Perfume – The story of a murderer

මිනිසෙකුට ජීවත් වීමේ දී අරමුණක් නොමැති විය හැකිය. ධනය නොමැති වීමට ද හැකිය. තමන් වෙනුවෙන් කාත් කවුරුවත් නොමැතිව හුදෙකලා වූ අනාථයෙකු වීමට ද හැකිය. නමුත් ඔහුට ජීවත් වීමට ඔහු මිනිසෙකු වශයෙන් සමාජයෙන් පිළිගැනීමක් අවශ්‍ය වේ. මිනිසෙකුට තවත් මිනිසෙකු පිළිබද විවිධ අර්ථකථන තිබෙන්නට පුළුවන. නමුත් සියල්ල අවසානයේ ඔහු කළි මිනිසෙකි. විවිධ දේශපාලනික
දර්ශනයන් පසුකරමින් අද දක්වා පැමිණි කාලය තුළ මිනිසා පිළිබද සමාජ මතය පිළිගැනීම ගැනීම විවිධාකාරයෙන් වෙනස් විය. ධනය සහ බලය මූලික සාධකය කොටගෙන සමාජ පංතිවලට ඛණ්ඩනය විය. ඒ අනුව මූලිකවම ධනය සහ බලය බෙදී යාම අනුව රදලයා සහ වහලා වශයෙන් මිනිසාගේ අනන්‍යතාවය තීරණය විය.

රදලයින් සියල්ලෝම පොදුවේ එක් කුලකයකට ලඝු එතු වෙද්දී වහලූන් තව තවත් ආන්තික කුලවලට බෙදී වෙන් විය. වහල් සමාජය, මිනිසාගේ පැවැත්ම පිළිබද අතිශය දුෂ්කර ගැටලූ පැන නැගි ස්ථානය. මිනිසාගේ මානුෂීය වටිනාකම ශූන්‍ය වූ ස්ථානය. මිනිසෙකු වශයෙන් ජීවත් වීමේ අයිතිය රදලයා විසින් සීමා කෙරූ ස්ථානය. මිනිසා ප‍්‍රථමයෙන් දෙවියන්ගේ වහලූන් බවට පත් විය. කිසිවෙකු කිසිදා නොදුටු
කාල්පතික දෙවියන්ගේ. ඉන්පසු රජුගේ වහලූන් බවට පත් විය. ඉතාමත් අහඹු ලෙස දකින දේවත්වය දේවත්වය ආරූඪ වූ මිනිසෙක්. ඉන්පසු රදලයාගේ වහලූන් බවට පත් විය. වහලාගේ ශ‍්‍රමයෙන් සන්තර්පණය වන රදලයන් මේ අනුව වහලා හට තම පැවැත්ම පිළිබද ගැටලූ පැන නැගුණි . එහිදී මිනිසා තම පැවැත්ම තහවුරු කර ගැනීම සදහා විවිධ අරගල වල නිරත වූ අතර දේශපාලනික සහ දාර්ශනික මතවාදයන් රාශියක් ද මේ අනුව බිහි විය. ඒ සදහා බොහෝ විට සාහිත්‍ය, නාට්‍ය, චිත‍්‍ර ආදී කලාවන් ද මාධ්‍ය කොට ගත්හ. 20 වන සියවස මේ අනුව මෙම මතවාදයන් වැඩි වශයෙන් බිහි වූ සහ ව්‍යාප්ත වූ සියවස ලෙස නම් කළ හැකිය.

2006 වසරේ දී ටොම් ටයිකිවාර් විසින් අධ්‍යක්ෂණය කරන ලද perfume ‘the story of a murderer’ චිත‍්‍රපටයට පසුබිම වන්නේ ද පැවැත්ම පිළිබද ගැටලූවකට මුහුණ දුන් වහලෙක් පිළිබද කතාවකි. මෙම චිත‍්‍රපටය සදහා පාදක කර ගනු ලබන්නේ 1985 දී පැටි‍්‍රක් සස්කයින්ඞ් විසින් රචිත පර්ෆියුම් නම් නවකතාවයි. ජර්මන් නවකතාවක් වන මෙම කෘතිය ආශ‍්‍රය කරගනිමින් 2006 වසරේ දී පර්ෆියුම් චිත‍්‍රපටය නිෂ්පාදනය කිරීමේ දී එහි යම් යම් වෙනස්කම් සිදු කර ඇති ආකාරය ද දක්නට ලැබේ.

උදාහරණයක් වශයෙන් නවකතාව තුළ මෙහි ප‍්‍රධාන චරිතය වන ෂෝන් බැප්ටිස් ග්‍රොනොවි වඩාත් නිහඬ චරිතයක් වුවත් චිත‍්‍රපටය තුළ ඔහු සැලකිය යුතු දෙබස් ප‍්‍රමාණයකත් කතා කරයි. කෙසේ නමුත් සාමාන්‍ය රසවින්දන සිනමා කෘතියකට වඩා මෙම චිත‍්‍රපටය වඩාත් සමීප වන්නේ දාර්ශනික කෘතියකටය. නහයක් පමණක් ඇති මිනිසෙක්. නැත. විශේෂ හැකියාවක් ඇති මිනිසෙක් නොවන මිනිසෙක්. ජනාකීර්ණ පැරීසියේ පණුවන් ගහණ පිළිබද උපදවන මාළු ලෑල්ලක් යට උපන් මිනිසෙක්. මාළු කපන පිහියේ ආධාරයෙන් මවගේ පෙකණි වැලෙන් වෙන් වූ මිනිසෙක්. විටෙක ඝාතකයෙක් විටෙක යක්ෂයෙක්.තවත් විටෙක සුර දුතයෙක් වන මනුෂ්‍යත්වය අහිමි මිනිසෙක්. ඔහු උපදින පරිසරය අනුව ඔහුට සහජයෙන් මහිමි වන අද්විතීය හැකියාව වන්නේ සුව`ද හ`දුනා ගැනීමේ හැකියාවයි. 1738 ජූලි 17 ඔහු උපන්
දිනය ලෙස සඳහන් වේ. උපත ලද සැණින් ඔහුගේ මව ඔහුවඝාතනය කරන්නට තැනූ බවට මිනිසුන් චෝදනා කරයි. ඒ අනුව ඔහුට ඇසෙන පළමු වචනය ඝාතකයා වේ. ග්‍රොනොවි එතැන් පටන් හැදී වැඩෙන්නේ අනාථ නිවාසයකය. මී ගුලක් වැනි අනාථ නිවාසයක්. නිදාගැනීමටවත් ඉඩක් නොමැති තරමට ළමුන්ගෙන් පිරී ගිය අනාථ නිවාසයක්. ඔහුව මේ ළමුන්ගෙන් පිරී ගිය අනාථ නිවාසයට ගෙන ඒම නිසා එහි ඉඩකඩ තවත් සීමා වේ. එම නිසා මෙම අලූත උපන් බිළිදා මරා දැමීමට ළමුන් උත්සාහ කරයි.
කුඩා කළ පටන් වයස අවුරුදු 13ක් වන විට අනාථ නිවාසයේ පාලිකාව ඔහුව වහල් සේවකයෙක් ලෙස විකුණයි. එතැන් පටන් නිමක් නොමැති වහල් සේවය. ගිම්හානයේ දීත්. සිසිරයේ දීත් එක දිගට. පැය 16ක් 18ක් වහල් සේවය. ගද ගසන අපිරිසිදු, අපිළිවෙල ජරාජීර්ණ වහල් ජීවිත, නිමක් නැති කැඹුරුම්, මේ අතර එක් දිනක් ග්‍රොනෝවි හට පැරීසියේ ධනවතුන් වෙසෙන ප‍්‍රදේශයට යාමට අවස්ථාවක් උදා වේ. කළු සහ අළු වර්ණයෙන් සැදි ලොවින් පැමිණි වහලා වර්ණවත් ලොවකට ඇතුළු වේ. කිසිදා නොවිඳි සුවඳ පැරීසිය දුගද හමන නගරය. පැරීසිය, අඳුරු නගරය, පැරීසිය, දුෂ්ටකම් පිරුණු නගරය, පැරීසිය, අනාථයන්ගෙන් වහලූන්ගෙන් පිරුණු නගරය. නමුත් දැන් පැරීසිය, වර්ණවත් නගරය. පැරීසිය, සුගන්ධවත් නගරය.

පැරීසිය, ධනවතුන්ගේ නගරය. සුරලොව සහ අපාය එකම නගරයක් තුළ ඒ පැරීසියයි. චිත‍්‍රපටය තුළ ඝතට්ටනය පැන නගින්නේ මෙතැන් පටන්ය. ඒ පැවැත්මක් නොමැති මිනිසෙක් හට අලූත් අත්දැකීම් රාශියක් ලැබීමත් සමඟය. ඔහු උපන්දා සිට සෙව්වේ සුවඳය. අනේක විද සුවඳ ඔහු පස් සහ ලේ සුවඳ විඳ ඇත. විෂ්ට බවේ සහ වහල් බවේ සුවඳ විඳ ඇත. දැන් ඔහු එකවර තමන් දන්නා ලොවේ අනෙක් කෙළවර පිහිටි නොදන්නා ලොව තුළය. ඔහු ප‍්‍රථම වරට ස්ත‍්‍රියකගේ සුවඳ විඳියි පීච් වෙළෙන්දියකගේ ඔහු සමඟ මුලින්ම සිනහා මුසුව කතා කරන්නිය ඇයයි. එබැවින් ඇය තුළ සුවඳක් සැඟව ඇත. එනම් ගැහැණියකගේ සුවඳ සහ මනුෂ්‍යත්වයේ සුවඳ එය කිසිදා නොවිදි සුවඳක් පුදුමාකාර සුවඳක් කෑදර හිතෙන සුවඳක් දිව්‍යමය සුවඳක් එතැන් පටන් චිත‍්‍රපටය ගලා යෑමේ දී ඔහු විවිධ අත්හදා බැලීම් කරමිනව් විවිධ සුවඳ වර්ග නිෂ්පාදනය කරයි. විටෙක ඔහු සතුන් යොදාගෙන ද, යකඩ දම්වැල්, මාංචු ආදිය යොදාගෙන ද අත්හදා බැලීම් කරයි. ඔහු වරෙක තමාටම සුවඳක් නැති බව වටහා ගනියි. ඔහු තමන් පැවැත්මක් නැති මිනිසෙකු බව තහවුරු කර ගනියි. බල්ලෙකුටවත් ඔහුව ඉවට හසු
නොවීමෙන් එය වඩාත් තහවුරු වේ.
මේ චිත‍්‍රපටය අදාල කාලය අනුව මේ සඳහා දේශපාලනික සහ දාර්ශනික කියවීම් ගණනාවකට එළඹිය හැකිය. චිත‍්‍රපටය අයත් වන 18 වන සියවස, එනම් 1738-1760 කාලය පැරිසිය දේශපාලනමය වශයෙන් තීරණාත්මකන කාලයකි. ඊට හේතු වන දේශපාලනිකමය සංසිද්ධින් කිහිපයක් ම තිබේ. උදාහරණ වශයෙන් 1723 දී 15 වන ලූවී රජු බලයට පත් වීම, 1738 නොවැම්බර් 18 වියානා ගිවිසුම අත්සන් තැබීම. 1748 ඔක්තෝම්බර් 18 ඇක්ස් ලා ගිවිසුම ස`දහා අත්සන් තැබීම ආදී කාරණා පෙන්වා දිය හැකි අතර මෙම හේතු ආශ‍්‍රයෙන් පැරීසිය තුළ දේශපාලන අස්ථාවරත්වයක් පැවතුණි. යුද්ධ නිසා වැඩිහිටියන් මිය යාම, අනාථයින් වැඩි වීම තුළ වහල් සේවය වර්ධනය වීම, පන්ති බේදය තදබල ලෙස පැවතීම ආදී සමාජ ගැටලූ රාශියක් නිර්මාණය වී තිබිණි. පැරීසිය අදට ද වඩා ප‍්‍රචලිත සුවඳ විලවුන් නිෂ්පාදනයටය.

මෙහිදී පේ‍්‍රක්ෂකයන් අවධානයට හසු නොකරගන්නා කලාපයක් වෙත ද චින්තනය මෙහෙයවනු ලබයි. එනම් ධනවාදය පසුපස ඇත්තේ නිර්ධනයාගේ ශ‍්‍රමය බව පෙන්වයි. වර්ණවත් ගැහැණුන් අශ්ව කරත්ත වලින් පැමිණ සුගන්ධය ගල්වා ගන්නා විට එම සුව`ද නිෂ්පාදනය කිරීමට වහලූන් තම ශ‍්‍රමය කෙතරම් කැප කරන්නේ ද යන්න පෙන්වයි.
කෙසේ නමුත් මෙම චිත‍්‍රපටය පිළිබඳ දාර්ශනික කියවීමකට එළ ඹෙන විට මෙය සාන්දෘෂ්ටිකවාදී කියවීමකට ලක් කල හැකිය. සාංදෘෂ්ටිකවාදයට අනුව ජීවය තුළ ස්වභාවයෙන් ම පිහිටි අගයක් හෝ අරුතක් නොමැත. ඒ සදහා මිනිසා විසින් අගයක් හෝ අරුතක් ඇති කරයි.
සාංදෘෂ්ටිකවාදී නාස්තිකවාදයට අනුව මිනිසා වනාහි වටිනාකමක් නැතිව*ුමදඑත අරමුණක් නැතිව ලෝකයට බිහි වූ ක‍්‍රියාදාමයක් ය. සරලය කියන්නේ නම් සාංදෘෂ්ටිකවාදයට අනුව දෙවියන් යනු කල්පිතයකි. දෙවියන් වශයෙන් කෙනෙකේ නොපවතින අතර ලොව උත්තම සත්වයා වන්නේ මනුෂ්‍යයාය. එම නිසා දෙවියන් නොමැති ලොව තුළ මනුෂ්‍යයා පිළිබද වගකීම මනුෂ්‍යයා සතු වන්නේ ය. සාංදෘෂ්ටිකවාදය යනු ප‍්‍රංශයේම බිහි වූ දාර්ශනික මතවාදයකි. මේ චිත‍්‍රපටය තුළ ප‍්‍රධාන චරිතය වන ග්‍රොනෝවි ඇල්බෙයා කැමූගේ පිටස්තරයා කෘතියේ එන මර්සෝගේ චරිතයට ද සමානකම් දක්වන්නේ ය. මේ දෙදෙනාම නිහ`ඩ චරිතය. එමෙන්ම ගුප්තය. තමා අවට ඇති සියල්ල සම්බන්ධයෙන් ඔවුන්ට නිෂ්චිත අගයක් නොමැත. තමාගේ ම මරණය සම්බන්ධයෙන් මොවුන්ට ඇත්තේ දුරස්ථ බවකි. ඒ අනුව චිත‍්‍රපටය තුළ ග්‍රොනෝවි තවදුරටත් අවිනිෂ්චිතය. ඔහු ඝාතකයෙකි. ඔහු සාතන්ගේ දායාද ලත් යක්ෂයෙක් ලෙස පල්ලියේ පියතුමා පවසයි. නමුත් ඔහු සැමවිටම දෙවියනක් ස`දහා නිර්මාණය කළ ඔපෙරා සංගීතය පසුබිම් කොටගෙන පෙනී සිටියි.

ඔහු යක්ෂයෙක් ද? මනුෂ්‍යයෙක් ද? නැතිනම් සුර දුතයෙක් ද? ඔහු ඒ සියල්ලෝමය. ඔහු පිටස්තරයෙකි. ලෝකයට. පැරීසියට. ඔහුටම ඔහු සුව`ද විලවුන්‘ කුප්පියක් නිෂ්පාදනය කර ගනියි. නිර්දෝෂී ගැහැණුන්ගේ සාරය උරා සෑදු දිව්‍යමය සුවදක්. බිංදුවෙන් බිංදුව නාලය දිගේ කුඩා කුප්පියකට. ඔහු එය ගල්වා ගනියි. දැන් ඔහු සුරදුතයෙකි. ඒ සුවඳ මනස විකෘති කරවන සුවඳක් ආශාවන් පුබුදුවන සුවඳක් දිව්‍යමය සුවඳක් මුළු ලෝකයම වහලූන් කළ හැකි සුවඳක් අදෘශ්‍යමාන බලයක් සහිත සුවඳක් නමුත් මේ සුවඳට එක් දෙයක් කිරීමට නොහැකි බව ඔහු තේරුම් ගනියි. ඔහුව අනෙක් මිනිසුන් අතර සාමාන්‍ය මිනිසෙක් කිරීමට මේ සුවඳ විලවුන් කුප්පියට නොහැකිය. ආදරය කරන, ආදරය
ලබන අයෙක් කිරීමට. ඔහුගේ ජීවිතය අවසන් වේ. උපන් තැනම. ඒ 1766 ජුනි 25 වන දිනය.

සියුම් කැමරා චලන සහ විශිෂ්ට ආලෝකකරණයක් සහිත මෙම චිත‍්‍රපටය සම්මාන උළෙල රැසක සම්මානයට නිර්දේශ වෙමින් ද, සම්මාන ලබමින් ද ගෞරවයට පාත‍්‍ර වූ සිනමා නිර්මාණයකි. කෙසේ නමුත් මෙම චිත‍්‍රපටය තාක්ෂණික අතින් ද, අන්තර්ගතය අතින් ද වඩාත් පොහොසත් නිර්මාණයක් වශයෙන් අර්ථ ගැන්විය හැකිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *