UNP යේ වෙනස්කම් රැසක්
එ
එක්සත් ජාතික පක්ෂයට අලුතින් නියෝජ්‍ය නායකයන් පත් නොකිරීමට තීරණය කර ඇතැයි එම පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි. නව නියෝජ්‍ය නායකවරු කිහිප දෙනෙක් පත් කිරීමට පක්ෂය තීරණය කර ඇති බවට මාධ්‍ය වාර්තා පළ වුවත් එවැනි කිසිදු තීරණයක් ගෙන නොමැති බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ට දැනුම්දී ඇත. රංජිත් මද්දුමබණ්ඩාර සරත් ෆොන්සේකා සහ මංගල සමරවීරට එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක තනතුර ලබාදිය යුතු බවට පසුගිය දිනවල මාධ්‍ය වාර්තා පළ වී තිබුණි.