මේ ක්‍රමය තුළ පිවිතුරු දේවල් පතනවා නම් එයාට පිස්සු – ලක්දේශ් විජේසිංහ

කොල්ලෙක් විදියට ලෝකය දකින්නේ කොහොමද ?

මේක මට දකින්න තියෙන දේ. මේ තියෙන ලෝකේ මොකක්ද කියලා කියලා වැඩක් නෑ. ඒක අවුල් ජාලයක්. මං මේ ලෝකය කියලා දකින්නෙ මිනිස්සුම නිර්මාණය කල එකක්. ඒක මනුස්ස වාසයට සුදුසුද? නැද්ද ? කොච්චර මානුෂික ද අමානුෂිකද කියල ගැටළුවක් නිතරම තියෙනවා. මං මේ ලෝකය දකින්නේ සමාජයෙන් ලබුන අත්දැකිම් එක්ක ඒ සිහිබුද්ධියෙන්. තමන් ‍තෝර ගන්න පාර අනුව ලොකය ලස්සන වෙන්නත් පුලුවන් අවලස්සන වෙනනත් පුලුවන්

කොටසක් සැප විදිද්දී කොටසක් දුක් විදින එක ගැන මොකද කියන්නේ … ?

මං ඉහත දුන්න පිලිතුර අග මේ දේට උත්තර තියනවා. ලෝකය අරගෙන බැලුවොත් මුලු ලෝකයෙන් අති බහුතරයක් සාගත බලකායක් වෙලා. අලුතින් අහන්න දෙයක් නෑ .. ලෝකෙටම සැපක් දෙන්න ඕන.. හැම දෙයක් තුලම… පිරිසක් ආතල් ගන්න එක නෙවෙයි ප්‍රශ්නය .. ආතල් කියන එක එකිනෙකාට සාපේක්ෂයි. නමුත් ආතල්, කියලා තියන පොදු වුවමනාව කාටත් විවෘත වෙන්න ඕන. එතනදි අපි කාටත් ඇගිල්ල දික්කරලා වැඩක් නෑ. මොකද දුප්පත් පවුලක ඉපදිලා හිගන්නෙක් විදියටම මැරිලා යනව නම් එතන මූලික වරද ඒ පුද්ගලයගේ..නමුත් මිනිස් සමාජයක් විදිහට මේ ගැටලුව ජය ගන්න පුලුවන් වෙන්න ඕන.
ක්‍රීඩකයෙක් නේද ඔබ ? ඇත්තටම ලංකාවේ ක්‍රීඩාව ගැන මොකද හිතෙන්නේ ?

ඔව්. 2005/2006 වර්ෂයේ pool සංචිතයක් පිහිටුවේ. එහෙදී මම ශ්‍රිලංකා අනුශුරතාවයත් දින්නා, sun fm ගුවන්විදුලි සෙවයෙන් පැවත්වපු මුල්ම වෙලද සේවා යුගල තරගාවලියේ ශුරතාවය දින්නා ඊට අමතරව ලංකාවේ pool ක්‍රිඩාව වෙනුවෙන් මුලම tv වැඩ සටහන කලේ මම.ලංකාවේ ක්‍රීඩාව ගැන තියන ජනප්‍රිය කතා බහේ දැන් මං නැහැ.  ලංකාවේ ක්‍රීඩාවට කැමති මිනිස්සු ඉන්නේ. අපිට ඕනම ක්‍රීඩාවක් කරන්න පුළුවන්. ඒත් ජාත්‍යන්තර ජයග්‍රයණ ලබන්න නම් මං හිතනනේ අපි අපිට ගැලපෙන දේ සොයා ගන්න ඕන.

ශරීර ශක්තිය මත ජය ගත යුතු ක්‍රීඩා වලට අපේ සාමාන්‍ය ශක්තිය ප්‍රමානවත් නෑ. ඒවට දැඩි කැපවීමක් වගේම ඉලක්කයක් එක්ක යන වැඩ සටහන් තියෙන්න ඔන. ඒ උනාට අපිට විවෘතව ඇති ක්‍රීඩා තියනවා . ඒවා අපිට බලාපොරොත්තු තැබිය හැකි ක්‍රීඩා. නමුත් ඒ වෙනුවෙන්වත් දියුණු වැඩ පිලිවෙලක් අපිට නෑ .. කොහෙත්ම තෘප්තිමත් වෙන්න බැරි තැනකයි ක්‍රිඩාව තියෙන්නෙ. අපිව ලෝක ශූරයන් කල ක්‍රිකට් අරගෙන බලන්න 1975 බිලයට් ලොක කුසලානය දින්නේ ලාෆිර් දැන් මොකද වෙලා තියෙන්න අද වෙනකන් ඒ වගේ ක්‍රිඩකයෙක් බිහිකරලා තියෙනවද සුසන්තිකා ලා දැන් නැත්තේ ඇයි. ක්‍රීඩාව ජාතික අවශ්‍යතාවයක් වෙන්න ඔන.

ක්‍රීඩා ඇමතිවරයාගේ හමුදා පුහුණුවක් ගැන පසුගිය කාලයේ කතා කළා… මොකද්ද මේ කියන ඇත්ත කතාව ?

මේ ප්‍රශ්නයට මුල් උනේ තිසර අතින් ගිලිහුන උඩපන්දුව.ඔනිම ක්‍රිඩකයෙක්ට අතපසු වීම් වෙනවා එහෙම කියලා මේ වගේ ගොන් අතල ගන්න හොද නෑ.  නමුත් බැලූ බැල්මට සියළු ක්‍රීඩා වල ෆිට්නස් වල අවුලක් තියනවා. ෆිට්නස් මනිනනේ බඩෙන් නෙවෙයි. 96 ලෝක කුසලානේ ගත්ත ටීම් එක දිහා බලන්න බඩ ප්‍රශ්නයක් වෙලා නෑ. හමුදා පුහුණුව මෙතනදී මුලික නෑ. ඒ ගැන අපි කතා කරනවා කියන්නෙ හද පෙන්නුවාම ඇගිල්ල දිහා බෑලුවා වගේ දෙයක්. ඒ ඒ ක්‍රීඩාවට අවශ්‍ය ෆිට්නස් හදන්න වෙනස් ක්‍රමවේදයන් තියෙනවා. ඇත්තටම ෆිට්නස් , වගේම පුහුණු කිරීමේ තාක්ෂණය, පොෂණය ගැන පවා ඌනතා තියනවා. එය පිලිගන්න ඕන.

ක්‍රීඩකයන්ට නිදහසේ අදහස් දක්වන්න බැරි ඇයි ? රට වෙනුවෙන් ක්‍රීඩා කරනවා කියන්නේ කට බැදලා දැමීමක්ද ?

ක්‍රීඩාවක් වෙනුවෙන් ක්‍රීඩකයෙක් හරි ක්‍රීඩිකාවක් හරි රටක් නියෝජනය කරනව කියන්නේ සාමුහික වැඩක් නේද? එතනදී විනයක් තියෙන්න ඕන. සාමුකත්වය ආරක්ෂා වෙන විදිහට වැඩ කරන්න ඕන. තරගයක්දි ලබන ජය පරාජය ක්‍රීඩකයන් විසින් තනිවම කළ දෙයක් වෙන් නෑ. එක පිටිපස්සෙ තව කණ්ඩායමක ඉන්නවා. නමුත් මෙතනදි බලධාරීන් පවා ඒ විනය ආරක්ෂා කල යුතුයි. මාධ්‍යවල වැඩේ ක්‍රීඩකයන් වත් බලධාරින්වත් කරන්න ඕන නෑ ..
අනික ලොකේ කොහෙත් ක්‍රීඩාව නියෝජනය වන්නෙ ක්‍රීඩා සංගම් හරහා..එතනදී සීමාවන් පැනවීම අනිවාර්යෙන්ම වෙනවා. නමුත් අදහස් ප්‍රකාශ කිරිමට නිදහස කාටත් තියෙන්න ඕන .. යම් විදිහකට අසාධාරණයක් වුනොත් මාධ්‍ය වෙත කියන්න පුලුවන් වෙන්න ඔන ඒත් එක ක්‍රීඩා සංගම් මට්ටමෙන් අවසන් විය යුතුයි. නමුත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමඟ දේශපාලකයා ගැ‍ටුම් කාරිත්වයකට මැදිහත් වෙන කොට ලොකු අවුලක් වෙනවා. ඒක නොවිය යුතු දෙයක්. ඔය ප්‍රශ්නය එන්නෙ අපේ රටේ සිස්ටම් නැති නිසා ඒ නිසා තමයි දේශපාලකයන් ක්‍රීඩා කරන්න ඕන හැටි කියන්නෙ .. ක්‍රීඩකයන් දේශපාලනය සහ පරිපාලන විශේෂඥයන් වෙලා වගේ පේන්නෙ.

ලංකාවේ මීඩියා ගැන නිකමට හිතෙන දේ කියන්න ?

ලංකාවේ මීඩියා විතරක් නෙවෙයි ලෝකෙම මීඩියා කියන්නේ දේශපාලනයත් එක්ක බැඳුන ව්‍යාපාරයක්. ඒ කිසිම දෙයක් කිසිම විදිහකින් පරම පිවිතුරු නිදහස් මධ්‍යස්ථ නෑ .. මේ ක්‍රමය තුල එහෙම දෙයක් කවුරු හෝ පතනවා නම් එයාටත් පිස්සු ..

 

මාධ්‍ය නිදහස කියන්නේ හෙන ගොන් පාර්ට් එකක් නේද ?

ඒකට එක එක තේරුම් තියෙන්න පුලුවන්. නමුත් සමාජ වගකීම ඉශ්ට කරන්න මාධ්‍යවේදීන් කටයුතු කරන එකයි වැදගත්. ඒකෙදි නිදහස තියෙනවද නැද්ද කියන එක අදාල නෑ මං හිතන්නෙ. ඒක කරන්න බැරිනම් පන්සලක්. පල්ලියක් කෝවිලක් ගාව හිගාකන එක ඊට වඩා වැදගත් කියන්න පුලුවන්.

ලොකේ මාරම බලයක් තිබුනු හමුදාවක් දාලා ලෝකේ භයානකම ත්‍රස්තවාදීන් පරාජය කළා කියන උන්ට ඩෙංගු මදුරුවෝ මරන්න බැරි වෙන්නේ ඇයි ?

මල්ටි බැරල් ගහල එක පාර මිනිස්සු දහස් ගනනින් මරල දලා යුද්ධ දිනුව වගේ මදුරුවො මරන්න හමුදාවට බෑ.. ඒක රට වැසියා අතරම සැඟවිලා සිටින ගරිල්ලා ව්‍යාපාරයක් වගේ. මදුරුවො පොෂණය කරන්නෙ මිනිස්සුමයි. මදුරුවෝ මරන්න මිනිස්සුන්ගේ සහය අතයවශයයි.

 සයිටම් වහන්නේ නැත්තේ ආණ්ඩුව නෙවිල් ප්‍රනාන්දුට බයේ ද ?

ඇයි ආණ්ඩුව සයිටම් වහන්නේ..? කියන එක මඟ ඇරල ප්‍රශ්නය අහන නිසා කියන්න තියෙනෙ නම් ආණ්ඩුව නෙවිල්ට බයත් නෑ. සයිටම් වහන්න ආණ්ඩුවට අවශ්‍යත් නෑ කියලා. ආන්ඩුව ට සයිටම් හෝ රාජ්‍ය වෛද්‍ය අධ්‍යාපනයේ හෝ ගැටලුවක් නෑ . ඔවුන්ට තියන ප්‍රශ්නය ඔවුන්ට ඕන දේ කරන්න නොදී ප්‍රශ්න මතුකිරීම. ඔවුන් මිනිස්සු කුහකයි කියන්නේ එකයි. නැතිනම් අපේ වගේ රටවල පාලකයින් ට මිනිස් ජීවිත ගැන ප්‍රශ්නයක් නෑ .. දැන් මැරිලා ඉපදිලා වගේ රගපාන මහින්ද ගේ කතා අහන්න කෝ. එයා මොකක්ද මේ ආණ්ඩුවට නොකියා කියන්නෙ “මගේ ආතල් කැඩුවා නේද ? දැන් සැපද ” කියලා නේද අහන්නෙ

නිකමට හිතෙන විදියට කියන්න .. ලංකාවේ පොලිටිකල් ගැන තියෙන අදහස

ලංකාවේ පොලිටික්ස් කියල දෙයක් තියෙනවා කියන්න තරම් දේවල් වෙන්නෑ නේද. දේශපාලනය කරනව කියලා එක කිසි දෙයක් වෙනස් කරන්න සමත් වෙලා නෑ. පවතින දේම වෙනත් මුහුණුවරකින් කරනවා. වෙන්නෙ එකම දේ.

ලංකාවේ වමක් හෝ දකුණක් ලෙස පක්ෂ තියෙනවා යැයි කියනවා.. මේ වර්ග කිරීමට අදාළ දේශපාලන භාවිතාවක් ඔවුන්ගේ තිබෙනවාද ?

වම කියලා තියනවා, ඒත් එයාලා දකුනේ වැඩේ කරනවා. .. දකුණට ඉතින් අලුතින් කරන්න දෙයක් නෑ .. ඔහේ ඉන්න තියෙන්නෙ. වම දකුණට සටන් පාඨයේ සිට සියල්ල වෙනුවෙන් රෙදි නැතුව වැඩ කරන බවයි පේන්නේ.. දකුණ වමේ සටන් පාඨ ගේනවා

ඉතිං කියන්න පසුගිය කාලයේ ක්‍රීඩාවෙන් පදක්කම් සම්මාන ලැබුවා මොනවද ඒවා

මම කාලයක් ක්‍රිඩාවෙන් අයින්වෙලා හිටියෙ අපි ගැන හොයන්න බලන්න අත දෙන්න කවුරුත් හිටියෙ නෑ. මගෙ යාළු කමට එහා ගිය සහොදරන් දෙන්නෙක් ඉන්නවා සුභාෂ් සහ සංජය ඔවුන්ගේ බලකිරිම උඩ නැවත් ක්‍රිඩාවට අවතිර්න උනා 2017. පසුගියදා ඉතාලියෙ ලොම්බර්දියා (මිලනෝ) ප්‍රාන්තයේ group C ඛාන්ඩයේ තුන්වන ස්ථානය දිනාගන්න පුලුවන් උනා ඒ වගේම ජුලී මාසයේ 19-23 දක්වා රෝමයේ ඔලිම්පික් ගෘහස්ථ ක්‍රිඩාංගනේ ඉතාලියේම ශුරයා තෙරිමෙ තරගාවලියට මිලානෝ ප්‍රාන්තය වෙනුවෙන් තෙරුනා.

ක්‍රීඩාව හා මාධ්‍ය කලාව … මොකද්ද දැනෙන ෆීලින්ස් එක

ක්‍රීඩාව සහ මාධ්‍ය කලාව.. බල්ලගේ දේ බූරුවා කරනවා. ඇත්තටම රිලවද ගිරවද බෙනේ කියන එකනේ ප්‍රශ්නය වෙලා තියෙන්නෙ .. ඉතින් හිතන්න බෙනේ ඉන්නෙ මොකාද කියන එක ක්‍රීඩාව ට හෝ මාධ්‍ය ට කරන සේවය මොකක්ද .. අපි ආය ඔය ගැන කතා කරන්න ඕනද ? සිස්ටම් හදන්න ඕන රටටම ඉක්මන්ට .. නැත්නම් ලයිට් ඒසී ෆෑන් තියන ගෝත්‍රික රටක තමයි ඉන්න වෙන්නෙ..

සංවාද සටහන  – තුසිත පතිරණ

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *