ශ්‍රීපාලියේ “ශස්ත්‍ර” බලන්න ඇවිත් යන්න

කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ අවසන් වසර නර්තන කණ්ඩායමේ අවසන් වසර නිෂ්පාදනය මෙම මස 24 වන බ්‍රහස්පතින්දා පස්වරු 3.30 ට සහ 6.30 ට අරුන්දතී ශාලාවේ දී ප්‍රදර්ශනය කෙරේ.“ශස්ත්‍ර” ලෙස නම් කර ඇති මෙම නිර්මාණාත්මක ප්‍රසංගය අතීතයේ නුවර කලාවියේ පැවැති කන්‍යා යාගය ඇසුරින් නිර්මාණය වී ඇත.
ශ්‍රී ලංකාව තුළ මෙතෙක් බිහි නොවූ ආකාරයේ නිර්මාණාත්මක ප්‍රසංග අත්දැකීමත් දේශීය ජනශ්‍රැති ආශ්‍රයෙන් නිර්මාණය වීම මෙහි විශේෂත්වයයි.
මෙම නර්තන නිෂ්පාදනය ශ්‍රී පාලි මණ්ඩපයේ නර්තන අංශයේ කථිකාචාරිනී රුවිනි බටුවංගල මෙනවියගේ මගපෙන්වීම යටතේ සිදුකරන අතර අවසන් වසර නර්තන කණ්ඩායමේ H.P තිළිණ දිලංක විද්‍යාර්ථයා විසින් අධ්‍යක්ෂණය කරනු ලබයි.
“ශස්ත්‍ර” නිර්මාණාත්මක ප්‍රසංග අත්දැකීම බෙදා ගැනීමට ඔබ සැමට ආරාධනා..

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *