පරිසරවේදීන්ගෙ නිවාසයට රාත්‍රී පොලීසිය පනී

ආණ්ඩුවේ විවිධ අත්තනෝමතික පරිසර සංහාරයන්ට එරෙහිව හඩක් අවදි කරනු ලබන පරිසරවේදීන් හා ක්‍රියාකාරිකයින් මර්දනය කිරීම සදහා ආණ්ඩුවෙ නිළ මැර ප්‍රහාරකයන් යොදාගැනීමට වත්මන් ආණ්ඩු ක්‍රියාකරමින්සිටින අතර ඒ සදහා කදිම නිදසුනක් ලෙස පසුගියදා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ සාමාජිකයෙකුගේ නිවසට මධ්‍යම රාත්‍රියෙහි පොලීසිය පැන සිදුකරනු ලැබූ තර්ජනයන් දැක්විය හැකිවේ.
මේ සම්බන්ධයෙන් අදාළ මධ්‍යස්ථානය විසින් ජනාධිපතිවරයා දැනුවත් කිරීම සදහා ලිපියක් යොමු කොට ඇති අතර එමගින් ඉල්ලා ඇත්තේ නිළ ප්‍රහාරකයන් සම්බන්ධයෙන් මැදිහත්ව පරිසර වේදීගේ ආරක්ෂාව තහවුරු කරන ලෙසයි.
අදාළ ලිපිය පහත දැක්වේ.

සොබාදහමි අධ්‍යන මධ්‍යස්ථානයේ සාමාජිකයන්ගේ

නිවෙස් පොලීසියෙන් වැටලීම සමිබන්ධවයි

අප සංගමය හා සමිබන්ධව පාරිසරරික ක්‍රියාකාරිකයෙකු ලෙස ක්‍රියාකරන සංජීව කුලතිලක සහෝදරයාගේ නිවසට 2017.08.22 දින මධ්‍යම රාත්‍රී 12.20 පමණ කුරුණැගල පොලිස් ස්ථානයේ සේවයේ නියුතු එස් .අයි චරිත් ඇතුළු පොලිස් නිළධාරි හයදෙනෙක් පැමිණ ඔහුන් හා පවුලේ අය බියවද්දවා ඇති අතර ප්‍රදේශයේ පරිසර ගැටළුවක් සම්බන්ධව අප සංගමය සතුව තිබූ පෝස්ටර් පොලීසියට ගෙනවිත් බාරදෙන ලෙස තර්ජනය කර ඇත.
එම නිසා සිවිල් නිතීය පොලීසිය විසින් කඩ කරමින් අප සංගමයේ සාමාජික සාමාජිකාවන් බිය වැද්දවීමට කුරුණැගල පොලිසිය රාත්‍රී කාලයේ කඩා වැද නිතිය කඩ කිරීම සමිබන්ධවත්, පරිසර සංරක්ෂණය ව්‍යවස්ථා දායක අයිතියක් වන අතර එයට බාධා කිරීමත් සමිබන්ධව මෙම පොලිස් නිළධාරීන්ට එරේහිව නිතිය ක්‍රියාත්මක කිරීමට මැදිහත්වන ලෙස ඔබ තුමාගෙන් ඉල්ලා සිටිමි

මෙයටග

රවීන්ට් කාරියවසම්
ජාතික සමිබන්ධිකාරක

Leave a Reply

Your email address will not be published. Required fields are marked *