ක්‍රිකට් අවසාන ද – තේරීම් කමිටුවත් ගෙදර යයි
සනත් ජයසූරිය මහතාගේ සභාපතීත්වයෙන් යුත් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව අද (29) සිය තනතුරුවලින් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.
තේරීම් කමිටු සාමාජිකයන් සියලු දෙනාගේ අත්සනින් යුක්තව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා වෙත ලිපියක් ඉදිපත් කරමින් ඔවුන් තම ඉල්ලා අස්වීම දැනුම් දී ඇත අතර ඒ අනුව ඔවුන්ගේ සේවය සැප්තැම්බර් මස 07 වැනිදායින් අවසන් වේ.
සනත් ජයසූරිය මහතාට අමතරව රංජිත් මදුරසිංහ, රොමේෂ් කළුවිතාරණ, අසංක ගුරුසිංහ, එරික් උපශාන්ත යන හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් තේරීම් කමිටු සාමාජිකයන් ලෙස කටයුතු කරයි.