විසි එක්වැනි ශතවත සැවැන්දරා – අනුත්තරා මිහිරිපැන්න

ඔයාගෙ අළුත්ම පොත
හොඳම පොත් දහයට නිර්දේශිත
අභියෝග මැද
පුරුෂ ආධිපත්‍යයට
අභියෝගය කළ නූනත බිරිඳකගේ
ආත්ම කථනය….
අනේ මට හරි සතුටුයි රණේ….හැට්ටේ කොනකින්
ඇහැකොනක තෙත පිහින ගමන්
(නෑ….මට ඇඩුනෙ කුස්සියෙ
දුම වැඩියි ඒකයි….)
මට දැනුන එකම සිතුවිල්ල
ඒක විතරමයි…..
මං අමරානි
ප්‍රසිද්ධ ගත්කතු වසන්ත රනබන්දු ගෙ
අවු 08 පෙම් කතාවෙන් පස්සෙ
දැන් එකම බිරිඳ ……
මතකද ඔයාගෙ මුල්ම පොත
මට ආදරෙන් කියල ලියල
ස්ටේජ් එක උඩදි
පිළි ගන්වපු පොත
අමර වසන්තය…..
ඔයාගෙ දෙවෙනි පොත ලියන කොට
මට පුතා ඉපදෙන්න….
ලොකු බඩගෙඩියත් උස්සගෙන
රෑ නිදි මැරුවේ කෝපි හදන්න
ඔලුව අතගාන්න
ඒක අනුලා දේවි මූලික කරගෙන ලියපු
ගැහැණු හිත ගත මොන තරම්
ශක්තිමත් ද කියල ගොනු කරපු කතාවක්….
වැරදීමකින් අත වැදිලා කෝපි හැලුනම
ලියපු සටහන උඩට
තරහට ඔයා මට අත ඉස්සුවට….
මට දුක හිතුනත්…..
කඳුළු ආවෙ පුතා අරන් ගෙදර එනකොට
ලියන්න ටයිප් කරන්න ඇවිත් හිටපු
පුංචි ලස්සන කෙල්ල දැක්කම …..
ඊට පස්සෙ පොත්
කීයක්ද …..
එකින් එක පොත් වැඩි වෙන කොට
මගෙ උපාධිය අල්මාරියෙ ඇතුලෙ
පුස්කන කොට
තමුසෙට. පුලුවන් බත් තම්බන්නයි
ළමයි හදන්නයි………
කියන නම්බු නාම ලැබෙන කොට
ඔයා ආචර්‍ය්‍ය පට්ටමෙන්
මහාචාර්ය වෙනකොට
ලියන මේසෙ ළඟ …..
ලස්සන ලස්සන ගැහැණු ළමයි මාරු වෙනකොට
පුතා
ලොකු දූ චූටිදූ….
රට යනකොට
ඉන්දියාවේ ඉදන්
තාරා දේවී ඔයත් එක්ක
පොතක් ලියන්න මෙහෙ එනකොට
ආචාරිනී සුලක්ශනා එක්ක
ඇමරිකන් ටුවර් එක යනකොට
පොත් එලි දැක්වෙන වාරයක් ගානෙ
ප්‍රීති සාද
වට මේස සාකච්ඡා ගෙදර තියනකොට….
කම්මුල් වල රතු ඇගිලි පාරවල්
කොන්ද කැක්කුම් එක්ක
අසනීප වෙන අමරානි
ඔයාගෙ ආදර බිරිඳ කාමරේට කොටු උනේ
බැරි කමට නෙමෙයි
දරාගන්න බැරි කමට……
ඒකට දොස්තර නමක් දුන්න
මානසික ආතතිය…..
ඒත් මට සතුටුයි රණේ ……
අර අමර වසන්තය
තාමත් ඔයා ළඟ …..
එකම වෙනස අමර නැති
වසන්තයක් එච්චරයි……
ඔයා ලියන්න
විසි එක්වැනි ශතවත සැවැන්දරා…..ගැන
ආයෙ ආයෙත්…..
අමරානි අමරනීයයි ඔයා ළඟ ……

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *