යශෝධරාව කෙලෙසූ මහානාම නපුංසකයෝ…

අන්තර් පාසල් ක්‍රිකට් තරඟයන්ගේ ප්‍රචාරකවාදී උමතුව පාරේ තොටේ විටින් විට දකින්නට ලැබේ.. කාලයක් මෙය හිසරදයක්ව පැවති අතර එය ක්‍රමයෙන් සමාජ සංවර්ධනයත් සමග කිසියම් පන අදින ස්වභාවයක් පෙන්නුම් කළේය. එහෙත් අද (21) දවසේ සිදුවූ සිදුවීම් දෙකක් විසින් එවැනි ප්‍රචාරක ම්ලේච්ඡත්වයන් තවමත් පහව නොගිය බව පෙන්නුම් කරනු ලබන්නේය. මහානාම විද්‍යාලය කිර්තිමත් ඉතිහාසයකට උරුමකම් කියන පාසලක් වන අතර වර්තමානයේ එය නරුමයන් විසින් කෙලෙසීම ආදි සිසුන් විසින් මෙන්ම එකී පාසලෙහි ගුරුවරුන් විසින්ද අනුමත නොකරනු ලබන්නේය.
ඉදිරි දිනකදී පැවැත්වීමට නියමිත අන්තර් පාසල් ක්‍රිකට් තරගයක් සදහා වන පූර්ව ප්‍රචාරක රථ පෙළපාලියකින් පැමිණි නරුම රැළක් යශෝධරා බාලිකා විද්‍යාලයට කඩා වැදී එහි සිසුවියන්ට අඩන්තේට්ටම් කිරීම හා දේපල වලට අලාභ හානි සිදුකිරීම විවිධ නාලිකා මගින් ප්‍රචාරය කරනු ලැබීය. එය දුටු සැනින් සිහියට නැගෙනුයේ ගෝත්‍රික රැළක් මුව රැළක් පසුපස පන්නා යන ආකාරයකි. පොලු මොගුරු රැගෙන සිසුවියන් පමණක් සිටින පාසලක් අභ්‍යන්තරයට පැමිණ ඝෝෂා කිරීමෙන් ලබන තෘප්තිය කුමක්ද යන්න එහිදී ඕනෑම අයෙකුට නැගෙන ප්‍රශ්නයකි. මෙය පිරිමි කම පරයා ගිය ස්ත්‍රීත්වයද නොවන එහෙත් එවැනි මානවයින්ටද කරන නිගාවක් බදු ක්‍රියාවකි.


කාන්තාවක් ඉදිරියේ පිරිමියෙකු තම හයි හත්තිය පෙන්නීම තරම් අමන හෝ තුප්පහි ක්‍රියාවක් මේ සමාජයෙහි නොවන්නේය. කනගාටුව කරුණ නම් මෙම මහානාම නරුම රැළ එයම සිදුකිරීමය. එහිදී බාලිකාව අභ්‍යන්තරයට පැමිණි මෙම ගොත්‍රික රැලෙහි කිහිප දෙනෙකු ගුරුවරුන් හා යශෝධරා විද්‍යාලයෙහි මුරකරුවන් විසින් අල්ලා ගැනීමෙන් අනතුරව ඔහු පොලීසියට භාරදීමට කටයුතු කරද්දී විද්‍යාලයෙහි ප්‍රධාන දොරටුව අසල සිටි පොලිස් නිලධාරියෙකු එළියට සිටින 500ක් පමණ වන සිසුන් පිරිසකට එම පිරිස මුදවා ලීම සදහා දොරටුව විවෘත කිරීමට කටයුතු කිරිමත් සමග යළිත් යශෝධරා විද්‍යාලය තුළට දැවැන්ත අලාභයක් සිදුකිරීමට ඉඩ කඩ මෙම නරුම රැළයට හිමිවිය. ඔවුන් විසින් අදාළ සිසුවා නිදහස් කොටගගෙන විද්‍යාලයට අලභ හානිද සිදුකොට යන තෙක් පොලීසිය විරුවපට්ටම් ගසා බලාසිටියේය.
මෙම පිරිස නැත තවත් බාලිකා විද්‍යාලයකට කඩා වැදි එහිදීද තම බල පරාක්‍රමය පෙන්වීමට ඉඩක් එතුළින් විවර කර ගත්තේය. කෙසේ නමුත් මෙවැනි අධම ක්‍රියාවන් සදහා ක්‍රියාකළ සිසුන් යැයි හංගවඩු ගසාගත් අමනයින්ට නීතිය මගින් කුමක්ද කරන්නේද යන්න ගැටළුවකි. අදාළ සිදුවීමට දේශපාලනය පැමිණි පසු මෙකී සිසුන් විසින් කිසිවක් සිදු නොකොට ඇති බවත් බාලිකාවන් විසින්ම සිසුන්ට වරදක් කළ බවත් ඔප්පු කිරිම සාමාන්‍යෙයන් සිදුවන්නකි.
එබැවින් දෙමාපියන් ගුරුවරුන් විසින් මෙකී තත්වය පිළිබද කුමක් කරන්නේද යන්න ගැටළවකි. එහෙත් තමන්ට දුවණියක් සිටින අයෙකු තම දියණියට මෙසේ පිරිමි 500ක් පමණ පැමිණ අඩන්තේට්ටම් කිරිම උසුලනුයේ කෙලෙසද යන්න මවක දියණියක හෝ බිරිදක සිටින කිසිවෙකු විසින් හෝ අනුමත කරන්නේද යන්නය.


බිග් මැච් ගැසීම හෝ ඒ සදහා ප්‍රචාරක ආකෘතීන් යොදාගැනීමේ කිසිදු වරදක් නැති අතර එහෙත් මෙවැනි ම්ලේච්ඡත්වයන් ඒ සදහා යොදා ගැනීම කිසිසේත්ම අනුමත නොකරනු ලබන්නක් බව පමණක් පැවසිය යුතුමය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *