සහෘද මාධ්‍යවේදී ප්‍රභාත් වීරරත්නයන් සමුගනී.
සත්හඬ පුවත්පතේ සම කර්තෘ ප්‍රවීන මාධ්‍යවේදී ප්‍රභාත් වීරරත්න මහතා ඊයේ (07) රාත්‍රියේ ඇතිවූ හදිස්සි හෘර්දයා බාධයකින් අභාවප්‍රාප්තවී තිබේ.අද වෙළඳ පලට පැමිණි සත්හඬ පුවත්පතේ වැඩ නිමකර නිවසට යන අතර තුරදී මෙම අවාසනාවන්ත මරණය සිදුවී ඇත.
ආදි ආනන්දීයෙක් වන ඒ මහතා, කථානායක කරෑ ජයසූරිය මහතාගේ මාධ්‍ය ලේකම්වරයා ලෙසද, රන්දිව පුවත්පතේ නියෝජ්‍ය කර්තෘවරයා, මවුබිම පුවත්පතේ ප්රවෘත්ති කර්තෘවරයා, ලක්බිම පුවත්පතේ ප්රවෘත්ති කර්තෘවරයා මෙන්ම යුක්තිය පුවත්පතේ මාධ්‍යවේදියකු ලෙසද කටයුතු කළ අයෙකි.
ප්‍රභාත් මහතා දියණියන් දෙදෙනෙකුගේ පියෙකි. ඒ මහතාගේ දේහය නොම්බර 276/7, ජයන්ති මාවත, හිඹුටාන, මුල්ලේරියාව නව නගරය යන ලිපිනයේ තැන්පත් කිරීමට නියයමිතය.
අවමංගල්‍ය කටයුතු සිදුකරන දියනය, ස්ථානය හා වේලාව පසුව දැනුම්දීමට නියමිතය