භාවනානුයෝගී පොලීසිය, sex සදහා නීති හදයි

පසුගිය කාලයේ පොලීසිය දැඩි කතා බහට ලක් වූයේ පොලිස්පති පූජිත ජයසුන්දරගේ භාවනා වැඩසටහනත් සමගය.. එහිදී භාවනා නොකරන නිලධාරීන්ට එරෙහිව දැඩි ප්‍රහාරයන් එල්ලවන වීඩියෝ දර්ශන මගින් සැදැහති පොලිස්පති තුමාගේ ශ්‍රද්ධාව නැරඹීමට හැකි විය.පසුගිය දිනක වාර්තාවන සිද්ධියකට අනුව එම පොලිස්පති තුමාගේ යටතේ සිටින නිලධාරීන්ද ජනතාව සුපේෂල ශ්‍රද්ධාවතුන් කිරීමේ කාර්යයෙහි නිතරව සිටින බව වාර්තාවිය.

පසුගිය දිනවල බෙලිඅත්ත ප්‍රදේශයේදී තරුණයෙකු සහ තරුණියක අසභ්‍ය දර්ශන නරඹමින් සිටින විට අතඩංගුවට ගත් පුවතක් පිලිබඳව මාධ්‍ය විසින් තොරතුරු වාර්තා තිබුනේ එහි ප්‍රතිඵලයක් ලෙසය .

කෙසේ නමුත් මෙම දෙදෙනාම වයස අවුරුදු 18 ට වැඩි අය වන අතර එවැනි තත්වයක් තුළ මේ ආකාරයෙන් කටයුතු කිරීමට පොලීසියට බලයක් තිබේද යන්න බොහෝ දෙනෙකුගේ කතා බහටලක්වූ කරුණක් විය.

නමුත් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 24,25 සහ 26 යන වගන්තිවලට අනුව වරෙන්තුවක් නොමැතිව වුවත් පොලීසියට නිවාස සහ ගොඩනැගිලි පරීක්ෂා කිරීමේ බලය හිමිව තිබෙනවා.ඒ අනුව කටයුතු කරමින් පොලීසිය මෙම යුවළ රැඳී සිටින නිවසට පැමිණ ඇති බවටයි බොහෝ දෙනෙකු පවසා සිටින්නේ.එහෙත් ලංකාවේ නීතියට අනුවනම් අසභ්‍ය දර්ශන නැරඹූ පලියට කිසිවෙකුවත් අතඩංගුවට ගැනීමට පොලීසියට බලයක් හිමිවෙන්නේ නැහැ.

මේ අතර මෙම සිදුවීම සමාජ මාධ්‍යයේ මෙම සිදුවීම දැඩිලෙස හාස්‍යයට ලක්වී තිබෙනවා.විශේෂයෙන්ම තරුණ පිරිස අතර බෙලිඅත්ත පොලීසියේ මෙම ක්‍රියා කලාපය දැඩිව විවේචනයට ලක්ව තිබුනු අතර ඒ සදහා නිර්මාණය වූ හාස්‍ය මුල් කොට ගත් පිටපතක් මෙහි වේ.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *