ෆොනීගේ ඇනීම සහ ඒකාබද්ධයේ තප්පුලෑම

සරත් ෆොන්සේකා මේ දිනවල දැඩි කතා බහට ලක්ව ඇති ප්‍රධාන දේශපාලන චරිතයක් බවට පත්ව ඇත. ඒ ඔහුගේ ධවල දේශපාලන චරිත ස්වභාවයක් හේතුවෙන් නොව පාවාදීමේ නරුමයෙකු ලෙසය.ජෙනරාල් ජගත් ජයසූරිය තම හමුදාවේ සිටි නිළලත් අධිකාරීවරයෙකු ලෙස සේවය කොට ඇති තත්වයක් තුළ ඔහුට අදාළ වැඩ කොටස යුද්ධයේදී ඉටුකළ පසුව සමස්ත හමුදාවටම අදාළව පැන නැගෙන චෝදනාවක හවුල්කරුවෙකු ලෙස ජාත්‍යන්තරය විසින් එල්ල කරනු ලබන චෝදනාවකට තමන් සේවය කළ හමුදාවේ එවක ප්‍රධානියා විසින්ම ඔවුන්ට උපකාර වීම සදහා ඔහුට අදාළ චෝදනා ඉදිරිපත් කිරීම කවර නම් නායකයෙකුට වටින්නේද යන්න විමසා බැලිය යුතු කරුණක්ව පවතී.

තමන් අණදුන් හමුදාවේ තවත් නිළයකට මෙලෙස චෝදනා එල්ල වෙද්දී ඒ මතම පිහිටා තමන්ට ඇති පෞද්ගලික කෝන්තරයක් පිරිමැසීමට යාම යනු ඉතා ග්‍රාම්‍යත්වයක් පෙන්නුම් කිරීම හැර වෙනත් දෙයක් නොවන බව පැවසිය යුතුමය.
සරත් ෆොන්සේකා සැහැසි හමුදා නිලධාරියෙකු බව පසක් වූ වාර අනන්ත වන අතර ඔහු දේශපාලනයට පැමිණ මේ සිදුකරමින් පවතින්නේද තමන්ට එරෙහි වූවන් දඩමීමා කොට ගෙන පළිගැනීම පමණි.
නොඑසේ නම් සරත් ෆොන්සේකා ජගත් ජයසූරියට එරෙහිව එල්ලවන චෝදනාවන්හි ප්‍රධාන චූදිතයා ද වන්නේය. ඒ මක්නිසාදයත් ජයසූරිය කිසියම් කාර්යයක නිරත වන්නේද ඒ සරත් ෆොන්සේකාගේ හමුදාපතිත්තවය යටතේ වීම නිසාය. එවැනි පරිසරයක සරත් ෆොන්සේකා තම දේශපාලන හස්තය පමණක් පිළිබද කල්පනා කොට තමා නිවැරදිව තමා යටතේ සිටි පිරිස් වැරදි යැයි පැවසීම කිසිදු නීති පද්ධතියකට අදාළව යුක්ති යුක්ත වන්නේ නැත.
එබැවින් සරත් ෆොන්සේකාට අදාළව මේ කරුණ මෙසේ වන්නේම ඔහු ග්‍රාම්‍යත්වය මත පිහිටා කටයුතු කිරීම නිසාවෙනි.
මේ අතරම ඒකාබද්ධ විපක්ෂය විසින් මේ කරුණ තම දේශපාලන වාසියට ගෙන හුදු දේශප්‍රේමීත්වයක් මුදුන් පමුණුවා සරත් ෆොන්සේකා මතින් වාසි ලැබීම යනු තවත් එක් පිළුණු සහත දේශපාලන ක්‍රියාමාර්ගයක් විනා අන් කවරක් නොවන බව කිව යුතුමය.

එසේ නම් මේකී ක්‍රියාදාමයේදී සිදුවිය යුතුව පැවැතියේ හා සිදුවිය යුත්තේ කුමක්ද ? සරත් ෆොන්සේකා මෙතෙක් යහපාලනයේ දෙවසර තුළ තමන් හමුදාවේ ප්‍රධානියෙකු බැවින් රාජ්‍ය යාන්ත්‍රණයද මෙහෙයවා එවකසිදුවූ දූෂණයන් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා නිසි දඩුවම් දෙන්නන්ට අධිකරණයක් මගින් දඩුවම් පැමිණ විය යුතුව තිබිනි.

එසේම ඉදිරියේදී සිදු කළ යුතු වන්නේ එක් එක් නිලධාරියා ජාත්‍යන්තරය හමුවේ නිරුවත් කොට තමන් ඇග පිසදා ගැනීම නොව සමස්ත ක්‍රියාවලියට අණ දුන් තැනැත්තා තමන් බැවින් ජාත්‍යන්තරය හමුවේ සමස්ත හමුදාවේම නිරවද්‍යභාවය ඔප්පු කිරීමය.
මේ කිසිවක් නොකොට තමා සුදනා යන්න පවසා යුද්ධයේ සිටි අනෙකුත් නිලධාරීන් බිල්ලට දීම යනු නරුම කමකි.

– ඇසළ මනුප්‍රිය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *