කිසිම හේතුවක් නිසා ඡන්දේ පරක්කු කරන්න බෑ – ජනපති අවධාණය කරයි

පළාත් පාලන ඡන්ද විමසීම කිසිදු හේතුවක් නිසා පමා නොකරන ලෙසත්, ඡන්දය විමසීමට අදාළ පනත් සංශෝධනය කිරීමට වහාම ක්‍රියා කරන ලෙසත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පළාත් සභා හා පළාත් පාලන ඇමැතිවරයාට නියෝග කර ඇතැයි වාර්තා වේ.

පළාත් පාලන ආයතන සීමා නිර්ණය ඇතුළත් ගැසට් පත්‍රය මේ වන විට නිකුත් කර ඇති අතර එක් එක් පළාත් පාලන ආයතනය සඳහා තෝරා පත් කර ගනු ලබන අපේක්ෂක සංඛ්‍යාව ඇතුළත් ගැසට් නිවේදනයද ඉකුත් සතියේ ප්‍රකාශයට පත් කෙරිණි.

පළාත් පාලන ඡන්ද විමසීම තවත් ප්‍රමාද නොකර කඩිනමින් පවත්වන ලෙස ජනාධිපතිවරයා තමාට නියෝග කළ බව පළාත් සභා හා පළාත් පාලන ඇමැති ෆයිසර් මුස්තාපා මහතා පැවසී ය.

ඒ අනුව පළාත් පාලන ඡන්ද විමසීම් (සංශෝධන) පනත් කෙටුම්පතට අවශ්‍ය සංශෝධන මාසයක් ඇතුළත ඇමැති මණ්ඩලය වෙත ඉදිරිපත් කර පාර්ලිමේන්තුවේදී සම්මත කිරීමට කටයුතු කරන බවත් ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු කුඩා පක්ෂ සමඟ ලබන සතියේ සාකච්ඡා කර එම පක්ෂවල කැමැත්ත අදාළ සංශෝධන සඳහා ලබාගන්නා බවත් ඇමැතිවරයා සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *