මළ මිනී ගොඩගනිද්දී චම්පිකගේ නිවසේ සාද

කොළඹ අගනුවර කුණු ප්‍රශ්නයක් නිසා කොලොන්නාව මීතොටමුල්ල පදිංචි අහිංසක ජනතාවට මහා විනාශයක් කරමින් මේ වනවිට ජීවිත ගනනක් අහිමි වී තවමත් නිශ්චිතව සිදු වූ ජීවිත හානි ගනන හරියට ගනනය කිරීමට නොහැකිව තිබියදි, කොළඹ දිස්ත්‍රික් ජනතාවගෙන් කොටසක් ඉතා පිඩාවට පත්ව ඇති අවස්ථාවක රජයේ මැති ඇමතිවරුන් විසින් පවත්වන අලුත් අවුරුදු පාටිවල කිසි අඩුවක් දක්නට නොලැබීම කනගාටුවට කරුණකි.
කුණු කන්දේ ප්‍රශ්නය සදහා සෘජූව මැදිහත් විය යුතු ඇමතිවරයෙකු වූ චම්පික රණවක විසින් ඔහුට අයත් නිළ ඇමති නිවසෙහි මහා සාදයක් අවුරුද්ද නිමිත්තෙන් සංවිධානයකොට තිබිම අපුල දනවන්නක් විනා අන් යමක් නොවන බව පැවසිය යුතුය

මෙවැනි මහා විපතක් ආණ්ඩුවේ වරදින් සිදු වූ අවස්ථාවක අවම වශයෙන් රජය ශෝක කාලයක් ප්‍රකාශයට පත්කොට විපතට පත්වූවන්ට පුලුවන් ආකාරයෙන් සහන සලසවන ලෙසත් හැකිතාක් දුරට උත්සව මෙන්ම සාද පැවත්වීමේන් වැලකී සිටින ලෙසත් ජනතාවගෙන් ඉල්ලා සිටිම කළ යුතු වුවත් ඒ වෙනුවට රජයේ අමාත්‍යවරුන් වෙත ලබාදි ඇති කොළඹ 07 පිහිටි නිල මන්දිරවල අලුත් අවුරුදු රාත්‍රි පාටි දැමීම කොතෙක් දුරට යුක්ති සහගත ද යන්න ජනතාව අනාගතයේදි තීරණය කරනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *