comming soon… සුමති සම්මානයේ කුජීත වැඩ

ඉදිරියේදී පැවැත්වීමට නියමිත සුමති ටෙලි සම්මාන උළෙලේ ජනප්‍රියම ටෙලි නාට්‍යය, ජනප්‍රියම නළුවා හා නිළිය වැනි සම්මාන සදහා මේ වන විට මත විමසුමක් පැවැත්වෙන අතර දින කිහිපයකට වරක් එහි ප්‍රතිඵල ඔවුන්ගේ නිළ ෆේස්බුක් පිටුවේ පල කරයි. පසුගිය කාලය පුරා ඉතා ජනප්‍රියත්වයට පත් දෙවනි ඉණිම එහි පළමුවන ස්ථානයේ සිටි අතර හදිසියේම ඉතා පහළ සිටි රතු පිච්ච නම් නාට්‍යයක් ඉදිරියට පැමිණ තිබේ.

සැප්තැම්බර් 06 වනදා 628ක්ව තිබූ මනාප ප්‍රමාණය 09 වනදා වන විට 632ක් ලෙස 4කින් වැඩි වූ රතු පිච්ච නාට්‍යය සැප්තැම්බර් 11 වන විට මනාප 21,567 දක්වා වැඩි වී පළමු ස්ථානය ලබාගෙන තිබේ. සැප්තැම්බර් මස 09 වන දින ප්‍රතිඵලයට අනුව දෙවනි ඉනිමට මනාප 18,322ක් ලබාගෙන සිටි අතර 11 වනදා වන විට එය 20,067 දක්වා වැඩි වී තිබේ.

මෙහි වඩාත්ම හාස්‍යජනක කාරණය නම් නෙතූ නැමැති නාට්‍යයේ සැප්තැම්බර් 09 වනදා වන විට තිබූ මනාප 8,618 සැප්තැම්බර් 11 වනදා වන විට 8,264ක් දක්වා අඩු වීමයි. එස් එම් එස් මනාප වලින් ජනප්‍රියත්වය තෝරන මෙම තරගයේ ලබාගෙන තිබූ මනාප අඩු වීමේ කිසිදු අවස්ථාවක් නොමැති අතර මෙය වංචාකාරී ලෙස ප්‍රතිඵල වෙනස් කිරීමකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *