සමන් රත්නප්‍රිය දොල පිදේනිවලට කෘත ගුණ සලකයි, වර්ජනයෙන් ඉවත් වෙයි

ජාතික වෘත්තීය සමිති පෙරමු‍ණේ සම කැදවුම්කරු සමන් රත්නප්‍රිය මේ ආණ්ඩුව බලයට ගෙන ඒම සදහා වැඩ කළ අයෙකු වන අතර ඒ සදහා ඔහුට වටිනා යාන වාහන පරිත්‍යාග වශයෙන් ලැබුනු බවට පසුගිය කාලයේ මාධ්‍ය මගින් වාර්තා කොට තිබුණි. ඒ හේතුවෙන් තමන්ට සැලකූ එසේම තමන් බලයට පත් කළ මෙ ආණ්ඩුව සුරැකීම සදහා එළඹෙන 05 වන දින යොදාගෙන ඇති සයිටම් විරෝධී වර්ජනයට ඔහු නියෝජනය කරන වෘත්තිය සමිති එක් නොවන බව පවසා සිටියේය. ඒඅනුව
ජාතිකවෘත්තීය සමිති පෙරමුණ නියෝජනය වෘත්තිය සමිති 50ක පමණ සහාය වැඩ වර්ජනයට‍ නොලැබෙන බවත් වෙනදා මෙන් සාමාන්‍ය සේවාවන් හෙට (05) දිනයේ පවත්වාගෙන යන බවත් ඔහු පවසා සිටි.
මාසයකට පමණ පෙර ද මෙවැනි වැඩ වර්ජනයක් සෙසු ක්ෂේත්‍රයන් සහභාගි කර ගනිමින් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය වැඩ වර්ජනයක් සිදු කළ ද, එහිදී සංගමයේ නිලධාරින් හැර සෙසු ක්ෂේත්‍රයන්හි මහජනතාවට දැනෙන ආකාරයේ වැඩ වර්ජනයක් ක්‍රියාත්මක නොවුණ බව ද ඔහු කීය.
මේ වැඩ වර්ජනය සඳහා වෘත්තීය සංගම් 160 ක පමණ සහභාගිත්වයක් ලැබෙන බවට නාම ලේඛනයක් ප්‍රකාශයට පත් කරමින් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ප්‍රකාශ කළ ද, ශ්‍රී ලංකා ජනරජ සෞඛ්‍ය සේවා සංගමයෙහි සහාය ඔවුන්ට ලබා නොදෙන බවත් නමුත් එම සංගමයේ නම ද ඔවුන්ගේ නාමලේඛනයට ඇතුළත් කර ගෙන තිබීම බරපතල ගැටලුවක් බවත් හෙතෙම පැවැසීය.
නාමලේඛනයක සංගම්වල නම් දැම්මා කියලා ඔවුන්ගේ වැඩ වර්ජනය සාර්ථක නොවන බවත් දේශපාලන අරමුණු මුල් කර ගනිමින් ක්‍රියාත්මක කරන මෙවැනි වැඩ වර්ජනවලට සහායදීම සිදු නොකරන බවත් සමන් රත්නප්‍රිය ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *