ඒ.එස්.පී. ලියනගේ කාටාරයේ පාසල් වසා මුදල් ගැරීමක 

කටාර් රාජ්‍ය යේ වෙසෙන ශ්‍රී ලාංකික දරුවන් වෙනුවෙන් මීට දහසය වසරකට පෙර ආරම්භ කරන ලද ශ්‍රී ලංකා පාසලක් වසා දැමීම සදහා කටාර් ශ්‍රී ලංකා තානාපතිවරයා කටයුතු කරන බවට එහි වෙසෙන ශ්‍රී ලාංකිකයන් විසින් චෝදනා කොට සිටී.
මේ සම්බන්ධයෙන් එම පාසලේ පාලක මණ්ඩලයේ සභාපති හා එහි නිර්මාතෘ කුමුදු ෆොන්සේකා සදහන් කොට සිටියේ තානාපතිවරයා විසින් පාසලේ අරමුදල් ගිණුමේ ඇති කටාර් රියල් මිලියන 17ක මුදලකට ගිජුකමින් මෙකී ප්‍රයත්නයෙහි නියැලෙන බව ද සදහන් කොට සිටී.
දිගු කලක් කටාරයේ වාසය කරන කුමුදු ෆොන්සේකාගේ අදහසක් ප්‍රකාර දරුවන් 14 දෙනෙකු සහිතව 2001 ඔක්තෝබරයේ දී දෝහා නුවර ආරම්භ කරන ලද ස්ටෆර්ඩ් (Stafford) ශ්‍රී ලංකා පාසලේ මේ වනවිට 1000 කට අධික දරුවන් පිරිසක් ඉගෙනුම ලබති.
ආරම්භයේ සිටම පාසල පාලනය කරනු ලැබුවේ කුමුදු ෆොන්සේකා ගේ සභාපතිත්වයෙන් යුත් භාරකාර මණ්ඩලයක් විසිනි.
පාසලේ අධ්‍යාපනය හැදෑරීම පිණිස එක් දරුවෙක් මාසයකට කටාර් රියාල් 850 සහ 900 කට ආසන්න මුදලක් ගෙවන බව සඳහන් කළ කුමුදු ෆොන්සේකා, වෙනත් පාසලක මාසික ගාස්තුව කටාර් රියාල් 3800 ක් පමණවන බව පැවසීය.

සම්පූර්ණයෙන්ම ස්වේච්ඡා පදනමක් මත භාරකාර මණ්ඩලය එය පාලනය කරන බව පවසන සභාපතිවරයා, දරුවන්ගේ පාසල් ගාස්තුවලින් මුදල් ගෙවනු ලබන්නේ පාසලේ ගුරුවරුන්ට පමණක් බව ද කියා සිටියේය.
කටාර් රියාල් මිලියන 17 ක පමණ මුදලක් පාසල් අරමුදලේ ඉතිරිව තිබෙන අතර, ඒ මුදල සහ තවත් අරමුදල් රැස් කර රියාල් මිලියන 60 ක වියදමින් පාසල වෙනුවෙන් නව ගොඩනැගිල්ලක් ඉදිකිරීම සිය බලාපොරොත්තුව බව ද ඔහු පැවසීය.

bbc

Leave a Reply

Your email address will not be published. Required fields are marked *