයකි). එහිදී අපි විසින් තෝරා ගතයුතු දේශපාලනය කුමක්ද යන ගැටළුවට වාමාංශය මුහුණ දෙයි. මූලික වශයෙන්ම විප්ලවවාදී තත්වයක් මෝරා ඇති අවස්ථාවක ප‍්‍රතිසංස්කරණවාදීන් විසින් එම තත්වය අර්බුධයකට ලක්කරන්නේ නම් එම ප‍්‍රතිසංස්කරණයන්ට විරුද්ධ වීමට හැකිය. නමුත් ම්ලේච්ඡුත්වයේ කරවටක් ගිලී ඇති සමාජ මොහොතක රාජ්‍යයේ ප‍්‍රජාතන්ත‍්‍රීයකරණ ව්‍යුහාත්මක වෙනස් කම් වෙනුවෙන් විප්ලවවාදීන් පෙනී සිටිය යුතුවන්නේ සමාජය ඉදිරියේ ශිෂ්ටාචාරමය අර්බුධයක් විසදීමට ගන්නා එක් ක‍්‍රියාමාර්ගයක් ලෙසටය.

මේ මොහොතේ රටේ දේශපාලන තත්වය පිළිබදව නිරීක්ෂණය කරන්නෙකුට එහි බලතුලනය සිදුවන ආකාරය නිරීක්ෂණය කළ හැකිය. නවලිබරල්වාදය කරපින්නාගත් යහපාලන රජය ඊට එරෙහිව නැගෙන විරෝධතාවයන් නිර්ලජ්ජිත ලෙස මර්ධනය කිරීම තෝරාගෙන ඇත. ශිෂ්‍යයන් ඇතුළු වෘත්තීය සමිතීන් නවලිබරල් ක‍්‍රියාමාර්ගයන්ට එරෙහිව සටන් ක‍්‍රියාමාර්ග ගනිමින් ඇත. ඒකාබන්ධ විපක්ෂය ජාතිකවාදී දේශපාලන අභිලාෂයන් යොදාගනිමින් නැවත රාජපක්ෂවරුන් බලයට පත්කිරීමේ ක‍්‍රියාමාර්ගයක නිරතව ඇත. එපමණක්ද නොව නවලිබරල්වාදයට එරෙහිව පවතින අරගලයන්ට (සයිටම් විරෝධී අරගලයද ඇතුළුව) අධිරාජ්‍ය විරෝධී ජාතිකවාදී මානයක් එකතු කරමින් ඇත. සැබැවින්ම ජාතිකවාදය අලුත් මුුහුණුවරින් හොල්මන් කරමින් ඇත.

පවතින යහපාලන රජය ව්‍යවස්ථා සංශෝධනය ගෙන එන්නේම 2020දී බලය රැුකගන්නේ කෙසේද යන ප‍්‍රශ්නයට පිළිතුරු සෙවීමට බව අපි හොදින්ම දනිමු. ඒ වෙනුවෙන් ප‍්‍රගතිශීලීන් හා සිවිල් සමාජයත් දෙමළ මුස්ලිම් ජනතාවත් ජාත්‍යන්තර බල සබ`දතාත් එක්කර ගැනීම සදහා බලය බෙදීම යන කාරණය ඇතුළත්කර ඇත. ඔවුන්ගේ ව්‍යවස්ථා සංශෝධනය නිශ්චිත ආකාරයෙන්ම දෙමළ ජනතාවට සාධාරණය ඉටු කිරීමක් ලෙස නොබලන බවට අපිිට ඔ්නෑ තරම් කරුණු පෙන්වා දිය හැක. අතුරුදහන් වූවන් 20000කට ආසන්න ප‍්‍රමාණයකට කිසිදු පිළිතුරක් මේ වන විටත් යහපාලන රජය සම්පාදනය නොකරයි. දේශපාලන සිරකරුවන් දින 18ක් උපවාස කරද්දිත් නොදැක්කා සේ කටයුතු කරයි. එනිසාම බලය බෙදීම යන්න ව්‍යවස්ථාවට අදාළව අපට ලබා දී ඇති හොද චුයින්ගම් එකකි. එනමුදු ඒ හරහා දෙමළ ජනතාවට දේශපාලන පිළිතුරක් සම්පාදනය කරමින් සියලු ජාතීන් වෙනුවෙන් රාජ්‍යය ප‍්‍රජාතන්ත‍්‍රීකරණය කළ හැකිනම් අපි ඒ වෙනුවෙන් සිට ගත යුතුවෙමු. ජවිපෙ ලබා ගත් ප‍්‍රගතිශීලී දේශපාලන හැරවුම පිළිබද ආශ්වාදය පැන නගින්නේ එතැනිනි. නමුත් අපි විසින් අනිවාරණීය ලෙසම මෙම ව්‍යවස්ථා සංශෝධනය පිළිබදව විවේචනාත්මක විය යුතුව ඇත. එනම් නවලිබරල් ප‍්‍රතිසංස්කරණයන් සාධාරණී කරණයට විරුද්ධවය. මර්ධන උපකරණ ශක්තිමත් කිරීමට විරුද්ධවය. රාජ්‍යයේ ව්‍යුහාත්මක වෙනසකම් සිදුකරගැනීම වෙනුවෙන් පැන නගින අරගල වලට දේශපාලන විස`දුම් ඉදිරිපත් නොකර බැටන්පොලු සංස්කෘතිය ස්ථාපිත කිරීමට විරුද්ධවය.

අපි කැමති වුණත් නැතත් ලාංකේය දේශපාලනය තවදුරටත් කැරකැවෙන්නේ ජාතිකවාදී අක්ෂය මතය. වඩා ප‍්‍රගතිශීලී ව්‍යුහාත්මක වෙනස්කම් වලට සෘජුව මෙන්ම වක‍්‍රවද බාධා කරන්නේ මෙම ජාතිකවාදයයි. ඒ නිසා වාමාංශිකයන්ගේ ප‍්‍රධාන දේශපාලන අක්ෂය විය යුත්තේ සිංහල බෞද්ධ ස්වෝත්තමවාදය විවේචනය කිරීමත් ඒවා තමන්ගේ දේශපාලන ක‍්‍රියාවන් තුළට අන්තර්ග‍්‍රහණය කර ගැනීමත්ය.
නමුත් පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඉහතින් ස`දහන් කළ ප‍්‍රගතිශීලී සංවාදයට විරුද්ධව තවත් සංවාදයක් ගොඩනගමින් ඇත. එය 2004 මළ මිනී නැවත නැගිට්ටවීමය. කුමාර් ගුණරත්නම් සහෝදරයා ‘අධිරාජ්‍යවාදී දඩයම අභිමුව පොදු ජන අරගලය’ නමින් සංවාද මාලාවක් ආරම්භ කර ඇත. නවලිබරල්වාදයට විරුද්ධව ඒකාබද්ධ විපක්ෂය ගෙන එන්නේද අධිරාජ්‍යවාදී විරෝධයයි. එම අධිරාජ්‍යවාදී විරෝධය ලාංකේය භූමිය තුළ පසුගිය දශකය තුළ ක‍්‍රියාවට නැගුණේ දෙමළ ගැහැණුන්, පිරිමින් හා ළමුන් හිස මතට මල්ටිබැරල් හෙලීමෙනි. එහි පලවිපාක තවමත් අපි භුක්ති විදිමින් සිටින අතර ගුණරත්නම් සහෝදරයාද පසුගිය දිනෙක යුද්ධය විසින් ජනිත කළ මිනිස් නටඹුන් සමග වාඩි වී සිටි ඡුායා රූපයක්ද තැනින් තැන සැරිසරමින් තිබිණි. මගේ ප‍්‍රශ්නය වන්නේ මෙම ජනප‍්‍රියවාදී අධිරාජ්‍ය විරෝධය ගන්නේ නැතිව මෙම සංවාදය ආරම්භ කරන්නට නොහැකි වුණේ මන්ද යන්නයි. ඔවුන් එසේ සිතුවානම් අඩුම තරමින් ‘ගෝලීය ප‍්‍රාග්ධනයේ දඩයම් අභිමුව පොදු ජන අරගලය’ ලෙස නම යොදන්නට තිබිණි. අඩුම තරමින් එසේ සිතුවේ නම් එය වඩා දේශපාලනිකය. ජනප‍්‍රිය ඒකාබද්ධ විපක්ෂයේ අධිරාජ්‍ය විරෝධය පවා ඒ තුළ විවේචනය කරන්නට කිසිදු බාධාවක් ඇත්තේ නැත. මෙම සටන් පාඨය තුළ ගැබ් වන්නේ මහින්ද රාජපක්ෂගේ බල තණ්හාවත්, නාමල් රාජපක්ෂයේ දෘශ්ටිවාදී ආයෝජනයත්, විමල්වීරවංශලාගේ දෘහ්ටිවාදී ආයෝජනයත් වශයෙනි.

මෙම මාතෘකාව මෙසේ යෙදීමට අදාළව මට තවත් දෙයක් සිතීමට හැක. ජවිපේ ඉතාම ප‍්‍රායෝගිකවාදී ලෙස හෝ බලය බෙදීමට පක්ෂව තම පක්ෂය මෙහෙය වීම ආරම්භ කර ඇත. මෙය දැවැන්ත අභියෝගයක් බව අපි හොදින්ම දනිමු. එම ප‍්‍රකාශය කරද්දීම ජවිපේ සාමාජිකයන් අර්බුදයට පත්වන බව පෙසප හොදින්ම දනියි. පෙසප මෙවැනි සටන් පාඨයකින් යෝජනා කරන අගතිය වන්නේ ජවිපේ වඩා ප‍්‍රගතිශීලී දේශපාලනයක් වෙනුවෙන් අරගල කිරීමට නියමිත සාමාජිකයින් (මෙම සාමාජිකයින් බොහෝ දුරට ප‍්‍රාදේශීයවාදයන්ගෙන් ජාතිකවාදයන්ගෙන් මැතිවරණවාදී ආශ්වාදයන්ගෙන් ඔදවැඩී ගිය සාමාජිකයින්ය. ඔවුන් ලාංකේය වාමාංශික දේශපාලනයේ ඓතිහාසික වන්දියට යටවූවන්ය. ඔවුන් දේශපාලනිකව නිවැරදි කර ගැනීම වෙනුවෙන් ජවිපෙට අරගලයක් ඇත. එම අරගලයට ඔවුන් නිරාවරණය වී ඇත. අපි පක්ෂපාතී වන්නේ මෙම සහෝදරයින් වඩා විප්ලවවාදී ආත්ම ලෙසට දේශපාලනයට කැන්දන ව්‍යුහාත්මක වෙනසකට විනා සිංහලස්වෝත්මවාදී ජනප‍්‍රියවාදී සටන්පාඨ ගුළට ගාල්කිරීමට නොවේ.) එම පක්ෂයෙන් ගැලවීටම බව අපිට හොදින්ම පැහැදිලිය.

‘අධිරාජ්‍යවාදී දඩයම’යන දේශපාලනික වචන හරඹය පෙසප විසින් යොදන්නේ මෙම සාමාජික කොටස ඩැහැ ගැනීමටය. මෙය නොතේරුම් කමකින් නොවන්නේ ඇයි දැයි කාටවත් අදහස් ගොනු කිරීමට නොහැකිවන්නේ මේ පක්ෂ දෙකේම ක‍්‍රියාකාරීව දේශපාලනය කළ ඉතිහාසයක් ඇති නිසාය. මෙම ක‍්‍රියාව ප‍්‍රතිගාමී තක්කඩි වැඩකි. ඔවුන් වඩා ප‍්‍රගතිශීලී ලෙස ජවිපේ සාමාජිකයා දිනා ගැනීමට වෑයම් නොකරයි. ජවිපේ ඉහත ස`දහන් දේශපාලන ක‍්‍රියාවට අමාරුවෙන් මැදිහත් වෙද්දී ජවිපේ තුළ මතුවන ප‍්‍රතිවිරෝධයන් පෙසප විසින් වේස කමේ යවන්නට තීරණය කර ඇත. මෙම තත්වය ජවිපේ මෙන්ම පෙසප සාමාජිකයාද අනිවාර්යයෙන්ම වටහා ගත යුතු අතර වඩා ප‍්‍රගතිශීලී ලෙස දේශපාලන අරගලයට මැදිහත්වන්නේ කෙසේදැයි ගණන් බැලිය යුතුව ඇත.

මෙම යුගයේ දේශපාලනය පිළිබදව අප තවත් ගැඹුරින් සිතන්නේ නම් පසුගිය දශකය පිළිබදව වඩා තියුණු දැක්මක් අප සතු විය යුතුව ඇත. විජේවීර සහෝදරයා විසින් රැුඩිකල්කරණය කරන ලද දේශපාලන දිශානතියේ අප විසින් ලැබූයේ කුමක්ද. එකක් නම් නිද‍්‍රාවට පත්වෙමින් පුරුද්දට දේශපාලන කළ වාමාංශික සංස්කෘතියක් වඩා රැුඩිකල් විප්ලවවාදී මාවතකට ගෙන ඒමයි. සමාජය විසින් ජීවිතයට අත්කර දුන් ඉරණමට ප‍්‍රතිවිරුද්ධව තමන්ගේ දේශපාලන ජීවිතය ඔහු විසින් මෙහෙයවීය. ඒ ඔහු පිළිබ`දව ඇති ආශ්වාදය කැටිකරගත් සාරාත්මකභාවය පිළිබද දෘශ්ටිකෝණයයි. එමෙන්ම ඔහුගේ දේශපාලන විසින් අප රට තුළ අගතීන් ගණනාවක්ද නිෂ්පාදනය කර තිබිණි. එය නම් සිංහල බෞද්ධ ස්වෝත්තමවාදය තුළ සමාජයේ පුරුෂ මූලික අගතීන් තුළ ග‍්‍රාමීයවාදයන් ප‍්‍රාදේශීයවාදයන් තුළ අරගලය ස්ථානගත කිරීමයි. එම දේශපාලනවරදට ඔහු විසින් ජීවිතයෙන් වන්දි ගෙවීය. සැබැවින්ම එම නියමිතව තිබිණි. එපමණක්ද නොව එම අගතීන් විසින් 88-89දී හැටදහසක අධික ජීවිත වන්දියක් ගෙවන්නට සිදුවූ අතර එහි දිගුවක් ලෙසම 2009දී ලක්ෂ ගණනක ජීවිත වන්දි ගෙවා දමන්නට බලකෙරිනි. මේ සියළූම කාරණාවලටත් පසුව වාමාංශික දේශපාලනය ගැන අපි විසින් කල්පනා කරන්නේ නම් සියළුම ප‍්‍රාදේශීයවාදයන්ටත් ජාතිකවාදයන්ටත් එරෙහිව සටන අපි විසින් න්‍යාය පත‍්‍ර ගතකළ යුතුව ඇත. අතීතයේ අප සහෝදරයින් ජීවිත ගණනින් වන්දි ගෙවූ පාඩම අප පාසලක් බවට පත්කර ගත යුතුය. මේ යුගයේ වාමාංශිකයෙක්ට තෝරාගත යුතු තමන්ගේ දේශපාලනයට මාර්ගය කුමක්ද. එය විටෙක ඉතාම සරළය. එනම් අපි විසින් සාමූහිකත්වයේ මූළධර්ම මත අප සමාජය ප‍්‍රතිව්‍යුහ ගත කරගන්නේ කෙසේදැයි සිතා බැලීමය. නමුත් එම සාමූහිකත්වයේ නිර්දේශ මොනවාද යන්න සිතාබැලීමට නම් අපි විසින් කරපින්නා ගෙන ඇති පැරණි වාමාංශික උරුමටන්ට විවේචනාත්මක වීමයි. එනම් කුල වාදයන්ට ගෝත‍්‍රවාදයන්ට ජාතිකවාදයන්ට එරෙහිව දේශපාලන කාඩර්වර්යාගේ ආත්මය ස්ථානගත කිරීමයි. මරා සාද් නාට්‍යයේ එන ලෙසම අපේ චින්තනය කොට්ට උරයක් සේ කණපිට ගැසීමයි. එය තමන්ගේ මෙතෙක් පැවතුණු මුල් ගලවා දැමීමේ ක‍්‍රියාවලියයි. එය එතරම් පහසු නැත. මෙම දැවැන්ත කාර්යයකට මුල පිරිය හැකි විප්ලවවාදී ආත්ම සංවිධානගත කිරීම හැර අපිට වෙනත් විකල්පයක් නොමැත.

මේ පිළිබදව සිතද්දී තවත් දැවැන්ත අර්බුධයක් අප ඉදිරියේ ඇත. එනම් යහපාලන ප‍්‍රතිපත්තිවලට විරෝධී ප‍්‍රධාන සටන් භූමිකාව පෙසප විසින් දැරීමයි. එය නම් ‘සයිටම් විරෝධී සටන’යි. රටේ දේශපාලනයේ ප‍්‍රතිවිරෝධතා අක්ෂය අර්ථකථනය කරන ප‍්‍රධාන භූමිකාවක් අතැතිව සිටින පෙසප ජනප‍්‍රියවාදී අධිරාජ්‍ය විරෝධය කරපින්නා ගන්නේ කුමන හේතුවක් මතදැයි මට නම් නොවැටහේ. මන්ද එය රටේ ප‍්‍රජාතන්ත‍්‍රීකරණ ව්‍යුහයන් ඇතිකරගැනීම පිණිස බලයෙන් පන්නා දැමූ රාපක්ෂවාදීගේද සටන් පාඨයයි. අපි දේශපාලන පිළිබද වඩා තර්කාණුකූල වන්නේ නම් අප ගතයුතු මග වන්නේ සිංහල බෞද්ධ ස්වෝත්තමවාදයට විරුද්ධ නවලිබරල් ප‍්‍රතිසංස්කරණයන්ට විරුද්ධ මාවතයි. එම මාවත සටන් ක‍්‍රියාමාර්ග තුළ දැක්මක් ලෙස සංයුක්ත කිරීමයි. එසේ නොවන තාක් සිදුවන්නට නියමිත වන්නේ තවත් දශක ගණනාවකට ජාතිකවාදීන් රාජ්‍යයේ දේශපාලන බලය ඩැහැ ගැනීමයි. එනම් වේගයෙන් ජනතාවක් පන්තියක් ලෙස දේශපාලනය පිළිබදව ලබා ගන්නා අධ්‍යාපනය නවතා දැමීමයි. දෙමළ ජනතාවටත් මුස්ලිම් ජනතාවටත් සිංහල බෞද්ධ ස්වෝත්තමවාදයේ පීඩාවට පත්කිරීමයි. රැුඩිකල් වාමාංශයක් විසින් මේ යුගයේ කතාකිරීමට අවශ්‍ය වන්නේ බලය බෙදීම වැනි ප‍්‍රජාතන්තී‍්‍රකරණයන් මගින් දකුණට හිමි වන්නේ මොනවාද යන්නයි. එසේ නොමැතිව වක‍්‍රාකාරයෙන් ජාතිකවාදීන්ගේ පිහිට පතමින් වාමාංශික අරගලයන් දිය කිරීම නොවේ.

මෙහිදී අපි විසින් සිතා බැලීමට තවත් ප‍්‍රධාන කරුණක් තිබේ. එනම් නවලිබරල් සටන් පාඨයන්ට විරුද්ධ අරගලයන් මත සිදුවන ම්ලේච්ඡු මර්ධනය දේශපාලනිකව නවතා දැමිය හැක්කේ කෙසේද යන්නයි. යහපාලන රජය ප‍්‍රගතිශීලීන් විසින් යම්තාක් දුරට හෝ දැනටත් අල්ලාගෙන සිටින්නේ එක් කරුණක් මත පමණි. එනම් අපි සාකච්ඡුා කළ පරිදිම රාජපක්ෂවාදීන්ගේ ම්ලේච්ඡු ජාතිකවාදී රැුල්ල නවත්වා දැමිය හැක්කේ කෙසේද යන ප‍්‍රශ්නය මතයි. ඊනියා අධිරාජ්‍යවාදී විරෝධය කරපින්නා ගනිමින් සිදුවන සටන් ඍජුවම රාජපක්ෂවාදීන්ගේ බල අරගලයට සහය දක්වන්නක් වන අතර එයට ආචාරධාර්මිකව විරුද්ධවීමට බොහෝ දෙනෙකුට ශක්තිය නෙමැතිවේ. එය ලාංකේය ප‍්‍රගතිශීලීන්ගේ දරිද‍්‍රතාවවයි. (මෙයද අපි විසින්දැවැන්ත ලෙස විවේචනයට ලක් කළ යුතු කරුණකි.) එම කරුණ නොමැති වන්නට මේ ආණ්ඩුව ගෙදර යවා බොහෝ කල්ඉකුත්වී ගොසිනි. අප විසින් පක්ෂපාතී වන නවලිබරල් ප‍්‍රතිසංස්කරණයන්ට විරෝධී අරගල සිංහල බෞද්ධ ස්වෝත්තමවාදයටත් විරුද්ධ අරගල බවට පත්කිරීමට අපි උත්සාහ දරන්නේ නම් මෙම ආණ්ඩුවට ප‍්‍රගතිශීලීන්ගේ ඇති ආචාරධාර්මික කැමැත්ත අර්බුධයට පත්කළ හැකිය. එවිට මෙම සටන් මර්ධනය කිරීම අපහසු වනු ඇත. අවාසනාවකට පෙසප යන්නේ එයට විරුද්ධ මාවතේය. දුමින්ද සහෝදරයාට ඇතුළු සහෝදරයන්ට කළ ම්ලේච්ඡු පහරදීමට පසුදාම මෙය ලිවීමට සිදුවීම හාස්‍යයට කරුණකි. අපි විසින් එම සටන් හා සහෝදරයින් ආරක්ෂා කළ යුතු අතර ඒ තුළට දේශපාලනය රැුගෙන යා යුතුය.

එසේ නොවන මාවතකදී අපිට මුහුණදීමට සිදුවන සියළුම තත්වයන්ට අදාළ වගකීමේ කොටසක් අපි විසින්ද දැරිය යුතුය. ජනතා විමුක්තේ පෙරමුණේත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේත් සියළුම සහෝදරසහෝදරියන් මෙම සාකච්ඡුාව සහෝදරත්වයෙන් වටහා ගනු ඇතැයි මගේ අපේක්ෂාවයි. පසුගිය දශක කිහිපය තුළ ජනප‍්‍රියවාදී අධිරාජ්‍ය විරෝධය විසින් සන්නද්ධ හමුදාවට මානෙල් මල්පළන්දා දෙමළ ජනතාව සමූළඝාතනය කළා අපිට හොදටම මතකය. අධිරාජ්‍ය විරෝධය යන්න අප භූමිය මත ක‍්‍රියාත්මක වන්නේ ජනතාවගේ බෙලි ලක්ෂගණනින් කපා දමමිනි. එය වටහා ගැනීම අසීරු කරුණක් නොවේ.
සහෝදරයිනි, වඩා ප‍්‍රගතිශීලී දේශපාලන අභිලාශයන් වෙනුවෙන් පෙළ ගැසෙමු.

One thought on “පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මළවුන් නැගිට්ටවීම සහ ජවිපෙ – කැළුම් නවරත්න

  • October 14, 2017 at 1:50 am
    Permalink

    විචාරයක් ලියන්න ඕන, මාතෘකාව බලලා ඒ ගැන තමන්ගේ හිතේ තියෙන මනස්ගාතවලට නෙවෙයි. සම්මන්ත්‍රණේ අහලා කියන්නේ මොකක්ද, ලයින් එක මොකක්ද කියලා බලලා. අපරාදෙ උඹේ මහන්සිය කැලුමෝ…

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *