අපලෙට බැන්ද සුරය – අනුත්තරා මිහිරිපැන්න

ජීවිතේ පට්ටයි කිව්වට
මිනිස්සු හරි කට්ටයි කියල
මං හරියටම දැන ගත්තෙ
AL ගොඩ යන්න බැරි උනු සෙට් එකත් එක්ක
නිපුණයෙක් වෙන්න…..
යූත් එකට සෙට් වෙච්ච කාලේ
තමයි හරියටම ඇත්තටම …..
උදේ පාන්දර පිරිත් අහන
පොල් රුප්පාවෙ මහ ගෙදර
උණු උණුරතු කැකුළු බතට පොල් සම්බෝලෙ
අනල කවන අම්මගෙ දෙපා ලග
මාතු පාදං නාමාමී කියලා
දණ බිම තියලා
කුකුළත් අතේ අරන් තාත්ත ගෙ බයිසිකලේ
ටවුමේ ඉස්කෝලෙට ඇවිත්
ශිෂ්‍යත්වයෙන් ඉහල ලකුණු ගත්ත නිසාම
කොලම්පුරේ ලොකු මාමගෙ
මධ්‍යම පන්තික ගෙදර
පිට මිනිහෙක් ගානට තමන්ගෙ එකෙක්
වුනු එකා උනේ මටවත් නොදැනීම
තමයි මම…..
පොඩිත් නැති….
රාජකීය ලෙවල් එකමත් නැති උනත්
ඉස්කෝලේ ඇතුලෙ ලෝකෙ
අපිට ඒ පැත්තත් …
මේ පැත්තත් නැති බව දැනෙන කොට
රිපෝට් එකේ
ස්ථානය 25 වෙලා තිබුනේ
දොස්තර විෂන් එක හීනයක් වගේ
මට ඔච්චම් කර කර රිද්දන කොට…..
ටිකෙන් ටිකම….
දොස්තර ඉන්ජිනේරු ලේකම්
ව්‍යාපාරික අධ්‍යක්ෂක පුත්තු
වෙනම චරිත රගපාන කොට…..
ලග ලග පාරවල් වලින්
බය හිතෙන වැයික්කි වල
අමුතු ගැන්සිවලින්
චන්ඩි පුත්තු එලිබහින කොට…………
මැද උන්නු අපි
උනුත් මුනුත් මැද්දේ දෝලනය උනේ
උන්ට ඕනෙ වුනාම විතරයි කියල හරියටම
දැනුනෙ AL මඟක් දුරක් ගිහිං
ඇන ගන්න කොට හිත කඩන් වැටුනහම …..
අත්තම්ම ඔඩොක්කුවෙ තියන්
කියපු සිරිත් මල්දමත්
අම්ම රෑට නින්ද යනකම්
පාට සුවඳ එක වගේ කීකරු කරපු
රෝසමල් හොඳ ළමයත්
පහේ පන්තියෙ ටීචර හොයල දුන්නු
සිරිමත් මගෙ සකියවත්
අරන් ආපු නිසාමත්….
.
පැත්තක ඉඳන් ජස්ටින් බීබර්
ටොම් බොක්සර්
ජස්ටින් ටිම්බලෙක්
ඇයි අර …එමිනෙම් ඒකෝන්….
බලෙන් එල්ලෙන්න හදන කොටත්….
බොබ් මාලේ චේ…වරින් වර කඩා පනින වෙලාවකත්
පිටරට ඉගෙන ගන්න ජොබ් කරන්න යන හීන
ඉදහිට එබිකම් කරන මොහොතෙත්…
රතු සහෝදරයෝ
මොන මොනවද යුක්තිගරුක
දේශනා ඔබන කොටත්
අනේ….මන් හිරිවැටිලා තනිවෙලා
අතරමන් වෙලා නේද හිතිලා
හඩා වැටුනෙ හරියටම රෑ මැදියම……
අම්මෙ…..
අර අපලෙට බැන්ද සුරය…
වැඩ කරන්නෙම නැද්ද කොහෙද
හරියටම …….

 

( පින්තූරය ලක්නාත්ගේ ෆේස්බුක් පිටුවෙන් )

Leave a Reply

Your email address will not be published. Required fields are marked *